ඩිජිටල් අවකාශය හරහා අත්අඩංගුවට ගැනීමේ වංචා: ඔබ හසුවූවාද නැතිනම් ඊළඟ
ගොදුර ඔබද?
හිතලා
බලන්න: ඔයාගේ ජංගම දුරකථනය නාද වෙනවා. ඇමතුම ආන්සර් කළාට පස්සේ අනෙක් පස ඉන්න නාඳුනන
පුද්ගලයා කියනවා ඔහු පොලිස් නිලධාරියෙක් හෝ සයිබර් අපරාධ අංශයේ නිලධාරියෙක් කියලා.
ඒ වෙලාවේ ඔයාගේ හෘද ස්පන්දනය වේගයෙන් ගැහෙද්දී නැවත ඔවුන් කියනවා ඔයාගේ බැංකු
ගිණුම දැනට විමර්ශනය කරමින් ඉන්නේ හෝ අපේ වැඩකටයුතු වලට සහය නොදුන්නොත් වහාම
අත්අඩංගුවට ගන්න වෙනවා කියලා. මේ අවස්ථාවේදී, ඔවුන් ඔයාගේ මුදල් හෝ පුද්ගලික තොරතුරු ඉල්ලනවා වගේම මේ
වෙන්නේ මොකක්ද කියලා දැනගන්නත් කලින් ඔයාට සියල්ල අහිමි වෙලා තියෙන්න පුළුවන්.
මිනිසුන්ගේ බය, හදිසි ව්‍යාකූල බව සහ
විශ්වාසය යන මානුෂීය කාරණා ඉලක්ක කරගනිමින් ක්ෂණිකව වර්ධනය වන මාර්ගගත වංචාවක් වන
ඩිජිටල් අවකාශය හරහා අත්අඩංගුවට ගැනීමේ වංචා (Digital Arrest Scams) වල භයානක ඇත්ත මෙයයි. විවිධ අංශවල
බලධාරීන් ලෙස පෙනී සිටිමින් වංචාකරුවන් විසින් ඇමතුම්, කෙටි පණිවිඩ හෝ වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් වැනි ඇප් හරහාද ඔබ වෙත ළඟා වේ.
ඩිජිටල් අවකාශය හරහා අත්අඩංගුවට ගැනීමේ වංචාව කියන්නේ මොකක්ද?
වංචාකරුවන් විසින් පුද්ගලයින්ට දුරකථන ඇමතුම්
ලබාදී තමන් අපරාධයකට සම්බන්ධ වී ඇති බව බොරුවට කියයි. එවැනි අවස්ථාවල ඔවුන් මේ
විදියේ දේවල් කියන්න පුළුවන්:
·
“ඔයාගේ දුරකථන අංකය නීති විරෝධී ක්‍රියාවලට
සම්බන්ධ වෙලා තියෙනවා.”
·
“ඔයාගේ බැංකු ගිණුම පිළිබඳව විමර්ශනය කරමින්
ඉන්නේ.”
· “ඔයා අපේ
වැඩකටයුතු වලට වහාම සහයෝගය දුන්නේ නැත්නම් අපිට ඔයාව අත්අඩංගුවට ගන්න සිද්ධ වෙනවා.”
ඔවුන් බොහෝ විට වැදගත් භාෂාවකින් කතා කරනවා
වගේම ඇත්ත බලධාරීන් ලෙස පෙනී සිටින්න බොරු හැඳුනුම්පත් හෝ ලිපි ලේඛන පවා පෙන්වන්න
පුළුවන්.
වංචාකරුවන්
ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
වංචාකරුවන්
නිතරම:
·
නන්නාඳුනන
අංක වලින් ඇමතුම් ලබා ගනියි.
·
වැඩි වේලාවක්
ඔබව ඇමතුමේ තබාගනියි.
·
මේ පිළිබඳව පවුලේ
අයට හෝ මිතුරන්ට නොකියන ලෙස උපදෙස් දෙයි.
· “තහවුරු කිරීම” හෝ “නිෂ්කාශනය
(clearance) කිරීම” සඳහා මුදල් ඉල්ලයි.
· වංචාව ඇත්තක් බව පෙන්වීමට වීඩියෝ කෝල් හෝ මැසේජ් භාවිතා
කරයි.
මේ උපාය මාර්ග
සැලසුම් කර ඇත්තේම බය හා හදිසි කලබලකාරීත්වය ඇති කිරීම සඳහා වන අතර, එමඟින් ඕනෑම
අයෙකු පහසුවෙන්ම ඒවාට හසු විය හැකිය.
පුද්ගලයින් මේ දේවල් විශ්වාස කරන්නේ ඇයි?
ඩිජිටල් තාක්ෂණය හරහා අත්අඩංගුවට ගැනීමේ වංචා
ක්‍රියාත්මක වන්නේ:
·
ක්ෂණිකව ඇති
වන බය නිසා පැහැදිලිව දේවල් කල්පනා කිරීමට නොහැකි වීම.
