හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ෆේස්බුක් ගිණුම ලොක් කිරීමේ විකල්පය

  


ෆේස්බුක් හි ඔබේ ගිණුම අගුළු දැමීමේ (ලොක් ප්‍රොෆයිල්) තීරණය සම්පූර්ණයෙන්ම ඔබ සතු වේ. ඔබේ ඉලක්කය ඔබ වටා සිටින පිරිස නැත්නම් ඔබේ ජාලය පුළුල් කර ඉන් ගොඩනැ‌ඟෙන සබඳතා හරහා රංගන / දේශපාලන ක්ෂේත්‍රයේ වැනි වෘත්තියක නියැළීම නම්, අගුළු හරින ලද (unlocked) ගිණුමක් තෝරා ගැනීම උපකාරී වේ. කෙසේ වෙතත්, ප්‍රසිද්ධියේ (පබ්ලික්) පළ වන අන්තර්ගතයන් (උදා: ඡායාරූප, වීඩියෝ සහ වෙනත් පුද්ගලික තොරතුරු) අනිසි ලෙස භාවිතා විය හැකි බව ඔබට නොසලකා හැරිය නොහැක.


මෙටා ආයතනය විසින් ඔබගේ ෆේස්බුක් ගිණුමේ ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය වැඩිදියුණු කිරීම සඳහා ‘ලොක් ප්‍රොෆයිල්’ (Lock Profile) විශේෂාංගය හඳුන්වා දී ඇත. ඔබ ඔබගේ ගිණුම ලොක් කිරීමට තීරණය කරන්නේ නම්, පහත මාර්ගෝපදේශ වෙත යොමු වන්න.


ෆේස්බුක් ගිණුම ලොක් කිරීමේ විශේෂාංගය සීමා සහිත වන්නේ දැනට එය විශේෂිත රටවල පරිශීලකයින් සඳහා පමණක් භාවිත කළ හැකි බැවිනි. ඔබ ඔබේ ගිණුම සුරක්ෂිත කිරීමට තෝරා ගත් විට, ඔබේ ගිණුමේ කුඩා දර්ශනයක් පමණක් මිතුරන් නොවන අයට පෙන්නුම් කරන අතර අගුළු නිරූපකය / නිල් පැහැති ලාංඡනය (  ) මඟින් ඔබේ වැඩිදියුණු කළ රහස්‍යතා සැකසීම් (ප්‍රයිවසි සෙටිංස්) කැපී පෙනෙන ලෙස විදහා පායි.


ෆේස්බුක් ගිණුමක් ලොක් කර ඇති විට, ‘මිතුරන්ට පමණක්’ පහත සඳහන් දේ වෙත පිවිසිය හැක.


ඔවුන්ගේ ගිණුමේ ඡායාරූප සහ පළ කිරීම් (පෝස්ට්).

ඔවුන්ගේ සම්පූර්ණ ප්‍රමාණයේ පැතිකඩ (ප්‍රොෆයිල්) පින්තූරය හෝ කවර ඡායාරූපය (cover photo)

ඔවුන් පළකරන ‘ස්ටෝරිස්’ (stories)

තවද,


හැමෝටම පෙනෙන පරිදි (‘public’) කලින් හුවමාරු කර ගත් සියලුම පෝස්ට් ‘මිතුරන්’ (‘friends’) හට පෙනෙන පරිදි වෙනස් කෙරේ.

නව පළ කිරීම් හුවමාරු වන්නේ මිතුරන් අතර පමණි.

ප්‍රොෆයිල් සහ ටැග් සමාලෝචන (රිවීව්) ස්වයංක්‍රීයව සක්‍රිය වනු ඇත.

ඔවුන්ගේ ගිණුමේ සිටින සියලු දෙනාටම ඔවුන්ගේ තොරතුරුවලින් (’About’) කොටසක් පමණක් පෙනෙනු ඇත.

ඔබගේ ගිණුම ලොක් කරන්නේ කෙසේද?


1) ඔබගේ නමට යටින් ඇති ...  ක්ලික් කරන්න.





2)  ඉන්පසු ‘Lock profile’ තෝරන්න.

3)  යටින් ඇති “Lock your profile” යන නිල්පාට බොත්තම ක්ලික් කරන්න.



කෙසේ වෙතත්, අගුලු දමා ඇති ගිණුම් තුළද, මිතුරු ඉල්ලීම්වල සත්‍යතාව පිළිබඳව විමසිලිමත් වීම ඉතාමත්ම වැදගත් වේ.


මූලාශ්‍රය: https://www.facebook.com/help/196419427651178  



Post a Comment

0 Comments