ඔයත් වයිරල් වුණ ගිබ්ලි පින්තූර අරන් බැලුවද?
AI තාක්ෂණයෙන් හදන ගිබ්ලි (Ghibli) පින්තූර දැන් සෝෂල් මීඩියා පුරාවටම පැතිරිලා (වයිරල් වෙලා) තියෙන්නෙ. මිනිස්සු චිත්‍රපට දර්ශන, වගේම පවුලේ ඡායාරූප හීන ලෝකවල ඉන්න විදියට වෙනස් කරනවා. හැබැයි විශේෂඥයින් නම් කියන්නෙ මේ මෙවලම් පාවිච්චි කරන එකෙන් පෞද්ගලිකත්වය සම්බන්ධ අවදානමක් ගන්න වෙනවා කියලා. ගිබ්ලි පින්තූර හරිම විනෝදජනකයි. ඒත් අපි හිතන්න ඕන අපේ පෞද්ගලික දත්තවලට ඇත්තටම මොකද වෙන්නෙ කියලා.
මේ රැල්ල (ට්‍රෙන්ඩ්) පිටිපස්සෙ තියන අපි හිතන්නෙ නැති පැත්ත ගැන පොඩ්ඩක් බලමු.
- ඔයා AI මෙවලම් සමඟ පුද්ගලික පින්තූර හුවමාරු කර ගත් විට, ඒ පින්තූර තවදුරටත් ඔයාගෙ පාලනයේ නෑ. ඒ නිසා ඔයා හිතපු නැති විදියට මේවා පාවිච්චි කරන්න පුළුවන්.
- AI මෙවලම්, විශේෂයෙන් පින්තූර සෑදීම සඳහා භාවිත කරන ඒවා, ගොඩක් වෙලාවට විශාල දත්ත කට්ටල යොදාගෙන තමයි පුහුණු කරන්නෙ. ඒ නිසා සමහර වෙලාවට ඔයාගෙ ඇත්තම පින්තූර හෝ ඔයාව නිරූපනය කරන (ඔයා වගේ) පින්තූර ඔයා නොදැනුවත්වම වෙනත් පාර්ශවයක් අතට යන්න පුළුවන්.
- ඔයාගෙ දත්ත දැන්වීම් (ad) හරහා ඔයාව ඉලක්ක කර ගැනීමට පාවිච්චි කළ හැකි අතර ඔයා නොදැනුවත්වම තෙවන පාර්ශවයන්ට ලබා දීමට හෝ විකිණීමට හැක.
- AI මෙවලම් වලට පින්තූර හෝ අපි හිතන දේ ලබා දුන්නොත්, ස්ථානය (location) පිළිබඳ දත්ත සහ අනෙකුත් සංවේදී තොරතුරු නිරාවරණය වෙන්න පුළුවන්. මේක විශේෂයෙන්ම දරුවන්ට අවදානම් සහගත වේ.
- මෙම මෙවලම් වලට මුහුණු හඳුනාගෙන (facial recognition) එම දත්ත රැස් කරන්න පුළුවන්. ඊට පස්සෙ ඔයාගෙ අනන්‍යතාවය (identity) අනිසි යොදා ගන්න පුළුවන් වගේම අනවසර ලෙස ලුහුබැඳීමේ අවදානම වැඩි කරන්නත් පුළුවන්.
- මෙම පද්ධති, ඒවා පාවිච්චි කරන අයගේ (users) දත්ත හසුරවන විදිය හා ගබඩා කරන විදිය ගැන හරි විනිවිදභාවයක් පවත්වා ගන්නෙත් නෑ.
ඉතිං, ඊළඟ සැරේ ඔයාගෙ ආසම AI මෙවලම්වලට ගිබ්ලි කමාන්ඩ් එකක් දෙන්න කලින් ඉහත කියපු දේවල් ගැන පොඩ්ඩක් හිතන්න.
යමක් නොමිලේ නම්, එහි මිල ඔබ (සහ ඔබේ දත්ත) වේ!!!
මූලාශ්‍ර:
0 Comments