හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඊළඟ සයිබර් ගොදුර ඔබද?

 



අමාරු ඉලක්කයක් වෙන්න

ඔබ විසින් හුවමාරු (ශෙයා) කර ගන්නා ලද තොරතුරු සයිබර් අපරාධකරුවන් විසින් වැරදි ආකාරයට භාවිතා කළ හැක. ෆිෂිං (රවටා සිදු කරන වංචා) වළක්වා ගැනීමට සහ ඔවුන්ට අමාරු ඉලක්කයක් වීමට පහත පියවර අනුගමනය කරන්න.

• සයිබර් අපරාධකරුවන් රැවටිලිකාර ඊමේල් හෝ පණිවිඩ යැවීමට පබ්ලික් (සැමට පේන සේ පළ කර ඇති) තොරතුරු භාවිතා කරයි. සමාජ මාධ්‍ය ගිණුම්වල ඔබේ පෞද්ගලිකත්ව සැකසීම් (ප්‍රයිවසි සෙටිංස්) අවශ්‍ය පරිදි සකස් කරන්න. එසේම ඔබ යමක් පෝස්ට් කිරීමට පෙර හොඳින් සිතා බලන්න.

• සමාජ මාධ්‍යවල ඔබේ මිතුරන් ඔබ ගැන ශෙයා කර ගන්නා දේ ගැන සැලකිලිමත් වන්න. උදා: ඔබව ටැග් කර ඇති තොරතුරු සහ ඡායාරූප.

• ඔබට සැක සහිත විද්‍යුත් තැපෑලක් (ඊමේල්) කාර්යාලයේ දී ලැබී ඇත්නම්, එය එවැනි ගැටලු පිළිබඳ කටයුතු කරන තොරතුරු තාක්ෂණ අංශයට යොමු කරන්න.


අයියෝ, ක්ලික් කරානෙ! දැන් මොකද වෙන්නෙ???

• බය වෙන්න එපා; ඔයාට කරන්න පුළුවන් දේවල් කීපයක් තියනවා

• ප්‍රති-වයිරස මෘදුකාංගය (ඇන්ටි-වයිරස් සොෆ්ට්වෙයා) විවෘත කර සම්පූර්ණ ස්කෑන් පරීක්‍ෂණයක් කර මෘදුකාංගය ලබා දෙන උපදෙස් අනුගමනය කරන්න.

• ඔබගේ මුරපදය (පාස්වර්ඩ්) එක් ගිණුමක අවදානමට ලක්ව ඇත්නම් සහ ඔබ වෙනත් ගිණුම් සඳහාද එම මුරපදයම භාවිත කර ඇත්නම්, වහාම අනෙකුත් සියලුම ගිණුම්වල පාස්වර්ඩ් වෙනස් කරන්න.

• ඔබට කිසියම් අවස්ථාවක සමාජ ජාල හරහා සිදු වූ වංචාවක් නිසා මුදල් අහිමි වී ඇත්නම්, එය වාර්තා කරන්න:


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය

දුරකථන: 011 238 1045

ඊමේල් : dir.ccid@police.gov.lk


ෆිෂිං (වංචනික) ඊමේල් හඳුනා ගනිමු!

විවිධ ආකාරයේ ඇම යොදා ඔබව වංචාවට හසු කර ගන්නා ෆිෂිං ඊමේල් හඳුනා ගැනීම තරමක් උපක්‍රමශීලී වන අතර වඩාත් ප්‍රවේශම් සහගත පරිශීලකයන් පවා ඊට කොටු විය හැක.

• නම පරීක්ෂා කරන්න: එය ඔබට ආමන්ත්‍රණය කර තිබේද නැතහොත් ‘වටිනා පාරිභෝගිකය’, ‘හිතවත් මිතුරා’ හෝ ‘සගයා’ යනුවෙන් සඳහන් කරන්නේද? මෙයින් ඇඟවෙන්නේ එය එවන්නා සැබවින්ම ඔබව නොදන්නා බවත් ඔබව වංචාවට හසු කර ගැනීමට උත්සාහ කරන බවත්ය.

• සයිබර් අපරාධකරුවන්ට සමාන පෙනුමැති ලාංඡන (logo) ඇතුළත් කිරීමෙන් නිල පෙනුමැති ඊමේල් නිර්මාණය කළ හැකිය. එබැවින් ලාංඡන පිළිබඳව විමසිලිමත් වන්න සහ ඔබට සැකයක් ඇත්නම් තහවුරු කර ගැනීමට නිල වෙබ් අඩවියට පිවිසෙන්න.

• “කල් ඉකුත් වීමට පෙර සබැඳිය (ලින්ක්) ක්ලික් කරන්න” හෝ “ඉල්ලන ලද විස්තර වහා එවන්න” වැනි ක්ෂණික ක්‍රියාමාර්ග අවශ්‍ය වචන / වාක්‍ය තිබේදැයි සොයා බලන්න.

• එවන්නාගේ ඊමේල් ලිපිනය සහ නම හොඳින් පරීක්ෂා කර බලන්න. එය නීත්‍යානුකූල ලෙස පෙනෙන්නේද නැතහොත් යමෙකු ලෙස පෙනී සිටීමට උත්සාහ කරන්නේද?

• ඔබේ බැංකුව කිසි විටෙක ඊමේල් හරහා සංවේදී පුද්ගලික තොරතුරු ඉල්ලන්නේ නැත. ඔබට එවැනි ඉල්ලීමක් ලැබුනේ නම් කෙලින්ම අදාළ බැංකුව අමතන්න.


ෆිෂිං ලිපිය බලන්න.

මූලාශ්‍රය: National Cyber Security Center – https://www.ncsc.gov.uk/

Post a Comment

0 Comments