මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.
සමන් අම්මව පන්සල් එක්කගෙන යන ගමන් හිටියෙ. අම්මා වෙසක් පෝයට සිල් ගන්න එක අනිවාර්යයෙන්ම කරන දෙයක්.
සමන්: අම්මේ, ඔයා සිල් අරන් ආවට පස්සේ අපි වෙසක් බලන්න යමුද? දන්සැල් පැත්තෙත් යමු හොඳේ?
සමන්ගෙ අම්මා: මහන්සි නැත්නම් මම එන්නම්. නැත්නම් පුතා යාළුවො එක්ක යන්න
බීප්! – සමන්ගේ ෆෝන් එකට අඳුරන්නෙ නැති නම්බර් එකකින් වට්ස්ඇප් මැසේජ් එකක් ආවා.
🌼 වෙසක් මහා ඩේටා දන්සැල 2025 🌼
නොමිලේ 50GB ක් දක්වා Data
ශ්‍රී ලංකා ඩිජිටල් බෞද්ධ සංගමයෙන්! 🇱🇰📶
සියලු ජාලවලට වලංගුයි.
👉 https://vesak.dansala.online
🙏 බුදු සරණයි! සුභ වෙසක්! 🌕✨
පණිවිඩය කියවපු සමන් හිනාවෙලා ඔළුව වැනුවා.
සමන්: මාව නම් ගොනාට අන්දවන්න බෑ. මම හිතවතී යූටියුබ් චැනල් එක බලනවා. මේවගේ සයිබර් වංචා ගැන ඒකේ හොඳට කියලා දෙනවා.
නොදන්න අය මේ උගුලට අහුවෙන නිසා සමන් ඒ පණිවුඩය ඉක්මනින් රිපෝට් කරලා ඒ නම්බර් එක බ්ලොක් කරා.
✔ සමන් වගේ වෙන්න – නිතරම හොඳ අවධානයෙන් ආරක්ෂිතව ඉන්න.
🎥 වැඩිදුර සයිබර් ආරක්ෂණ උපදෙස් සඳහා හිතවති YouTube චැනල් එක Subscribe කරන්න!
🛡️ දැනුවත් වීම හරහා ඔබේ ආරක්ෂාව සලසා ගත හැක.
0 Comments