හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

නිරුවතින් පලිගැනීම


 අසභ්‍ය දර්ශනවල පෙනී සිටින පුද්ගලයාගේ / පුද්ගලයින්ගේ කැමැත්තකින් තොරව ඒවා හුවමාරු කර ගැනීම “revenge porn” (කාමුක දර්ශන භාවිතයෙන් පලිගැනීම) ලෙස හැඳින්වේ. පුද්ගලිකව තබා ගැනීම අරමුණු කරගෙන එකිනෙකා සමීපව හැසිරීමේදී ගන්නා ලද ඡායාරූප, සඟවා කරන ලද පටිගත කිරීම්, ඉලෙක්ට්‍රොනික උපාංගවලින් සොරකම් කරන ලද පින්තූර සහ ලිංගික අතවර පටිගත කිරීම් මෙම දර්ශන ගණයට ඇතුළත් වේ.

වැඩිහිටි / අසභ්‍ය වෙබ්අඩවිවල තම එකඟත්වයක් නොමැතිව පළ කරන ලද සමීප දර්ශන (nonconsensual intimate images) කුමන ආකාරයක වුවද ඒවා තමන්ටම වාර්තා (රිපෝට්) කිරීමට ක්‍රම සහ මෙවලම් කීපයක් තිබේ.

එවැනි අන්තර්ගතයන් වාර්තා කරන්නේ කෙසේදැයි අපි දැන් බලමු.

බොහෝ වැඩිහිටි / කාමුක වෙබ්අඩවිවල ඉවත් කළ යුතු දර්ශන රිපෝට් (Report) කිරීමට ස්ථානයක් තිබේ.

වෙබ්අඩවියේ ඉහළින්ම ඇති ‘support’ (සහාය) මාතෘකාව නැත්නම් වෙබ්අඩවියේ පහළම තීරුවේ ඇති ‘content removal’ (අන්තර්ගතය ඉවත් කිරීම) හෝ ‘contact us (අප හා සම්බන්ධ වන්න) මාතෘකාව සොයා බලන්න. ඔවුන් අනිවාර්යයෙන්ම සම්බන්ධ විය හැකි ඊමේල් ලිපිනයක් හෝ පිරවිය යුතු පෝරමයක් සපයනු ඇත.

පෝර්න්හබ් (Pornhub) හි පලිගැනීමේ අසභ්‍ය දර්ශන රිපෝට් කිරීම

පහත සබැඳිය (ලින්ක්) වෙත ගොස් පෝරමය පුරවා අවසානයේ, “Send” ක්ලික් කරන්න.

Pornhub



එක්ස්හැම්ස්ටර් (Xhamster) හි පලිගැනීමේ අසභ්‍ය දර්ශන රිපෝට් කිරීම

පහත සබැඳිය (ලින්ක්) වෙත ගොස් පෝරමය පුරවා අවසානයේ “Submit” ක්ලික් කරන්න.


Xhamster



X Videos හි පලිගැනීමේ අසභ්‍ය දර්ශන රිපෝට් කිරීම

පහත සබැඳිය (ලින්ක්) වෙත ගොස් පෝරමය පුරවා අවසානයේ “Send this request“ ක්ලික් කරන්න.


X Videos



XXNX හි පලිගැනීමේ කාමුක දර්ශන රිපෝට් කිරීම

පහත සබැඳිය (ලින්ක්) වෙත ගොස් පෝරමය පුරවා අවසානයේ “Send this request” ක්ලික් කරන්න.


XXNX



Sources:

https://revengepornhelpline.org.uk/information-and-advice/reporting-content/reporting-to-adult-sites/

https://www.cagoldberglaw.com/how-to-report-revenge-porn-on-social-media/

https://legalvoice.org/nonconsensual-pornography/

https://www.pornhub.com/content-removal

https://xhamster.com/info/contact

https://info.xvideos.net/takedown

Post a Comment

0 Comments