හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

බැංකු කටයුතු පරිස්සමින්

 මුරපදය (පාස්වර්ඩ්)

කළ යුතු දෑ

ශක්තිමත් මුරපදයක් නිර්මාණය කිරීම.

මල්ටි-ෆැක්ට ඔතෙන්ටිකේෂන් (MFA) සක්‍රීය කර තබා ගැනීම.

ආරක්ෂිත පාස්වර්ඩ් කළමණාකරණ මෘදුකාංගයක පාස්වර්ඩ් ගබඩා කර තැබීම.


නොකළ යුතු දෑ

මුරපද කඩදාසිවල ලියා තැබිම.

අන් අය සමඟ එක් වරක් පමණක් භාවිතා කළ හැකි මුරපද (OTP) බෙදා ගැනීම (ශෙයා කිරීම).

සෑම ගිණුමකටම එකම මුරපදයක් භාවිත කිරීම.

උපන්දිනය, හැඳුනුම්පත් අංකය, දුරකථන අංකය වැනි පහසුවෙන් අනුමාන කළ හැකි මුරපදයක් භාවිත කිරීම.


ලොගින් වීම

කළ යුතු දෑ

ඔබේ උපාංගය භාවිතයෙන් ඔබ කරන දේවල් දෙස යමෙක් බලා සිටින බව හැඟේ නම් ඔබේ බැංකු මෘදුකාංගවල සහ ඔන්ලයින් ගිණුම්වල මුරපද වෙනස් කරන්න.


නොකළ යුතු දෑ

වෙනත් අයෙකුට ඔබේ බැංකු මෘදුකාංග සහ ඔන්ලයින් බැංකු ගිණුම් තුළට ඇතුළු වීමට ඉඩ දීම.


සම්බන්ධතාවය (කොනෙක්ටිවිටි)

කළ යුතු දෑ

නිතරම ආරක්‍ෂිත අන්තර්ජාල සබඳතාවක් භාවිත කිරීම.


නොකළ යුතු දෑ

පොදු Wi-Fi ජාලයක් හරහා ඔබේ ඔන්ලයින් බැංකු මෘදුකාංග වලට පිවිසීම.

පොදුවේ පරිහරණය කරන පරිගණක හරහා ඔන්ලයින් බැංකු වෙබ් අඩවි වෙත පිවිසීම.


ලින්ක් සහ වෙබ් අඩවි

කළ යුතු දෑ

ඊ-මේල් / මැසේජ් හරහා ලැබෙන ලින්ක් හොඳින් පරික්ෂා කරන්න.

ඔබේ බැංකුවේ නම සඳහන් කරමින් ලැබෙන ඊ-මේල් පණිවිඩ පිළිබඳව බැංකුවෙන් විමසීම.


නොකළ යුතු දෑ

ඊ-මේල් හෝ සමාජ මාධ්‍ය හරහා ලැබෙන ලින්ක් ක්ලික් කිරීම.

එවැනි නොදන්නා ලින්ක් වලින් ඉල්ලා සිටින ඔබේ කාඩ්පත් වල අංක වැනි දෑ ලබා දීම.


උපාංග (ඩිවයිස්)

කළ යුතු දෑ

අඟුළු ඇරීමට (අන්ලොක්) මුරපදයක්, ඇඟිලි සලකුණ, PIN අංකයක් වැනි ශක්තිමත් ආරක්ෂණ උපක්‍රමයක් භාවිත කිරීම.

භාවිත නොකරන අවස්ථාවේදී උපාංගය අගුළු දමා (ලොක් කර) තිබිය යුතුයි.


නොකළ යුතු දෑ

භාවිත නොකරන විටදී බැංකු සේවා මෘදුකාංග හෝ ඔන්ලයින් බැංකු සේවා ගිණුම් වලට ලොග් වී සිටීම.

උපාංගය Jailbreak හෝ Root ක්‍රම වලින් වෙනස් කිරීම.


යෙදුම් (ඇප්) සහ මෘදුකාංග (සොෆ්ට්වෙයා)

කළ යුතු දෑ

ජංගම දුරකතනයට ඇප්ස් බා ගැනීමේදී සහ ඉන්ස්ටෝල් කිරීමේදී සැලකිලිමත් වීම.

ඇප්ස් වල මූලාශ්‍ර හා එමඟින් ඉල්ලා සිටින පිවිසුම් අවසරයන් පිළිබඳව පරික්ෂා කිරීම.


නොකළ යුතු දෑ

නොදන්නා සැපයුම් කරුවන්ගෙන් හෝ තෙවන පාර්ශවීය මුලාශ්‍ර වලින් මෘදුකාංග ඉන්ස්ටෝල් කර ගැනීම.


වෙබ් අඩවි වල ආරක්‍ෂිත භාවය පරික්ෂා කිරීම

කළ යුතු දෑ

ඔබ ඔන්ලයින් මිලදී ගැනීම් වලදී ගෙවීම් කටයුතු සඳහා පිවිසෙන වෙබ් අඩවි http:// නොව https:// බව තහවුරු කර ගැනීම.


නොකළ යුතු දෑ

ලැබෙන ආරක්ෂක අනතුරු ඇඟවීම් නොසලකා හැරීම.


සැක සහිත කෙටි පණිවිඩ (SMS) සහ ඇමතුම්

කළ යුතු දෑ

කෙටි පණිවිඩයක් නම් එවන්නාගේ අනන්‍යතාවය පිළිබඳව පරික්ෂා කිරීම.

කෙටි පණිවිඩයේ සඳහන් කාරණා පිළිබඳව බැංකුවෙන් විමසීම.


නොකළ යුතු දෑ

ලැබෙන පණිවිඩ වලට ප්‍රතිචාර දැක්වීම හෝ ඉල්ලා සිටින කාඩ්පත් / ගිණුම් විස්තර ලබා දීම.


ප්‍රතිවෛරස් මෘදුකාංග භාවිතය

කළ යුතු දෑ

පිළිගත් හොඳ ප්‍රති (ඇන්ටි) වෛරස් මෘදුකාංගයක් භාවිත කිරීම.


නොකළ යුතු දෑ

කිසිදු අවස්ථාවක ප්‍රතිවෛරස් මෘදුකාංගය අක්‍රිය කිරීම.


පද්ධතිය සහ ප්‍රතිවෛරස් මෘදුකාංග යාවත්කාලින කිරීම

කළ යුතු දෑ

උපාංග නිරන්තරයෙන්ම යාවත්කාලීන කිරීම.

මෙහෙයුම් පද්ධතිය සහ ප්‍රතිවෛරස් මෘදුකාංගය යාවත්කාලින (අප්ඩේට්) කර තබා ගැනීම.






Post a Comment

0 Comments