හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

පෞද්ගලිකත්වය (Privacy) සහ ආරක්ෂාව (Safety)

ඔබගේ ක්‍රියාකාරී තත්ත්වය (active status) පාලනය කරන්න:
ෆේස්බුක් මැසෙන්ජර් හි ඔබේ මිතුරන් හා සම්බන්ධතා ඔබ ‘ක්‍රියාකාරී’ (active) වීම දැකීම පහත පරිදි පාලනය කළ හැකිය;

ඇන්ඩ්‍රොයිඩ් (Android):

  1. චැට්ස් වලින් (Chats), ඉහළ වම්පස ඇති ඔබගේ පැතිකඩ පින්තූරය (profile picture) ස්පර්ශ කරන්න.
  2. එවිට දිස්වන ‘ක්‍රියාකාරී තත්ත්වය’යන්න (active status) ස්පර්ශ කරන්න.
  3. තිරයේ ඉහළින් ඇති පටිය එහා මෙහා කර ඔබගේ ක්‍රියාකාරී තත්ත්වය සක්‍රිය (on) හෝ අක්‍රිය (off) කරන්න.
  4. “සක්‍රිය “හෝ “අක්‍රිය කරන්න” යන ඔබගේ තේරීම තහවුරු කරන්න.






අයිෆෝන් (iPhone) හෝ අයිපෑඩ් (iPad):

චැට්ස් වලින් (Chats), ඉහළ වම්පස ඇති ඔබගේ පැතිකඩ පින්තූරය (profile picture) ස්පර්ශ කරන්න.
එවිට දිස්වන “ක්‍රියාකාරී තත්ත්වය” යන්න (active status) ස්පර්ශ කරන්න.
තිරයේ ඉහළින් ඇති පටිය එහා මෙහා කර ඔබගේ ක්‍රියාකාරී තත්ත්වය සක්‍රිය (on) හෝ අක්‍රිය (off) කරන්න.
‘සක්‍රිය’ හෝ ‘අක්‍රිය’ කරන්න යන ඔබගේ තේරීම තහවුරු කරන්න.

ඔබ කතාබස් / චැට් කළ යුත්තේ කා සමඟද යන්න පාලනය කරන්න:

පණිවිඩ සැකසීම් (Messaging Settings) වෙනස් කිරීමෙන් ඔබට ඔබගේ දුරකථන අංකයට පණිවිඩ එවිය හැකි පුද්ගලයින් පාලනය කළ හැකිය:

  1. චැට්ස් වලින් (Chats), ඉහළ වම්පස ඇති ඔබගේ පැතිකඩ පින්තූරය (profile picture) ස්පර්ශ කරන්න.
  2. එවිට දිස්වන පණිවිඩ සැකසීම් (Messaging Settings) ස්පර්ශ කරන්න.
  3. ඊළඟට ඔබගේ දුරකථන අංකය ඇති පුද්ගලයින් (People with your phone number) අසල සක්‍රිය හෝ අක්‍රිය කිරීම තෝරන්න.







ඔබේ කතාව (story) නැරඹිය හැක්කේ කාටද යන්න තෝරන්න:

පහත දැක්වෙන පියවර අනුව ඔබේ කතාව දැකිය හැකි සහ නොහැකි අය තෝරා ගත හැකිය.


  1. මැසෙන්ජර් හි, ඉහළ වම්පස ඇති ඔබගේ පැතිකඩ පින්තූරය (profile picture) ස්පර්ශ කරන්න.
  2. පසුව පහළට ගොස් (Scroll down) “කතාව” (story) යන්න ක්ලික් කරන්න.
  3. පොදු (Public), මිතුරන් සහ සම්බන්ධතා (Friends and Connections), මිතුරන් (Friends) හෝ ඔබට අවශ්‍ය අය (Custom) අතුරින් එක් තේරීමක් තෝරන්න.
  4. අවසානයේ එය “සුරකින්න” (Save).





