හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබගේ නම වෙනස් කිරීම හෝ අමතර නම් එකතු කිරීම


පොදු තොරතුරු යනු මොනවාද?

ඕනෑම කෙනෙකුට දැකගත හැකි ආකාරයට ඇති යමක් මේ ලෙස හඳුන්වයි. මේ යටතට අයත් වන අය ලෙස, ඔබගේ මිතුරන් නොවන අය, ෆේස්බුක් භාවිතා නොකරන අය, විවිධ මාධ්‍යයන් හරහා ෆේස්බුක් භාවිතා කරන අය, එනම් මුද්‍රණය කිරීම, විකාශනය කිරීම (උදා: රූපවාහිනිය) සහ අන්තර්ජාලයේ වෙනත් වෙබ් අඩවි. උදාහරණයක් ලෙස, ඔබ කිසියම් රූපවාහිණී වැඩසටහනක් සමිබන්ධයෙන් ජනතාවගේ පොදු මත සහ අදහස් පිළිබඳව දැනගැනීමට මෙම සේවාව භාවිතා කිරීම. මෙය ෆේස්බුක් පිටුවේ එම වැඩසටහනට අදාල ස්ථානයේ හෝ වෙනත් ස්ථානයක දිස්වේ.


සැම විටම ඔබ විසින් හුවමාරු කරන තොරතුරු සියළු දෙනාමට දිස්වේ: ඔබ ඔබගේ ෆේස්බුක් ගිණුමේ පැතිකඩෙහි පුරවන සමහර තොරතුරු පොදු තොරතුරු වේ. එනම් ඔබේ වයස, භාෂාව සහ රට. කිසියම් කෙනෙකුට, ඔබගේ මිතුරකුට හෝ ඤාතියකුට ෆේස්බුක් හරහා ඔබව සම්බන්ධ කර ගැනීමට අවශය වූ විට ඔබව සෙවීමට අවශ්‍ය වන නිසා ඔබගේ ෆේස්බුක් ගිණුමේ ඇති යම් යම් තොරතුරු පොදු එනම් ඔනෑම කෙනෙකුට පෙනෙන ආකාරයට සාදා තිබේ. ඔබේ පොදු පැතිකඩෙහි අඩංගු වන්නේ ඔබගේ නම, ස්ත්‍රී පුරුෂ භාවය, පරිශීලක නාමය සහ පරිශීලක හැඳුනුම් අංකය (ගිණුම් අංකය), පැතිකඩ පින්තූරය, ආවරණය ඡායාරූප සහ ජාලයන් යනාදියයි. මෙම තොරතුරු ඔබව සම්බන්ධ කර ගැනීමට උපකාර වන මාර්ග කිහිපයකි එනම්:
ඔබගේ නම, පැතිකඩ පින්තූරය(Profile picture) සහ ආවරණය ඡායාරූප (cover photo) ඔබට ඔබව හඳුනා ගනී
ලිංගිකත්වය අපට විස්තර කිරීමට (උදා: "ඇය මිතුරෙකු ලෙස එක් කරන්න")
ඔබේ ජාලය ලැයිස්තුගත කිරීම (උදා: පාසල, වැඩපොල) අන් අය ඔබට වඩාත් පහසුවෙන් සොයා ගත හැකිය
පරිශීලක නාමය සහ පරිශීලක හැඳුනුම (උදා: ඔබේ ගිණුමේ අංකය) ඔබගේ පැතිකඩෙහි URL වේ
වයස් පරාසය ඔබට වයස-සුදුසු අන්තර්ගතය ලබා දෙයි
සුදුසු අන්තර්ගත හා අත්දැකීම් ලබා දීමට භාෂා සහ රට අපට උපකාරවත් වේ

ප්‍රසිද්ධියේ බෙදාගනු ලබන ඔබගේ තොරතුරු: ඔබට යම් තොරතුරක් පොදුවේ බෙදා ගැනීමට අවශ්‍ය නම්, (උදා: මෙහිදී ඔබ audience selector එකේ මහජනතාව තෝරා ගන්නා විට) ඒවා පොදු තොරතුරු ලෙස සැලකේ. ඔබ යමක් බෙදාහරින්නේ නම් සහ ඔබට ඔබගේ ප්‍රේක්ෂකයන් (audience) කවුරුන්දැයි නිශ්චිතව නොපෙනේ නම් හෝ වෙනත් පෞද්ගලික සැකසුම් ආදී පොදු තොරතුරු. ඔබ විසින් ෆේස්බුක් එකට යම් පෝස්ට් එකක් දැමීමේදී එය ෂෙයාර් කරන්න හැක්කේ කාටදැයි පාලනය කිරීම සඳහා audience selector  පිළිබඳව වැඩිදුරටත් දැන ගන්න.

වෙනත් අය විසින් බෙදාගත් දේ: අන් අය ඔබ ගැන තොරතුරු බෙදාහරින්නේ නම්, ඔබ ඔවුන් සමඟ බෙදාගත් දෙයක් වුවද ප්‍රසිද්ධ නොකල යුතු දෙයක් නම්, ඔවුනට එය සියළු දෙනාටම පෙනෙන ආකාරයට තෝරා ගත හැකිය. එසේම ඔබ අනෙක් පුද්ගලයන් ප්‍රසිද්ධියේ දමන ලද පෝස්ට් සඳහා ඔබ අදහස් දැමීමේදී ද ඒවා ප්‍රසිද්ධ/ සෑම දෙනාටම දිස් වේ.

ෆේස්බුක් පිටුවල හෝ පොදු කණ්ඩායම් මත පෝස්ට් කිරීම: ෆේස්බුක් පිටු සහ පොදු කණ්ඩායම් පොදු අවකාශයන් වේ. ඔබගේ ෆේස්බුක් ගිණුමේ පිටු සහ ඔබගේ කණ්ඩායම් යම් කෙනෙකුට දිස්වේ නම් ඔවුනට ඔබගේ පෝස්ට් හෝ කමෙන්ට් ද දැකිය හැකි වේ. සාමාන්‍යයෙන් ඔබ ෆේස්බුක් පිටුවට හෝ පොදු කණ්ඩායමකට පෝස්ට් කිරීමේදී හෝ කමෙන්ට් කිරීමේදී එම ලිපිය හෝ කතාව ප්‍රවෘත්තියක් ලෙස වෙනත් ස්ථානයක හෝ ෆේස්බුක් ගිණුමෙන් පිට පළ විය හැකිය.
පොදු තොරතුරු මෙසේ ද සිදුවිය හැකි බව අවධානයෙන් සිටින්න:
ෆේස්බුක් හා අනුබද්ධ නොවුනත් ඔබගේ ගැළුව සඳහා ඔබට ඔවුන් හා සම්බන්ධ විය හැක.
යම් කිසි පුද්ගලයකු ෆේස්බුක් ගිණුමේ හෝ වෙනත් සෙවුම් යන්ත්‍රයක සෙවීමේදී ද ඔබ විසින් දමන ලද පෝස්ට් සහ කමෙන්ට් දිස් වේ.
ඔබ සහ ඔබේ මිතුරන් භාවිතා කරන ෆේස්බුක්-ඒකාබද්ධ ක්‍රීඩා, යෙදුම් සහ වෙබ් අඩවි වලට පිවිසීමේ හැකියාව
ඔවුන්ගේ ග්රැෆික් API වැනි API භාවිතා කරන ඕනෑම කෙනෙකුට ප්‍රවේශ විය හැකි වීම

මූලාශ්‍ර: https://www.facebook.com/help/1090831264320592?helpref=hc_global_nav

Post a Comment

0 Comments