හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

වාර්තා කිරීම (Reporting)

ඔබට ෆේස්බුස් මැසෙන්ජර් හරහා කරදර හිරිහැර කිරීම, ව්‍යාජ ලෙස පෙනී සිටීම, සෘජු තර්ජන, ලිංගික හිංසනය සහ සූරාකෑම හෝ ස්පෑම් (වංචා / spam) වැනි ෆේස්බුක් ප්‍රජා ප්‍රමිතීන්ට (Community Standards) පටහැනි පණිවිඩයක් ලැබුනේ නම්, ඒ පිළිබඳව වාර්තා කිරීමට ෆේස්බුස් ආයතනය ඔබව නිතරම දිරිමත් කරයි. (එහිදී වාර්තාවට බඳුන් වූ තැනැත්තා හට වාර්තා කළේ කවුද යන්න කිසිවිටෙකත් දැනුම් දෙනු නොලැබේ)

මැසෙන්ජර් හරහා සිදුවන යම් ක්‍රියාවක් යමෙකුට ක්ෂණික අනතුරකට තුඩු දෙන බව ඔබට හැඟේ නම්, ආරක්ෂිතව සිටීම සඳහා පොලිසියේ පැමිණිල්ලක් / වාර්තාවක් ගොනු කිරීමටද ඔවුන් උපදෙස් දෙනු ලැබේ.

තවද යමෙකු ඔබට කරදර කරන්නේ නම්, සංවාදය නොසලකා හැරීමෙන් (ignore) හෝ අවහිර කිරීමෙන්ද (block) එම කරදර වළක්වා ගත හැකිය. සංවාදයක් නොසලකා හරින ආකාරය (ignore) සහ යමෙකුගෙන් පණිවිඩ අවහිර (block) කරන්නේ කෙසේද යන්න පිළිබඳව මේ ලිපියෙන් දැන ගන්න.

මැසෙන්ජර් හි සංවාදයක් (conversation) සඳහා ඔබ ප්‍රතිපෝෂණය (feedback) යවන්නේ හෝ වාර්තා කරන්නේ කෙසේද?
මැසෙන්ජර් හි සංවාදයක් සඳහා ප්‍රතිපෝෂණ යැවීමට හෝ වාර්තා කිරීමට සිදු කළ යුතු පියවර පහත පරිදි වේ.

ඇන්ඩ්‍රොයිඩ් (Android):

  1. සංවාදය විවෘත කර ඉහළින් ඇති පුද්ගලයාගේ නම ස්පර්ශ කරන්න.
  2. පසුව පහළට ගොස් (Scroll down) “යම්කිසි වැරැද්දක්” (Something’s Wrong) යන්න මත ස්පර්ශ කරන්න.
  3. වැරැද්ද කුමක්දැයි වටහා දීමට එහි ‘කාණ්ඩය’ (category) තෝරන්න.
  4. ඉන්පසු “ප්‍රතිපෝෂණ යවන්න” (Send Feedback) මත ක්ලික් කරන්න.
  5. සංවාදය සමාලෝචනය සඳහා යැවීමට “සංවාදය වාර්තා කරන්න” > “සම්පූර්ණ සංවාදය වාර්තා කරන්න” (Report Conversation > Report Entire Conversation) යන්න මත ස්පර්ශ කරන්න.




අයිෆෝන් (iPhone) සහ අයිපෑඩ් (iPad):

  1. සංවාදය විවෘත කර ඉහළින් ඇති පුද්ගලයාගේ නම ස්පර්ශ කරන්න.
  2. පසුව පහළට ගොස් (Scroll down) “යම්කිසි වැරැද්දක්” (Something’s Wrong) යන්න මත ස්පර්ශ කරන්න.
  3. වැරැද්ද කුමක්දැයි වටහා දීමට එහි ‘කාණ්ඩය’ (category) තෝරන්න.
  4. ඉන්පසු “ප්‍රතිපෝෂණ යවන්න” (Send Feedback) මත ක්ලික් කරන්න.
  5. සංවාදය සමාලෝචනය සඳහා යැවීමට “සංවාදය වාර්තා කරන්න” > “සංවාදය වාර්තා කරන්න” (Report Conversation > Report Conversation) යන්න මත ස්පර්ශ කරන්න.


