හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔටුන්න හිමි කුමරු


අවුරුදු විසි ගණන් වල පසුවූ රයියන් ගොඩක් වෙලාවට සෝෂල් මීඩියා ඇප්ස් වගේම ඩේටිං ඇප්ස් භාවිතා කරා. එක දවසක් “ශේක් හම්ඩාන් ෆසා” කියලා කෙනෙක් ගෙන් රයියන්ට ස්කවුට් ඇප් එකෙන් පණිවිඩයක් ලැබුණා. රයියන්ට මේ ගැන පොඩි අමුත්තක් දැනුණා. ඒත් එයාට මේ ගැන වැඩිදුර විස්තර හොයන්න ඕන වුණා. ටික වෙලාවකින් රයියන්ට ඒ කෙනාගෙන්ම ඉමෝ හරහාත් මැසේජ් එකක් ආවා.

ශේක් හම්ඩාන් ෆසා : හායි

රයියන්: හෙලෝ

ශේක් හම්ඩාන් ෆසා : ඔයාට කොහොමද? ඔයා ගැන මට පොඩ්ඩක් කියන්නකො.

රයියන්: හොඳින් ඉන්නවා, ඔයා කවුද?


ඒ පුද්ගලයා ඩුබායි රටේ ඔටුන්න හිමි කුමරු කියලා කිව්වා. ඒක අහලා රයියන්ට තවත් සැක හිතුනා. ඒ වගේම මේ ගැන වැඩිදුර විස්තර හොයන්න ආසාවක් ඇති වුණා. ඉතින් රයියන් දිගටම මේ පුද්ගලයා එක්ක චැට් කරන්න ගත්තා.

ශේක් හම්ඩාන් ෆසා : ඔයාට පුළුවන්ද අපේ තාත්තාට රාජකීය සළුවක් ගෙනත් දෙන්න? ඔයා එව්වොත්, මම ඔයාව වෙන රටක යාළුවෙක් කියලා තාත්තාට හඳුන්වලා දෙනවා. ඒ වගේම ඔයාට ඩුබායි එන්න ෆ්‍රී ටිකක් එකකුත් දෙනවා.


රයියන්ට හිතුනා මේ මනුස්සයා මාර කපටියෙක් කියලා.

ශේක් හම්ඩාන් ෆසා : ඔයාට ගන්න බැරි නම් මං ඒක අරන් දීලා ඔයා දුන්නා කියලා කියන්නම්.

රයියන් කිසිම උත්තරයක් නොදී සද්ද නැතුව හිටියා. ඊට පස්සේ…

ශේක් හම්ඩාන් ෆසා : ඔයාගෙ සේවිංස් අකවුන්ට් එකේ සල්ලි ඇති වෙන්න තියෙනවද? මම නයිජීරියාවේ මිනිස්සුන්ට උදව් කරන්න ලොකු ව්‍යාපෘතියක් පටන් ගන්න ඉන්නෙ.

රයියන්: හ්ම්ම්ම්


මේ පුද්ගලයාට ඕන වුනේ රයියන්ව කොහොම හරි කතාවට අල්ල ගන්න. රයියන්ගේ ප්‍රොෆයිල් එකටත් එයා ගොඩක් කැමතියි කිව්වා. රයියන් මේ පුද්ගලයා එක්ක කතාව නවත්වලා මේ ප්‍රශ්නය කියන්න ඕන කාටද කියලා හොයන්න පටන් ගත්තා.

එතකොට එයා හිතවතී කියලා වෙබ්සයිට් එකක් දැක්කා. ඒකෙ තිබ්බ ලයිව් චැට් මාර්ගයෙන් රයියන් මේ වංචාව ගැන හිතවතීට කිව්වා. වංචාකරු එවන කිසිම ලින්ක් එකක් ක්ලික් කරන්න යන්න එපා කියලා හිතවතී රයියන්ට උපදෙස් දුන්නා. ඒ වගේම වංචාකරු එක්ක සිදු කළ සංවාද (චැට්) වල ස්ක්‍රීන්ෂොට් අරගෙන සිද්ධිය ඉමෝ වෙත (feedback@imo.im ඊමේල් හරහා) රිපෝට් කරන ලෙසද රයියන්ට උපදෙස් දුන්නා. වංචාකරුගේ ජංගම දුරකථන අංකය සහ අදාළ ස්ක්‍රීන්ෂොට් සාක්ෂි ලෙස ඉදිරිපත් කරන්න කියල තවදුරටත් ඔහුට පැවසුවා. එසේම ඔහුට මේ පිළිබඳව තම රටේ පොලිස් ස්ථානයට හෝ සයිබර් අපරාධ සම්බන්ධ ඒකකයට පැමිණිල්ලක් ඉදිරිපත් කරන ලෙසටත් දැන්වුවා (රයියන් ලංකාවේ අයෙක් නොවූ නිසා).

රයියන් හිතවතීගේ සහයෝගයට ස්තූතිවන්ත වූ අතර අන් අයට මෙවැනි වංචාවලින් වැළකී සිටීමට උපකාර වන තොරතුරු බෙදා ගැනීම ගැන හිතවතී ඔහුව අගය කළා.


පූර්වාරක්ෂක ඉඟි:

  • වංචාකරුවන්ට කිසිවිටෙක මුදල් ලබා දෙන්න එපා. ඔවුන් සමඟ පුද්ගලික තොරතුරු / පින්තූර බෙදා ගන්න එපා.

  • නව සමාජ මාධ්‍ය ආරාධනා (මිතුරු ඉල්ලීම්) ගැන සැලකිලිමත් වන්න; පිළිගැනීමට පෙර ඒවා හොඳින් පරීක්ෂා කරන්න.

  • ඉතාමත් ආකර්ෂණීය ඇදහිය නොහැකි දීමනා ගැන විමසිල්ලෙන් සිටින්න; ඒවා බොහෝ දුරට වංචා (ස්කැම්) විය හැකිය.

  • මෙම වංචා ඔබේ රටේ නිසි බලධාරීන්ට හෝ උපකාරක දුරකථන සේවා වෙත වාර්තා කරන්න.

Post a Comment

0 Comments