හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

උපාධි සිහිනයට කෙටිම පාර


 

ශිෂ්‍යත්ව විදිහට එන වංචා ගැන දැනගන්න!

සැප්තැම්බර් මාසය කියන්නේ උසස් අධ්‍යාපනය ලබන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට වගේම ළඟදී උපාධිය ගත් අයටත් විශේෂ කාලයක්. ශිෂ්‍යත්ව සහ විශ්වවිද්‍යාල වැඩසටහන් බොහෝ විට ඔවුන්ගේ ඉදිරි සැලසුම්වල කොටසක්.  

මේ අලුත් අවස්ථා හරිම ආකර්ෂණීයයි. ඒ වගේම ඔයාගේ තොරතුරු ඔයාටත් නොදැනීම හොරකම් කරන මා‌ර්ගයක් වෙන්නත් පුළුවන්.

මේ වංචා (scam) සිද්ධ වෙන්නේ කොහොමද?

මේ වගේ වංචා පටන් ගන්නේ විශ්වාසදායක ආයතනයක් හරහා ඔයා ඇත්තටම අයදුම් කරන ශිෂ්‍යත්වයක් හෝ  මූල්‍ය ආධාර අවස්ථාවකින් වෙන්න පුළුවන්. 

  • ඔයාව තෝරාගෙන (selected) කියලා දන්වපු ඊමේල් පණිවිඩයක් ලැබෙනවා.

  • දවස් කීපයකට පස්සේ, ඔයාගේ ගෙවීම් වල හෝ බැංකු විස්තරවල ගැටලුවක් තියෙනවා කියලා කියනවා.

  • ඒ ගැටලුව විසඳන්න ලින්ක් එකක් ක්ලික් කරන්න හරි ෆෝම් එකක් පුරවන්න හරි කියනවා. 

  • ඒ ලින්ක් එක ඔයාගේ තොරතුරු ලබාගන්න හදපු බොරු වෙබ් අඩවියකට යොමු කරනවා. 

  • ඒ විදිහට හොරකම් කරපු ඔයාගේ තොරතුරු වලින් මුදල් වංචා කරන්න හෝ ඔයාගේ වෙනත් ගිණුම්වලට ඇතුල් වෙන්න වංචාකරුවන්ට පුළුවන්. 

මිනිසුන් හිතන දේ සහ ඇත්තටම වෙන දේ

“මං ඇත්තටම මේ ශිෂ්‍යත්වයට ඇප්ලයි කළා. ඒ නිසා මේ ඊමේල් එක ඇත්තක් වෙන්න ඕන.”

වංචාකරුවන් ඇත්ත අයදුම්පත්වල තොරතුරු පාවිච්චි කරලා බොරු පණිවුඩ ඇත්ත වගේ හදන්න පුළුවන්.

“ඊමේල් එකේ මාව තෝරාගෙන කියලා තියෙනවා. ඒ නිසා ඊළඟ වැඩටික කරන්න ඕන.”

ඔයා ඇත්ත ශිෂ්‍යත්වයකට ඇප්ලයි කළා කියලා, ඒ ගැන සඳහන් කරලා එන හැම පණිවුඩයක්ම ඇත්ත කියලා විශ්වාස කරන්න බෑ.

“ශිෂ්‍යත්වය දෙන්න සල්ලි එවන්න ඕන බැංකු විස්තර විතරයි ඉල්ලන්නේ.”

හිතන්නේ නැති විදිහට බැංකු විස්තර ඉල්ලවනම් ඒක කෙලින්ම අදාළ නිල ආයතනයෙන්ම තහවුරු කරගන්න.

“මේ වෙබ්අඩවිය ඇත්ත එකක් වගේම පේනවා.”

වංචාකරුවන් ඇත්ත ශිෂ්‍යත්ව හෝ විශ්වවිද්‍යාල වෙබ්අඩවිවලට සමාන ව්‍යාජ වෙබ්අඩවි නිර්මාණය කරන්න පුළුවන්.

“එයාලට ඕන වෙන්නේ ශිෂ්‍ය ගිණුමට ඇතුල් වෙන (login) තොරතුරු විතරයි.”

ඔයාගේ ශිෂ්‍ය ගිණුම හරහා වැදගත් පෞද්ගලික, අධ්‍යාපනික සහ ගිණුම් තොරතුරු වෙත ඇතුල් වෙන්න පුළුවන්. ඒ වගේ දේකින් සල්ලි නැතිවෙනවට වඩා විශාල ගැටලු ඇති වෙන්න පුළුවන්.

“දැන්ම කළේ නැත්නම් ශිෂ්‍යත්වය නැතිවෙයි.”

ඔයාව හදිසි කරලා දේවල් කරන්න පොළඹවන එකෙන් මේවා ගැන ඇත්ත බොරුව හොයාගන්න තියෙන කාලය නැතිවෙන්න පුළුවන්.

ඔයා ආරක්ෂා වෙන්නේ කොහොමද?

  • විශ්වාසදායක වගේම තහවුරු කළ ශිෂ්‍යත්ව ලබාදෙන අය හරහා පමණක් අයදුම් කරන්න.

  • ඔයා ඇත්තටම අයදුම් කරපු නිසා ලැබෙන හැම පණිවිඩයක්ම ඇත්ත කියලා හිතන්න එපා.

  • බලාපොරොත්තු නොවූ පණිවුඩ හරහා බැංකු විස්තර හෝ පෞද්ගලික තොරතුරු අප්ඩේට් කරන්න කියලා එවන ලින්ක් ක්ලික් කරන්න එපා.

  • එවන්නාගේ සම්පූර්ණ ඊමේල් ලිපිනය හොඳින් පරීක්ෂා කරන්න.

  • අමුුුතු විදිහේ ඉල්ලීම් තියෙනවනම්, ශිෂ්‍යත්ව ලබාදෙන නිල ආයතනය සෘජුවම සම්බන්ධ කර තහවුරු කරගන්න.

  • ඉක්මනින් ක්‍රියා කරන ලෙස බලපෑම් කළත්, මොහොතක් ගෙන ඉල්ලීම තහවුරු කරගන්න.

මතක තියාගන්න

ඔයා ඇත්ත ශිෂ්‍යත්වයකට අයදුම් කළා කියලා, ඒ ගැන ලැබෙන හැම පණිවිඩයක්ම ඇත්ත නෙවේ.

වංචාකරුවන්ට සමාගම් ලාංඡන (logo) ඇත්ත ඒවා වගේම හදන්නත්, ව්‍යාජ වෙබ් අඩවි නිර්මාණය කරන්නත්, ඇත්ත ශිෂ්‍යත්ව අයදුම්පත්වල තොරතුරු පාවිච්චි කරලා විශ්වාසය දිනාගන්නත් පුළුවන්.

ඔවුන් ඔයාගේ ශිෂ්‍ය ගිණුමේ පිවිසුම් තොරතුරු හෝ පෞද්ගලික තොරතුරු ලබා ගත්තොත්, ඒවා වැරදි විදිහට පාවිච්චි කරන්න වගේම ඔයාගේ අනන්‍යතාව (identity) වැරදි විදිහට පාවිච්චි කරන්නත් ඉඩ තියෙනවා. 

ඔයාගේ මුදල් ආරක්ෂා කරන තරමටම, ඔයාගේ ගිණුම් ආරක්ෂා කරගන්න.


මුලාශ්‍රය:



Post a Comment

0 Comments