හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB14.අවහිර කිරීම හෙවත් Blocking

FB14. අවහිර කිරීම හෙවත් Blocking

ඔබේ facebook ගිණුමට වෙනත් අය පිවිසීම වැලැක්වීමට/අවහිර කිරීමට අවශ්‍යනම් මේ කරුණු ඔබගේ අවධානයටයි! ඉහත එක් එක් අංශයන් පිළබඳ විස්තරයක් පහත දැක්වෙනවා.



සීමිත ලැයිස්තුව හෙවත් Restricted list

මෙම ලයිස්තුවට ඇතුලත් කරන්නේ, දැනට ඔබේ facebook මිතුරෙකු ලෙස ඉන්න නමුත් ඔහු/ඇයව ඔබට මිතුරු ගොනුවෙන් ඉවත්කිරීමට (un- friend) අවශ්‍ය නොවන මිතුරකු, ඔබේ සියලුම තොරතුරු ඔහු/ඇය දැකගැනීම පමණක් වැලැක්වීමට උවමනා facebook මිතුරනුයි. ඉන් සිදුවන්නේ මෙයයි; ඔවුන්ට ඔබේ facebook  ගිණුමට පිවිසීමෙන් දැකගත හැකිවන්නේ ඔබේ පොදුවේ ලබාදෙන(public) තොරතුරු පමණයි. නමුත් ඉන් ඔබ ඔහු/ඇය ට සීමිත පරිශීලක සැකසුම් ලබාදී ඇතිබව දැනගන්න ලැබෙන්නේ නැහැ. එසේ දැනගැනීමට ඇති එකම මාර්ගය නම් ඔබ සීමිත පරිශීලක සැකසුම් (restricted list) සිදු නොකල මිතුරකු ඔබේ facebook ගොනුව නිරීක්‍ෂනය කරනු දැක්කොත් පමණයි- මෙය බොහෝදුරට සිදුවන්ට ඇති හැකියාව අඩුයි.

පරිශිලකයන් අවහිර කිරීම (Block users)

ඔබට ඔනෑම කෙනෙකු එක්වරමඅවහිර කිරීම(block)සිදු කල හැකියි. එයින් අදහස් වන්නේ ඔම පුල්ගලයාට ඔබේ facebook  මිතුරකු වීමට නොහැකිවීමයි. ඔබට facebook  හරහා යම් පීඩාවක්, අපහසුතාවක් හෝ නිරන්තරයෙන් කරදරයක් කරන අයෙකු ගෙන් අත්මිදීමට මෙම සුපිරි සැකසුම යොදාගන්න හැකිවෙනවා. නමුත් මතක තබා ගතයුතු කාරණය වන්නේ මෙම සැකසුම මගින් ඔබ දෙදෙනාම පොදුවේ භාවිතා කරන යෙදවුම්,ක්‍රීඩා හෝ කණ්ඩායම් (  apps, games or groups ) වල සිදුකරන ක්‍රියාකාරකම් වලින් ඉවත්වීමක් සිදුනොවන බව.

යෙදවුම් (app) සඳහා වන ආරාධනා අවහිර කිරීම (Block app invites)

ඔබේ facebook  ගොනුවෙන් වෙනත් පුද්ගලයන් සීමාකිරීම හෝ අවහිර කිරීමට අමතරව ඔබට විවිධ යෙදවුම් භාවිතා කිරීම සඳහා එක් එක් facebook පරිශීලකයා වෙතින් ලැබෙන ආරාධනා අවහිර කිරීම මගින් පුලුවන්.  ඉතින්, ඔබේ හිතවතෙකු නිතරම CandyCrush යෙදවුම ක්‍රීඩා කරන ලෙස ආරාධනා (invitations) එවයි නම් ඔබ කලයුතු දේ දැන් දන්නවා!

අවස්ථා/රැස්වීම් (event) සඳහා වන ආරාධනා අවහිර කිරීම (Block event invites)

ඔබේ මිතුරකු/හිතවතෙකු ගෙන් සෑම විවේකී සතිඅන්තයකම පැවැත්වෙන සාදයක්/හමුවක් සඳහා ලැබෙන ආරාධනාවන් ගෙන් ඔබ වෙහෙසට පත් වෙලාද? එසේත් නැත්නම් එසේ නිතර ලැබෙන කැඳවීම් ඔබට කරදරයක් වෙලාද?  මෙම සැකසුම සිදුකිරීමෙන් Facebook පරිශීලකයාගේ නම සඳහන් කිරීමෙන් මින් ඉදිරියට එම පරිශීලකයාගෙන් ලැබෙන ආරාධනා ඔබට දක්නට නොලැබේවි.

යෙදවුම් අවහිර කිරීම (Block apps)

Facebook හි ඇති ඇතැම් ක්‍රීඩා හෝ යෙදවුම් මුලින් ඔබ වඩා කැමැත්තෙන් භාවිතා කල නමුත් ටික කාලයකින් ඔබට එයින් ඉවත් වීමට අවශ්‍ය උනොත්...? ඔව් එහෙම සිදුවුනොත් ඔබට එම යෙදවුම හෝ ක්‍රීඩාව ඉවත් කිරීමට (remove) හෝ අවහිර කිරීමට (block) සිදුකල හැකියි. (පහත Apps you use section’ බලන්න.) ඉන් එවැනි යෙදවුම් වලට ඔබට තවදුරටත් සම්බන්ධ කිරීමට/ ඔබේ පොදු වේ ලබා දී නැති (non-public) තොරතුරු Facebook හරහා ලබා ගැනීමට හැකිවන්නේ නැහැ. එවැනි යෙදවුම් හෝ ක්‍රීඩා පවත්වාගෙන යන්නන් ගෙන් ඔබට ඉ-මේල් ලැබෙයිනම් , එම ඉ-මේල් වල පහළම දක්වා ඇති unsubscribe යොමුව click කිරීම මගින් නිතර ඉ-මේල් පණිවුඩ ලැබීම නවතා ගත හැකියි. 

Post a Comment

0 Comments