·
සාමාන්‍යයෙන්
බලධාරීන් පිළිබඳව පවතින ගෞරවය නිසා.
·
හදිසි
තර්ජනය කිරීම් හරහා පුද්ගලයින්ව ක්ෂණික ක්‍රියාවන් වලට පෙළඹවීම.
මෙවැනි
රැවටීම් වලින් කියන්නේ ඔයා නොසැලකිලිමත් පුද්ගලයෙක් කියලා නෙවෙයි. මෙම වංචා
නිර්මාණය කර ඇත්තේම පුද්ගලයින්ගේ විශ්වාසය සූක්ෂමව දිනාගැනීමටයි.
වැඩිම අවදානමක් ඇත්තේ කාටද?
මෙවැනි වංචා ගැන අවබෝධයක් නැති ඕනෑම කෙනෙකු අවදානමට ලක්විය හැක. වංචාකරුවන්
ඔවුන්ගේ පණිවිඩ සත්‍ය සහ විශ්වාසදායක ලෙස පෙන්වීමට උත්සහ කරයි. ඔබට ආරක්ෂා විය
හැකි හොඳම ක්‍රමය නම් මේ වංචා පිළිබඳ අවබෝධයෙන් සිටීම සහ අලුත් තොරතුරු දැන සිටීමයි.
අනතුරු ඇඟවීමේ ලක්ෂණ
පහත
දේවල් සිදු වන්නේ නම් අවධානයෙන් සිටින්න:
· වහාම අත්අඩංගුවට ගන්නා බව කියමින් තර්ජනය කිරීම.
· ඇමතුම පිළිබඳව
කිසිවෙකුට නොකියා රහසිගතව තබා ගන්නා ලෙස කීම.
· හදිසියේ මුදල් එවන ලෙස බලකිරීම.
· වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් හෝ වීඩියෝ කෝල් හරහා නිලධාරීන් ලෙස පෙනීසිටින අය
සම්බන්ධ වීම.
ඇත්ත
නිළධාරීන් මෙවැනි ක්‍රම භාවිතා නොකරයි. කිසිදු නීත්‍යානුකූල ආයතනයක්, පොලිසියේ හෝ
අධිකරණයේ නිලධාරියෙකු දුරකථනය හරහා රහසිගතව මුදල් ගෙවිම් කරන ලෙස ඉල්ලා සිටින්නේ
නැත.
ඔබ ආරක්ෂා වන්නේ කෙසේද?
·
සන්සුන්ව
සිටින්න, බය නොවන්න.
·
කිසිවිටෙක
මුදල් යැවීම හෝ පුද්ගලික තොරතුරු බෙදා ගන්න හදිසි වෙන්න එපා.
·
ඇමතුම වහාම විසන්ධි
කරන්න.
·
නිත්‍යනුකූල
මාර්ග හරහා තොරතුරු වල සත්‍ය/අසත්‍ය බව තහවුරු කරගන්න.
· යම් දෙයක් කිරීමට පෙර විශ්වාසවන්ත පුද්ගලයෙකු සමඟ කතා
කරන්න.
තත්පරයක්
නතර වී සිතීමෙන්, සිදුවිය හැකි විශාල
අලාභයක් වළක්වා ගත හැකිය.
ඔබ ඔවුන්ගේ ඉලක්කයක් වී ඇත්නම් කළ යුතු දේ
·
වහාම ඇමතුම
විසන්ධි කර දමන්න.
·
එම අංකය බ්ලොක්
කරන්න
·
සාක්ෂි ලෙස
කෝල් රෙකෝඩ් හෝ මැසේජ් වල ස්ක්‍රීන්ශොට් තබාගන්න.
·
දැනටමත් ඔබ මුදල්
යවා ඇත්නම්, ඔබගේ බැංකුව අමතන්න.
·
මෙම වංචාව
පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග සඳහා අදාළ ආයතන වලට පැමිණිලි කරන්න.
හැකි ඉක්මනින්
ක්‍රියාත්මක වුණොත්, සිදුවිය හැකි තවත්
අලාභයන් බොහෝමයක් අවම කර ගත හැක.
මතක තබාගන්න
කිසිදු සත්‍ය නීතිමය ආයතනයක් දුරකථන ඇමතුමකින් ඔබව අත්අඩංගුවට ගන්නේ නැත.
කිසිදු නිත්‍යානුකූල ක්‍රියාවලියකට රහසිගතව මුදල් ගෙවීමේ අවශ්‍යතාවයක් ද නැත.
අවබෝධයෙන් සහ අවධානයෙන් සිටීම ඔබගේ හොඳම ආරක්ෂාවයි.
මූලාශ්‍රය:
0 Comments