හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

සයිබර් අවකාශයේ ඔබ ආ ගිය තැන් (ඩිජිටල් පාසටහන)

 
                                         

ඔබේ ප්‍රියතම සපත්තු කුට්ටම මිලදී ගැනීමට සල්ලි එකතු කරන්නත් කලින් ඊට දිරිගන්වන දැනුම්දීම් ලැබුණේ කොහොමද කියලා පොඩ්ඩක් හිතුවද???

ඔබ කැමති දේවල් ගැන මේ විදිහට ඇඩ් නොටිෆිකේෂන් එවන්නේ කවුද…

ඩිජිටල් පාසටහනක් (ෆුට්ප්‍රින්ට්) කියන්නේ මොකක්ද?

සාමාන්‍යයෙන් ඔබ ඔන්ලයින් සිටින සෑම අවස්ථාවකම පාහේ ඔබ අන්තර්ජාලය තුළ සැරිසරන අයුරු සහ ඉතිරි කර යන දත්ත පෙන්නුම් කරන සලකුණක් නිර්මාණය වේ. මාර්ගගත (ඔන්ලයින්) ක්‍රියාකාරකම් පිළිබඳ මෙම වාර්තාව ඩිජිටල් පාසටහන ලෙස හැඳින්වේ. ඔන්ලයින් ක්‍රියාකාරීත්වය වැඩි වීමත් සමඟ ඔබගේ ඩිජිටල් පාසටහන ක්‍රම ක්‍රමයෙන් විශාල වේ.


ඩිජිටල් පාසටහන වර්ධනය වෙන්නේ කොහොමද?

දත්ත එකතු වීමත් සමඟ ඩිජිටල් පාසටහනක් නිර්මාණය වන අතර ඒ සඳහා එක් කළ හැකි තොරතුරු/දත්ත වර්ග දෙකක් ඇත.


ඔබ ඔබේ කැමැත්තෙන් ශෙයා කර ගන්නා තොරතුරු (සක්‍රීය ඩිජිටල් පාසටහන)

ඔබ විසින්ම අන්තර්ජාලය හරහා තොරතුරු බෙදා ගන්නා විට මෙය සිදු වේ. උදාහරණයක් ලෙස, ඔබ සමාජ මාධ්‍යවල පළ කිරීම් කරන විට,රිවීව් / කමෙන්ට් කරන විට, විද්‍යුත්-පොත් සහ ඊ-පුවත්පත් සඳහා ලියාපදිංචි වන විට.


ඔබගේ අනුමැතියකින් තොරව එකතු කරන ලද තොරතුරු (අක්‍රීය ඩිජිටල් පාසටහන)

වෙබ්අඩවියක් කුකීස් හරහා ඔබගේ ඔන්ලයින් ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම, ආයතනයක් ඔබගේ තොරතුරු වෙත ප්‍රවේශ වීම වැනි අවස්ථාවලදී ඔබගේ අනුදැනුමකින් තොරව දත්ත රැස් කරන යෙදුම් (ඇප්) මගින් ඔබගේ තොරතුරු භාවිතා කිරීම සිදු කරයි.


ඔබේ පාසටහනේ ඇති දත්ත (ඩේටා) වර්ග මොනවාද?

  • සාප්පු සවාරි දත්ත (ඔන්ලයින් මිලදී ගැනීම්, බාගත / ඩවුන්ලෝඩ් කිරීම් සහ සාප්පු සවාරි / ෂොපිං ඇප්ස් භාවිතා කිරීම් සඳහා සපයන දත්ත)
  • මූල්‍ය දත්ත (භාවිත කරන බැංකු යෙදුමක ‍හෝ ක්‍රෙඩිට් කාඩ්පතක තොරතුරු)
  • සෞඛ්‍ය සහ යෝග්‍යතා දත්ත (ඔබගේ ව්‍යායාම නිරීක්ෂණය කිරීම සඳහා භාවිත කරන යෙදුම්වල දත්ත, සෞඛ්‍ය සහ යෝග්‍යතා පුවත් පත්‍රිකාවලට / බ්ලොග් අඩවිවලට සබ්ස්ක්‍රයිබ් කිරීමේදී සපයන තොරතුරු)
  • කියවීමේ හා ප්‍රවෘත්ති දත්ත (යෙදුමක් හරහා ප්‍රවෘත්ති කියවීමේදී හෝ ඔබ කියවන පුවත් ලිපි පෝස්ට් කිරීමේදී රැස් වන දත්ත)
  • සමාජ දත්ත (සමාජ මාධ්‍ය ගිණුම් විස්තර සමඟින් වෙබ්අඩවිවලට පිවිසීමේදී හෝ ඔබගේ උපාංග හරහා සමාජ මාධ්‍ය භාවිත කිරීමේදී උපයෝගී කර ගන්නා දත්ත)


ඔබේ ඩිජිටල් පාසටහන වැදගත් වන්නේ ඇයි?

  • එය ඔබගේ ඔන්ලයින් කීර්තිය (reputation) පෙන්වයි.
  • ඔබ ඔන්ලයින් කරන දේ අන් අයට නිරීක්ෂණය කළ හැක.
  • ඔබේ ප්‍රතිරූපයට කැළැලක් ඇති කිරීමේ අරමුණින් ඩිජිටල් පාසටහන අවභාවිත කළ හැක. (අනන්‍යතා සොරකම වැනි)
  • එමඟින් ඔබටම අනන්‍ය වාර්තාවක් (ප්‍රොෆයිල්) නිර්මාණය කළ හැක.

දැන් බලමු, අපේ ඩිජිටල් පාසටහන ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා..

  • ඔබ ස්වකැමැත්තෙන් හුවමාරු (ශෙයා) කරගන්නා දත්ත ප්‍රමාණය සීමා කරන්න.
  • සමාජ මාධ්‍ය සහ වෙබ් බ්‍රව්සර්වල පෞද්ගලිකත්ව සැකසීම් (සෙටිංස්) ශක්තිමත් කරන්න.
  • අමතර ආරක්ෂක ස්ථරයක් ඇති HTTPS වෙබ්අඩවි වෙත පිවිසෙන්න.
  • අනිෂ්ට ක්‍රියාකාරීන් ඔබේ දත්ත රැස් කිරීම වැළැක්වීමට පැරණි ගිණුම් මකන්න (ඩිලීට්).
  • භාවිතා නොකරන අනවශ්‍ය යෙදුම් (ඇප්) ඉවත් කරන්න.
  • යෙදුම් වලට ක්‍රියා කිරීමට අත්‍යාවශ්‍ය අවසරයන් (permission) පමණක් ලබා දෙන්න.
  • VPN (Virtual Private Network) භාවිතා කරන්න.


ඩිජිටල් පාසටහන ගැන වැඩිදුර දැනගන්න



මූලාශ්‍ර:

https://www.allstateidentityprotection.com/content-hub/whats-a-digital-footprint-and-why-does-it-matter 

https://www.digitalcitizenship.nsw.edu.au/articles/leaving-a-digital-footprint

https://www.avg.com/en/signal/what-is-a-digital-footprint

https://giveagradago.com/resources/blog/why-does-your-digital-footprint-matter/

https://clario.co/blog/how-to-protect-your-digital-footprint/

Post a Comment

0 Comments