හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB3. මගේ දේවල් බලන්න පුළුවන් කාටද?

















{Facebook} 


මේ යටතේ, ඔබ පළකරන තොරතුරු (posts) කා හට බැලීමට හැකිද යන්න සහ කිනම් ආකාරයට ඒවා දිස්වන්නේ ද යන්න ඔබට ආකාර 3 ක සැකසුම් පාලනය කළ හැකියි
.
මගේ ඉදිරියේදී පළ කරන posts බැලීමට හැක්කේ කාටද? ඔබට තෝරා ගැනීම් 4ක් තිබෙනවා.
පොදු (public)
යහළුවන්(friends)
ඹබට පමණයි (only me)
වෙනත්(custom)

මෙහි ඔබ තෝරා ගන්නා අනුපූරකය ඔබේ ඉදිරි posts හා sharing settings වල default සැකසුම ලෙස සැකසෙනවා. එය මීට පෙර ඔබ විසින් පළ කරන ලද posts වලට බලපෑමක් ඇති කරන්නේ නැහැ.
අපට අනුමත කල හැක්කේ මෙය friends ලෙස සැකසීමයි. එසේම අනාගතයේදී ඔබට මෙය වෙනස් කල යුතු නම්, උදාහරණයක් ලෙස ඔබේ facebook මිතුරන් ගෙන් සියළුම මිතුරන්ට දැනගැනීමට අවශ්‍ය නැත්නම් එය postbox හි සැකසිය හැකිය. එක් post එකක් සඳහා මෙම default සැකසුම වෙත පැමිණීමට අවශ්‍ය වන්නේ නැහැ.

එසේම ඔබේ facebook යහළුවන් කාණ්ඩ කර (group) ඔබේ posts තෝරාගත් කාණ්ඩ/ලයිස්තු සඳහා සීමා කිරීම කළ හැකියි. “Custom”  තෝරාගැනීම මගින් මෙම සැකසීම සිදුකල හැකියි.
ඔබ public ලෙස සැකසුම ලබා දෙන්නේ නම් ඔබ ඉතාමත්ම  කල්පනාකාරීවිය යුතුයි. මන්ද ඔබ වරක් පළ කරන එම post එකක් සදහටම අන්තර්ජාලයට මුදාහැරීමක් වන නිසා. ඊට හේතුව වන්නේ “Public” ලෙස සඳහන් posts Google වැනි සෙවුම් යනත්‍ර /සේවා වලින් මුළු ලොවටම(ලෝකයේ ඕනෑම කෙනෙකුට) බැලීමට හැකිවන පරිදි ලබා දීමට හැකියාව පවතින නිසා. 


මීලඟට : FB4. මා විසින් post කරන ලද හෝ tag  වුනු දෑ බැලියහැකිවන්නේ කොහොමද?

Post a Comment

0 Comments