හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

2020 සයිබර් ආරක්ෂණ තර්ජන – 02 – 5G



ඊළඟට මොකක් වෙයිද?

ඒක හරිම සරල නීතියක් තාක්‍ෂණය ඉතා සීඝ්‍රයෙන් දියුණු වෙනවාත් එක්කම ඒවා වැරදි ලෙස පාවිච්චි කිරීම හා ඒවායේ ආරක්ෂක ගැටළු ද වැඩි වීමට පටන් ගනී. මෙය දියුණු වන තාක්‍ෂණය සමග ඒවා භාවිතා කරන උපකරණවල/ දෘඩාංග වල ඊට අනුකූල වීමේ හැකියාව පිලිබඳ ඇතිවන තත්වයක් ලෙස හඳුනාගතහැකියි.


ඔව් මේකට හේතුව තමයි 5G!

MobileIron ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති බ්‍රයන් ෆොස්ටර්ට මහතා පවසන ආකාරයට,
ජංගම උපකරණයක් මගින් ප්‍රථම වරට දත්ත/තොරතුරු සොරාගැනීමක් හෝ ඒපිලිබඳ ප්‍රතිපත්ති උල්ලංඝනයකිරීමක් සිදුකිරීම සඳහා 5G ප්‍රධානම හේතුකාරකය විය හැකිය.
අතිශය වේගවත් 5G සම්බන්ධතාවය ස්වයං-රිය පදවන කාර්, දුරස්ථ රොබෝ සැත්කම් සහ තනි ඉලක්කම් මිලි තත්පර වලින් තීරණ ගැනීමට අවශ්‍ය බොහෝ යෙදුම් සඳහා උපකාරී වනු ඇත. කෙසේවෙතත්, එය ජංගම උපාංගවල දත්ත හානීවීමේ (නැතීවීමේ) ප්‍රමාණය ද වේගවත් කරනු ඇත. 5G නිසාවෙන් දැනට පවතින ජාල වල ඇති පරිමිතීන් (perimeters) ටිකෙන් ටික නැතිවීම දිගින් දිගටම සිදුවිය හැකි අතර, එම හේතුව නිසා ජාල වල ඇතිවන ආරක්ෂක හිඩැස් සයිබර් අපරාධකරුවන් විසින් පිෂිං (phishing), මිනිසා අතරමැදියකු ලෙස සිටීම (man-in-the-middle), උපාංග අත්පත් කර ගැනීම සහ තවත් බොහෝ ආකාරයේ ප්‍රහාර දියත් කිරීමට භාවිතා කරනු ඇත. ජන ගනී.


ඉන්ටර්නෙට් ආරක්ෂාව සම්බන්ධ සේවා සපයන ආයතනයක් වන ,වොච්ගාර්ඩ් (WatchGuard) හි වාර්තා වලට අනුව අනුව, 5G / Wi-Fi හුවමාරුවේදී ප්‍රහාරකයන් නව අවදානම් සහ අනතුරු සිදුකල හැකි ක්‍රම සොයා ගනු ඇති බවට අනතුරු අගවයි. 5G වේගය සහ විශ්වසනීයත්වය වැනි අංශ වලින් ඉහළ මට්ටමේ අංගයන්ගෙන් යුක්ත වුවත්, ජංගම සෙලියුලර් (cellular) ජාල සහ පොදු වයිෆයි ජාල අතර ස්මාර්ට්ෆෝන් ඒහේ මෙහේ සැරිසරන විට 5G සිට Wi-Fi වෙත මාරුවීමේදී මෙම අනතරුරු දායක තත්වය සහ ආරක්ෂණ අවදානම වැඩි විය හැකි බව එය තවදුරටත් පෙන්වා දෙයි. එමගින් ප්‍රහාරකයන්ට 5G ජංගම දුරකථන වල voice හෝ දත්ත වලට ප්‍රවේශ වීමට හැකියාව ඇත.

තව දුරටත එම වාර්තාව මගින් දත්ත සොරාගැනීම් බොහොමයකට විදුලි සංදේශ, ජංගම උපාංග සහ දුරස්ථපාලක වැනි උපකරණ සම්බන්ධ වනු ඇතැයි අනාවැකි පළ කරයි.

References:
https://www.forbes.com/sites/gilpress/2019/12/03/141-cybersecurity-predictions-for-2020/#19340fae1bc5
https://www.watchguard.com/wgrd-resource-center/predictions-2020

Post a Comment

0 Comments