හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබ හෝ වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටින ගිණුමක් හෝ පිටුවක් වාර්තා කරන්නේ කෙසේද?

ඔබ හෝ වෙනත් කෙනෙකු ලෙස පෙනී සිටින ගිණුමක් හෝ පිටුවක් වාර්තා කරන්නේ කෙසේද?

වෙනත් අයෙකු ලෙස පෙනී සිටින ගිණුම් සහ පිටු සඳහා ෆේස්බුක් එකේ අවසර නොමැත. ඔබ මෙන් හෝ ඔබ දන්නා කෙනෙකු ලෙස හෝ  මහජන චරිතයක් (නිදසුනක් ලෙස, ප්‍රසිද්ධ පුද්ගලයෙක්, දේශපාලනඥයෙක්) සේ හෝ පෙනී සිටින ගිණුමක් තිබේ නම්, ෆේස්බුක් ආයතනය වෙත දන්වන ලෙස  අපි ඔබෙන් ඉල්ලා සිටිමු. ඔබට ෆේස්බුක් ගිණුමක් තිබුණත් නැතත්, අන් අය සේ පෙනී සිටින මෙවැනි ගිණුම් වාර්තා කළ හැකිය.
ඔබට අන් අයෙකු සේ පෙනී සිටින ගිණුමක් වාර්තා කිරීමට අවශ්‍ය නම්, පළමුව ඔබ වාර්තා කරන්නේ පැතිකඩක්ද පිටුවක්ද (profile or page) යන්න තීරණය කරන්න.
ඔබට ෆේස්බුක් ගිණුමක් තිබේ නම් සහ පැතිකඩක් වාර්තා කිරීමට අවශ්‍ය නම්: 
1. වෙනත් අයෙකු ලෙස පෙනී සිටින ව්‍යාජ ගිණුමේ පැතිකඩට (profile) යන්න
o   ඔබට එය සොයා ගැනීමට නොහැකි නම්, එම පැතිකඩෙහි භාවිතා කරන නම සෙවුම් (Search) මාර්ගයෙන් සොයා ගැනීමට උත්සාහ කරන්න, නැතිනම් එහි සබැඳියක් (link) එවිය හැකි දැයි ඔබේ මිතුරන්ගෙන් විමසන්න.
2. ආවරණ ඡායාරූපයේ Description: https://static.xx.fbcdn.net/assets/?revision=233439060888347&name=fb-3dotseventsettings-Desktop&density=1 ක්ලික් කර, මෙම ගිණුමට ප්‍රතිපෝෂණලබා දීම හෝ වාර්තා කිරීම (Give feedback or report this profile)තෝරන්න.
3. තිරයේ උපදෙස් අනුගමනය කරමින් වෙනත් අයෙකු සේ පෙනී සිටින ගිණුම වාර්තා කරන්න (Report). 
ඔබට ෆේස්බුක් ගිණුමක් නොමැති නම්, ඔබ හෝ ඔබ දන්නා වෙනත් අයෙකු ලෙස පෙනී සිටින කෙනෙකුව වාර්තා කිරීමට අවශ්‍ය නම් කරුණාකර මෙම පෝරමය පුරවන්න.
සටහන: ඉහත සඳහන් පියවරයන් ෆේස්බුක් පැතිකඩ (profile) වාර්තා කිරීම සඳහා වේ. මහජන චරිතයක් ලෙස පෙනී සිටින ෆේස්බුක් පිටුවක් (page) වාර්තා කිරීම සඳහා කරුණාකර මෙම පෝරමය පුරවන්න.
වෙනත් අයෙකු සේ පෙනී සිටින ගිණුම ඇත්තේ මැසෙන්ජර් (Messenger) එකේ පමණක් නම්, එය ෆේස්බුක් ආයතනයට වාර්තා කරන්නේ කෙසේදැයි  මෙමගින් දැන  ගන්න.
ඉන්ස්ටග්‍රෑම් (Instagram) හි වෙනත් අයෙකු සේ පෙනී සිටින ගිණුමක් වාර්තා කිරීම සඳහා, ඉන්ස්ටග්රෑම් උපකාරක මධ්‍යස්ථානය වෙත පිවිසෙන්න.
 
මූලාශ්‍රය: https://www.facebook.com/help/174210519303259?helpref=uf_permalink

Post a Comment

0 Comments