හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

අන්තිම වටයට

 මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි.

තරුෂි ෆේස්බුක් එකේ එහා මෙහා යමින් හිටියේ. එතකොට එයා දැක්කා අවුරුදු කාලයට ගැළපෙන විවිධ විදියේ ලස්සන පෝස්ට් ශෙයා වෙනවා.

2026 අවුරුදු කුමරිය තරඟය සඳහා දැන්ම ලියාපදිංචි වෙන්න 👑

ආකර්ෂණීය තෑගි දිනාගෙන අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රිය වෙන්න.
ඒවා පුදුම හිතෙන විදියේ දේවල්. ඒවා දැක්කාම දැනෙන්නේ අවුරුදු ෆීලිං එකක්.

ඇය ඇත්තටම අවුරුදු කාලෙට හරිම ආසාවෙන් හිටියේ. ඒ වගේම අවුරුදු කාලෙට ලස්සනට අඳින්නත් ඇය හරිම කැමතියි. ඒ විතරක් නෙවෙයි, තරුෂිට තිබුණු ලොකුම හීනයක් තමයි කවදහරි ජනප්‍රිය වෙන එක. ඉතින් ඇය තීරණය කළා මේ තරඟයට ඉදිරිපත් වෙන්න. බැලූ බැල්මට මේ පේජ් එක ඇත්ත එකක් වගේම තිබුණා. ගොඩාක් ෆලෝවර්ස්ලා, කමෙන්ට්ස් වගේම මීට කලින් දිනපු අයගේ ෆොටෝ එහෙමත් තිබුණා. 

ඉතින් එයා වැඩිය හිතන්නේ නැතුව ඒ තිබුණ ෆෝම් එක පිරෙව්වා. නම, ෆෝන් නම්බර් වගේම ඇයගේ සෝෂල් මීඩියා ගිණුම්වල ලින්ක් එහෙමත් දැම්මා.

මේ විදියට පුරවගෙන යනකොට අන්තිම පියවරට එද්දී,

අවුරුදු ඇඳුමෙන් ගත්ත ඔයාගේ ලස්සනම ඡායාරූපය අප්ලෝඩ් කරන්න

මේ වෙලාවේ ඇය චුට්ටක් ඒ ගැන හිතුවා. හැබැයි ඇය අන්තිමට ෆොටෝ එකක් අප්ලෝඩ් කළා.

මුලදි නම් හැමදේම සාමාන්‍ය විදියට තිබුණා.

ටික වෙලාවකින් ඇයට මැසේජ් එකක් ආවා. ඔබව ඊළඟ වටයට තෝරාගෙන ඇත. ඒ එක්කම ඇයගේ ෆොටෝ එකත් එක්ක තියෙන පෝස්ට් එකක් ආවා. ඒක ශෙයා කරලා මනාප (Votes) ගන්න කියලා එවලා තිබුණා. එයාගේ යාළුවොත් මේකට ලයික් කරලා කමේන්ට් කරලා උදව් කළා. එයා ඇත්තටම ගොඩාක් සතුටු වුණා.

හැබැයි දවස් කීපයකට පස්සේ තත්ත්වය වෙනස් වුණා.

ඇයට නොදන්නා අංකයකින් මැසේජ් එකක් ආවා.

ඒ මැසේජ් එකේ ඇයගේ ෆොටෝ එක ඇටෑච් කරලා තිබුණා.

ඔයා අපි කියන දේ නොකළොත් ඔයාගේ ෆොටෝ එක හැමතැනම ශෙයා කරලා ඔයාව ලැජ්ජ කරනවා.

මේක දැකලා බය වෙච්ච තරුෂි ඉක්මනටම ගිහින් ඔර්ජිනල් පේජ් එක බලන්න හැදුවා. හැබැයි ඒ වෙද්දිත් ඒ පේජ් එක හොයාගන්න බැරි වුණා.

අවුරුදු ෆීලිං එක ගෙනාපු දේම අන්තිමට භයානක දෙයක් වුණා.

තරුෂි හිටියේ කරන්නේ මොනාද කියලා හිතාගන්න බැරුව. ඇය ඉන්ටනෙට් එකේ උදව් ගන්න විදියක් හොය හොය හිටියේ. ඒ අතරේ එයාට හිතවතී ගැන දැනගන්න ලැබුණා. එයා ඉක්මනින්ම හිතවතී එක්ක සම්බන්ධ වුණා. මේක සයිබර් වංචාකරුවන් විසින් කරන වංචනික ඔන්ලයින් තරඟයක් කියලා හිතවතී පැහැදිලි කළා. මේ වගේ පේජ් ඇත්ත වගේ පෙන්නලා පුද්ගලයින්ගේ තොරතුරු හා ෆොටෝ එකතු කරගෙන, පස්සේ ඒවා වැරදි විදියට පාවිච්චි කරනවා කියලත් හිතවතී කිව්වා. මේක තවම තර්ජනයක් පමණක් නිසා ඒ ගැන ඔන්ලයින් පොලීසියට පැමිණිල්ලක් යොමු කරන ලෙසද ඇයට උපදෙස් දුන්නා.  

ඒ වගේම ඇය වැඩිය හිතපු නැති ගණන් ගත්තේ නැති දේවල් ගැනත් කියලා දුන්නා. ඒවා තමයි: තහවුරු නොකළ පේජ්, පුද්ගලික තොරතුරු ඉල්ලීම හා නොදන්නා තැන්වලට ෆොටෝ අප්ලෝඩ් කිරීමේ ඇති අවදානම.


පූර්ව ආරක්ෂණ උපදෙස්


 සෝෂල් මීඩියා හරහා ශෙයා වෙන ඔන්ලයින් තරඟ ගැන කල්පනාවෙන් ඉන්න. 

තහවුරු නොකළ සමාජ මාධ්‍ය වේදිකා වල පුද්ගලික ෆොටෝ අප්ලෝඩ් කරන්න එපා.
හරියට හොයලා බලන්නේ නැතුව පුද්ගලික තොරතුරු හෝ ෆෝන් නම්බර්ස් ශෙයා කරන්න එපා.   

කතාබහ හදිසියේ වෙනස් වෙනවද කියලා අවධානෙන් ඉන්න.
මේවාට සම්බන්ධ වෙන්න කලින් නිල මූලාශ්‍ර හරහා ඒවා සත්‍යදැයි තහවුරු කරගන්න.
සැක සහිත පේජ් හා මැසේජ් වහාම රිපෝට් කරන්න.  

මූලාශ්‍රය: 

https://www.dailymirror.lk/breaking-news/Avurudu-Kumari-competitions-become-a-key-avenue-for-online-scammers-Sri-Lanka-CERT/108-337464

 

 

 

 

 

 

 

Post a Comment

0 Comments