හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඇත්ත කියන්නේ කවුද? බොරු කියන්නේ කවුද?

 ඔබ මුලා විය හැකි ආරංචි

ව්‍යාජ ප්‍රවෘත්ති (Fake news) කියන්නේ සැබෑ ප්‍රවෘත්ති මෙන් පෙනෙන, අන්තර්ජාලය හරහා පැතිරෙන අසත්‍ය කතාය. මෙය බොහෝ විට සිදු වන්නේ යම් අදහසකට බලපෑම් කිරීමක් ලෙස හෝ විහිළුවක් ලෙසය.

සාවද්‍ය තොරතුරු (Misinformation) යනු රැවටීමේ අදහසක් නොමැතිව පතුරුවා හරින වැරදි තොරතුරු වේ.

බොරු ප්‍රචාර (Disinformation) ලෙස හඳුන්වන්නේ හිතාමතාම රැවටීමට ලක් කිරීමේ අදහස ඇතිව පතුරුවා හරින අසත්‍ය හෝ නොමඟ හරින සුළු තොරතුරු වේ.

හානිකර තොරතුරු (Malinformation) යනු හානියක් කිරීමේ අදහසින් පතුරවනු ලබන සත්‍ය තොරතුරු වේ.


“කටකතා ආලෝකයේ වේගයට වඩා වේගයෙන් ගමන් කරයි”

සමාජ මාධ්‍ය සහ ප්‍රවෘත්ති ඔස්සේ තොරතුරු වේගයෙන් පැතිරෙන අතර, ඒවා ඉක්මනින් බොහෝ පුද්ගලයන් වෙත ළඟා වේ.

AI (කෘතීම බුද්ධිය) මගින් සාදන ලද ව්‍යාජ පින්තූර සහ වීඩියෝ හරහා ළමයින් ඉතා පහසුවෙන් රැවටීමට ලක් වේ.

සමාජ මාධ්‍ය තුළදී යමකට විශාල වශයෙන් ප්‍රතිචාර (ලයික්, කමෙන්ට්) ලැබෙන්නේ නම්, අසත්‍ය පුවත් වුවත් නිතරම පෙන්වා අවුල් සහගත තත්ත්වයන් ඇති කරයි.

මෙම ඇල්ගොරිතම ප්‍රවර්ධනය (algorithmic promotion) ව්‍යාජ පෝස්ට් පවා වැඩි පිරිසකට බලා ගත හැකි විදියට සකස් කර ඇත.

පුද්ගලයන්ට නිතර පේන්නේ ඔවුන් දැනටමත් විශ්වාස කරන දේට ගැළපෙන (suggested) අන්තර්ගතය පමණි. (මෙය echo chamber එකක් නිර්මාණය කරයි)

මෙය විවිධ මත දැකීම අමාරු කාර්යයක් කරන අතර අසත්‍ය හෝ හානිකර තොරතුරු පැතිරීම වැඩි කරයි.


අසත්‍ය තොරතුරු පැතිරෙන ආකාරය

ක්ලික්බේට් (clickbait): ක්ලික් කරවා ගැනීමට ඇමක් ලෙස නිර්මාණය කර ඇති ආකර්ෂණීය සිරස්තල / මාතෘකා බොහෝ විට නොමඟ යවන සුළු හෝ වැරදි තොරතුරු ලබා දීම සිදු කරයි.

නොමඟ යවන (misleading) සිරස්තල: ආකර්ෂණීය නමුත් සෑම විටම ලිපියේ අන්තර්ගතයට නොගැලපෙන සංවේදී සිරස්තල පළ කරයි.

දේශපාලන ප්‍රචාරණය (propaganda): යම් මතයක් ප්‍රචලිත කිරීම හෝ අන් අය ගැන අසත්‍ය තොරතුරු පතුරුවා හැරීම සඳහා දේශපාලන අන්තර්ගතයන් යොදා ගනී.

උපහාසය (satire): හාස්‍යජනක කථා හෝ චිත්‍ර මඟින් දේවල් හාස්‍යයට ලක් කිරීමෙන් බොහෝ විට සැබෑ ප්‍රවෘත්ති ලෙස වරදවා වටහා ගනී.

සරදම (parody): විනෝදය උදෙසා හෝ විවේචනය සඳහා ඇත්ත සිදුවීම් විහිළු කතා හෝ අන්තර්ගතයන් මඟින් හාස්‍යජනක ලෙස වර්ණනාවට හෝ සමච්චලයට ලක් කරයි.

පක්ෂග්‍රාහී ප්‍රවෘත්ති (biased news): යම් විශ්වාසයක් හෝ කරුණක් තහවුරු කිරීම සඳහා මේ පුවත් උදව් කරයි.


අසත්‍ය තොරතුරු හඳුනාගෙන මඟ හැරීමට ක්‍රමයක් තිබේද?

අසත්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම සහ එවැනි පුවත්වලට එරෙහිව ක්‍රියා කිරීම ඉතා වැදගත් වේ.

තොරතුරු පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පරීක්ෂා කරන්න: සමාජ මාධ්‍යවල, ඔවුන්ගේ ප්‍රොෆයිල් එක හෝ ජීව දත්ත බැලීමෙන් ඔබට මෙය කළ හැක.

විමසිල්ලෙන් බලන්න: ලිපියක බොහෝ දුරට නිර්නාමික මූලාශ්‍ර භාවිත කර ඇත්නම් සහ සත්‍යාපිත (verified) මූලාශ්‍ර හෝ සාක්ෂි නොමැති නම්, ඒ ගැන සැකයෙන් බලන්න.

මාතෘකාව පමණක් නොව සම්පූර්ණ ලිපියම කියවන්න. ක්ලික්බේට් (ක්ලික් කිරීමට පොළඹවන ආකර්ශණීය උගුල්) නොමඟ යවන සුළු විය හැක.

විවිධ මූලාශ්‍ර භාවිත කරන්න.

විවේචනාත්මකව සිතන්න.

බලයලත් කරුණු පරීක්‍ෂණ (fact checking) වෙබ්අඩවි වෙත පිවිස කරුණු පරීක්‍ෂා කරන්න.

සැබෑ ලෙස පෙනෙන නමුත් සත්‍ය නොවන ගැඹුරු ව්‍යාජත්වය (deepfakes) ගැන සැලකිලිමත් වන්න.


මූලාශ්‍ර:

https://www.nla.gov.au/faq/what-is-fake-news-misinformation-and-disinformation

https://www.internetmatters.org/issues/fake-news-and-misinformation-advice-hub/learn-about-fake-news-to-support-children/

https://csirt.uct.ac.za/awareness-cybersecurity-month-cybersecurity-month-2020/fake-news-misinformation-and-disinformation-same-same-or-different

https://www.security.org/digital-security/misinformation/

Post a Comment

0 Comments