ඔබට කතාවක් අවශ්‍ය නැති පුද්ගලයින් අවහිර කරන්න (block), සඟවන්න (hide) / නොසලකා හරින්න (ignore) හෝ නිශ්ශබ්ද කරන්න (mute):

පහත දැක්වෙන පියවර අනුව ඔබට පුද්ගලයින් සමඟ සම්බන්ධ වීම් අවහිර කිරීම, නොසලකා හැරීම / සැඟවීම හෝ දැනුම්දීම් නිශ්ශබ්ද කිරීම (mute the notifications) මගින් පාලනය කළ හැකිය.

යමෙකුගෙන් පණිවිඩ අවහිර කිරීමට (block messages):

අයිෆෝන් (iPhone) හෝ අයිපෑඩ් (iPad):

චැට්ස් වලින් (Chats), ඔබට අවහිර කිරීමට අවශ්‍ය පුද්ගලයා සමඟ කල සංවාදයක් (conversation) විවෘත කරන්න.
ඊළඟට සංවාදයේ ඉහළින්ම ඇති ඔහුගේ / ඇයගේ නම ස්පර්ශ කරන්න.
ඉන්පසු පහළට ගොස් (Scroll down) ‘බ්ලොක්’ (Block) යන්න ක්ලික් කරන්න.
අවසානයේ “මැසෙන්ජර් මත බ්ලොක් කිරීම” -> බ්ලොක් (Block on Messenger -> Block) යන්න ක්ලික් කරන්න.

ඇන්ඩ්‍රොයිඩ් (Android):

චැට්ස් වලින් (Chats), ඔබට අවහිර කිරීමට අවශ්‍ය පුද්ගලයා සමඟ සංවාදයක් (conversation) විවෘත කරන්න.
ඊළඟට සංවාදයේ ඉහළින්ම ඇති ඔහුගේ / ඇයගේ නම ස්පර්ශ කරන්න.
අවසානයේ “මැසෙන්ජර් මත බ්ලොක් කිරීම” -> බ්ලොක් (Block on Messenger -> Block) යන්න ක්ලික් කරන්න.





සංවාදයක් නොසලකා හැරීමට (ignore) / සැඟවීමට (hide):

අයිෆෝන් (iPhone) හෝ අයිපෑඩ් (iPad):


  1. චැට්ස් වලින් ( Chats), ඔබට නොසලකා හැරීමට / සැඟවීමට අවශ්‍ය පුද්ගලයා සමඟ සිදුකල සංවාදයක් (conversation) විවෘත කරන්න.
  2. ඊළඟට සංවාදයේ ඉහළින්ම ඇති ඔහුගේ / ඇයගේ නම ස්පර්ශ කරන්න.
  3. අවසානයේ පහළට ගොස් (Scroll down) “පණිවිඩ නොසලකා හරින්න” (Ignore Messages) මත ස්පර්ශ කර නැවතත් එය (Ignore Messages) මත ක්ලික් කරන්න.


ඇන්ඩ්‍රොයිඩ් (Android):


  1. චැට්ස් වලින් (Chats), ඔබට නොසලකා හැරීමට / සැඟවීමට අවශ්‍ය පුද්ගලයා සමඟ සිදුකල සංවාදයක් (conversation) විවෘත කරන්න.
  2. ඊළඟට සංවාදයේ ඉහළින්ම ඇති ඔහුගේ / ඇයගේ නම ස්පර්ශ කරන්න.
  3. අවසානයේ පහළට ගොස් (Scroll down) “පණිවිඩ නොසලකා හරින්න” (Ignore Messages) මත ස්පර්ශ කර නැවතත් නොසලකා හරින්න (Ignore) යන්න ක්ලික් කරන්න.