මැසෙන්ජර් හි ඔබ හෝ වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටින තැනැත්තෙකු ගැන වාර්තා කරන්නේ කෙසේද?

මැසෙන්ජර් හි ව්‍යාජ ගිණුම් වලට අවසර නැත. එමනිසා, යම් ගිණුමක් ඔබ හෝ ඔබ දන්නා කෙනෙකු හෝ ප්‍රසිද්ධ චරිතයක් (උදාහරණයක් ලෙස: කීර්තිමත් හෝ දේශපාලන චරිතයක්) ලෙස පෙනී සිටින බව දුටුවහොත්  ඔබට පහත පරිදි ඒ ගැන වාර්තා කළ හැකිය;

ඇන්ඩ්‍රොයිඩ් (Android):

  1. චැට්ස් වලින් (Chats), සංවාදය විවෘත කර ඉහළින් ඇති පුද්ගලයාගේ නම ස්පර්ශ කරන්න.
  2. පසුව පහළට ගොස් (Scroll down) “යම්කිසි වැරැද්දක්” (Something’s Wrong) යන්න මත ස්පර්ශ කරන්න.
  3. ‘කාණ්ඩය’ සඳහා “යමෙකු ලෙස පෙනී සිටීම” (Pretending to Be Someone) යන්න තෝරන්න.
  4. ඔවුන් මවාපාන්නේ කවුරුන් ලෙසද යන්න තෝරා “ප්‍රතිපෝෂණ යවන්න” (Send Feedback) මත ක්ලික් කරන්න.
  5. සංවාදය සමාලෝචනය සඳහා යැවීමට “සංවාදය වාර්තා කරන්න” > සම්පූර්ණ සංවාදය වාර්තා කරන්න (Report Conversation > Report Entire Conversation) යන්න මත ස්පර්ශ කරන්න.



අයිෆෝන් (iPhone) සහ අයිපෑඩ් (iPad):


  1. චැට්ස් වලින් (Chats), සංවාදය විවෘත කර ඉහළින් ඇති පුද්ගලයාගේ නම ස්පර්ශ කරන්න.
  2. පසුව පහළට ගොස් (Scroll down) “යම්කිසි වැරැද්දක්” (Something’s Wrong) යන්න මත ස්පර්ශ කරන්න.
  3. ‘කාණ්ඩය’ සඳහා “යමෙකු ලෙස පෙනී සිටීම” (Pretending to Be Someone) යන්න තෝරන්න.
  4. ඔවුන් මවාපාන්නේ කවුරුන් ලෙසද යන්න තෝරා “ප්‍රතිපෝෂණ යවන්න” (Send Feedback) මත ක්ලික් කරන්න.
  5. සංවාදය සමාලෝචනය සඳහා යැවීමට “සංවාදය වාර්තා කරන්න” > සංවාදය වාර්තා කරන්න (Report Conversation > Report Conversation) යන්න මත ස්පර්ශ කරන්න.

ෆේස්බුක් හි ව්‍යාජ ගිණුම් / පිටු වාර්තා කරන්නේ කෙසේද යන්න මෙම ලිපියෙන් දැන ගන්න.

මැසෙන්ජර් හි සංවාදයක් ​ස්පෑම් (වංචා / spam) ලෙස වාර්තා කරන්නේ කෙසේද?

යම් සංවාදයක්  ස්පෑම් ලෙස වාර්තා කිරීමේ පියවර පහත දැක්වේ:

  1. සංවාදය විවෘත කර ඉහළින් ඇති පුද්ගලයාගේ නම ස්පර්ශ කරන්න.
  2. පසුව පහළට ගොස් (Scroll down) “යම්කිසි වැරැද්දක්” (Something’s Wrong) යන්න මත ස්පර්ශ කරන්න.
  3. ඊළඟට “වෙනත්” > ස්පෑම් (Other > Spam) තෝරන්න.
  4. අවසානයේ “ප්‍රතිපෝෂණ යවන්න” (Send Feedback) මත ක්ලික් කරන්න.



මූලාශ්‍රය:
https://www.facebook.com/help/messenger-app/1165699260192280/?helpref=hc_fnav&bc[0]=691363354276356

Post a Comment

0 Comments