හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

සයිබර් ආරක්‍ෂක ඉඟි 1



සයිබර් ආරක්‍ෂක ඉඟි ( 1 කොටස)
අන්තර්ජාලය භාවිතයේදී ආරක්‍ෂක පියවර
  1. ඔබ භාවිතා කරන සමාජ වෙබ් අඩවි වල profile හැකිතාක් පෞද්ගලිකව පවත්වා ගැනීම (ඔබ නොදන්නා පුද්ගලයන්ට ඔබේ තොරතුරු පහසුවෙන් දැකගැනීමට නොහැකිවනලෙස) හා නිරතුරුව එහි settings පිළිබඳ සැළකිලිමත් විය යුතුයි.
    ඔබේ පෞද්ගලික තොරතුරු සියල්ල අන්තර්ජාලය හරහා ලබානොදිය යුතුයි.
  2. එසේ ම අන්තර්ජාලයේදී ඔබට හමුවන ඔබ නොදන්නා / නාඳුනන පුද්ගලයන් ගෙන් ප්‍රවේසම් විය යුතුයි.
  3. ඔබ යම්කිසි වෙබ් අඩවියකට/මෘදුකාංග පද්ධතියකට ඇතුල්වීමේදී හෝ ඔබ සිටින ස්ථානය පිළිබඳ දත්ත ලබාගන්නා සේවාවන් සඳහා ඔබේ පෞද්ගලික තොරතුරු ලබාදීමේදී ආරක‍්ෂාව පිළිබඳ දෙවරක් සිතිය යුතුයි.
  4. ඔබේ ඩිජිටල් ‍පිළිබිඹුවල කළමණාකරණය කිරීමේදී වගකීම් සහගත විය යුතුයි.
  5. අන්අයකෙරෙහි ඔබේ ගෞරවනීය සැළකිල්ල දැක්වීම වගේම අන් අය ගේ ආරක්‍ෂාව පිළිබඳවත් වගකීමෙන් කටයුතු කිරීම කළ යුතුයි.
cyberbullying අවස්ථාවකදී කළයුතු දෑ
  1. cyberbully ඔබට සිදුවන්නේ යැයි සැකයක් පවතී නම් වහාම එම පුද්ගලයා/යන් ඔබ හා සම්බන්ධවන මාර්ග අවහිර කරන්න. උදා: සමාජ වෙබ් profile හෝ chat අවහිර (block) කිරීම.
  2. cyberbullying සිදුකරන සාක්‍ෂි ලෙස ඒවායේ තිර පිටපතක් (screenshot) ගැනීම. උදා: chat.
  3. එම තොරතුරු, සාක්‍ෂි වැරදි කරුවන් අල්ලා ගැනීමට අදාල වෙබ් අඩවි නිලධාරීන්ට හෝ ඔබගේ අන්තර්ජාල සේවා සපයන්නාට උපකාර වනුඇත.
  4. ඔබේ ගැටලුව විශ්වාසවන්ත මිතුරෙකුට / මිතුරියකට හෝ ඒ පිළිබඳ දැනුවත් විශ්වාසවන්ත වැඩිහිටියෙකුට පවසන්න.
  5. එවන් අනතුරක දී ඔබේ සහයට ලබැඳි “හිතවතී” ඔබ ලඟින් ම සිටිනා බව අමතක නොකරන්න.
  6. වැඩිදුර උදව් සඳහා පොලීසියට / SLCERT හෝ TechCERT ආයතනයට දන්වන්න( ඒගැන විස්තර මෙතැනින්..)
සයිබර් අවකාශයේ සිදුවන කරදර/අතවරයන් පිළිබඳ පෙර ලිපිය මෙතැනින්…
පොලිසියේ /TechCERT හෝ SLCERT ආයතනයවල සහය ගැනීම පිළිබඳ පෙර ලිපිය මෙතැනින්…

Post a Comment

0 Comments