දැනුම්දීම් අක්‍රිය කිරීමට (mute / turn notifications off)

අයිෆෝන් (iPhone) හෝ අයිපෑඩ් (iPad):

සියලුම සංවාද (conversations) සඳහා මැසෙන්ජර් දැනුම්දීම් අක්‍රිය කිරීමට:


  1. චැට්ස් වලින් (Chats), ඉහළ වම්පස ඇති ඔබගේ පැතිකඩ පින්තූරය (profile picture) ස්පර්ශ කරන්න.
  2. එවිට දිස්වන ‘දැනුම්දීම් සහ ශබ්ද’ (Notifications & Sounds) යන්න මත ස්පර්ශ කරන්න.
  3. ඊළඟට ‘බාධා නොකරන්න’ (Do Not Disturb) අසල ස්පර්ශ කරන්න.
  4. දැනුම්දීම් අක්‍රිය කළ යුතු කාලය තෝරන්න.

තනි සංවාදයක් (conversation) සඳහා දැනුම්දීම් අක්‍රිය කිරීමට:


  1. චැට්ස් වලින් (Chats), අදාළ සංවාදය මත වමට අදින්න (swipe).
  2. ඊළඟට බෙල් අයිකනය මත ස්පර්ශ කර දැනුම්දීම් අක්‍රිය කළ යුතු කාලය තෝරන්න.

ඇන්ඩ්‍රොයිඩ් (Android):

සියලුම සංවාද (conversations) සඳහා මැසෙන්ජර් දැනුම්දීම් අක්‍රිය කිරීමට:


  1. චැට්ස් වලින් (Chats), ඉහළ වම්පස ඇති ඔබගේ පැතිකඩ පින්තූරය (profile picture) ස්පර්ශ කරන්න.
  2. එවිට දිස්වන ‘දැනුම්දීම් සහ ශබ්ද’ (Notifications & Sounds) ස්පර්ශ කරන්න.
  3. ඒවා ක්‍රියා විරහිත කිරීමට ‘ඔන්’ (On) අසල ක්ලික් කරන්න.
  4. ඉන්පසු දැනුම්දීම් අක්‍රිය කල යුතු කාලය තෝරා ‘OK’ මත ස්පර්ශ කරන්න. 






තනි සංවාදයක් (conversation) සඳහා දැනුම්දීම් අක්‍රිය කිරීමට:


  1. චැට්ස් වලින් (Chats), අදාළ සංවාදය මත වමට අදින්න (swipe).
  2. ඊළඟට බෙල් අයිකනය මත ස්පර්ශ කර දැනුම්දීම් අක්‍රිය කළ යුතු කාලය තෝරන්න.
  3. ඉන්පසු OK මත ස්පර්ශ කරන්න.



වින්ඩෝස් (Windows)

මැසෙන්ජර් දැනුම්දීම් සක්‍රිය හෝ අක්‍රිය කිරීමට:


  1. පළමුව ගියර් අයිකනය  මත ක්ලික් කරන්න.
  2. ඉන්පසු “දැනුම්දීම්” (Notifications) මත ක්ලික් කරන්න.
  3. අවසානයේ “බාධා නොකරන්න” (Do not disturb) යන්නට පහළින් ක්ලික් කරන්න.

තනි සංවාදයක් (conversation) සඳහා දැනුම්දීම් අක්‍රිය කිරීමට:


  1. සංවාදය විවෘත කරන්න.
  2. ඉහළ දකුණේ තිත් තුන () ක්ලික් කරන්න.
  3. “දැනුම්දීම් නිශ්ශබ්ද කරන්න” (Mute Notifications) යන්න තෝරන්න.
  4. දැනුම්දීම් නිශ්ශබ්ද කිරීමට අවශ්‍ය කාලය තෝරා, පසුව “තහවුරු කරන්න” (Confirm) යන්න ක්ලික් කරන්න.

මූලාශ්‍රය:
https://www.facebook.com/help/messenger-app/1064701417063145/?helpref=hc_fnav&bc[0]=691363354276356

Post a Comment

0 Comments