හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ගෑණියෙක්ද පිරිමියෙක්ද?




නිරූ අවුරුදු විසි ගණන් වල යුවතියක්, එයා කිසිම රැකියාවක් කරේ නැහැ . නිරූ ජීවත් වුණේ එයාගෙ අම්මා එක්ක එයාලා ජීවත් වුණේ ගෙදර පොඩි පොඩි කෑම හදන බිස්නස් එකක් කරලා . ඒ කාලේ තිබුණ ආර්ථික ප්‍රශ්න නිසා, එයාලට කෑම බිස්නස් එකෙන් හම්බවෙන සල්ලි මදි වුණා. නිරූත් එයාගෙ අම්මට මේ තත්ත්වයෙන් ටිකක් හරි ගොඩ එන්න පුලුවන් විදිහට උදව් කළා.

සාමාන්‍යයෙන් නිරූ උදේ අවදි වුණේ පාන්දර 4:30 ට විතර . එයා උදෙන්ම අවදි වුණේ එයාගෙ අම්මාට කෑම හදන්න උදව් වෙන්න. ඊට පස්සේ හවස් වෙනකල් එයාට ගොඩක් විවේකී කාලයක් තිබුණා. නිරූගේ අම්මා පොළට ගියාට පස්සේ නිරූ සාමාන්‍යයෙන් පොඩි නින්දක් දාලා ෆේස්බුක් එකේ එහාට මෙහාට යන එක තමයි කරන්නෙ. එයාට ඔන්ලයින් යාළුවො කීපදෙනෙකුත් මුණගැහුණා. මේ අතරේ ශානිකා කියලා අලුත් යාළුවෙකුත් හිටියා. ශානිකා හැමදාම වගේ නිරූ එක්ක චැට් කරා.

ටික කාලයක් යනකොට ශානිකායි නිරූයි හොඳ යාළුවො වුණා. නිරූ ශානිකාට ගෙදර වෙන හැම දේම කියන්න පටන් ගත්තා. ඒ වගේම ගෙදර තිබ්බ සල්ලි ප්‍රශ්න ගැනත් එයා නිරූට කිව්වා. ශානිකා මේ ඔක්කොම හොඳට අහන් ඉඳලා එයාට පුළුවන් විදියට උදව් කරන්නම් කියලත් කිව්වා.

දවසක් ශානිකා කිව්වා නිරූට ගෑණු ළමයින්ගේ පින්තූර එකතු කරන කෙනෙක් ගැන. ඒ පුද්ගලයා පින්තූර පළ කරන්නේ සාංචාරක සඟරා වල කියලයි කිව්වෙ. ඒ වගේම ඒ යවන පින්තූර වලට හොඳ ගෙවීමකුත් කරනවා කියලා කිව්වා. එයා නිරූගෙ පින්තූර ඒ පුද්ගලයාට යවලා හොඳ ගානක් අරන් දෙන්නම් කියලත් කිව්වා. මේක සල්ලි ටිකක් හොයාගන්න හොඳ විදියක් කියලා නිරූ හිතුවා. ඒ නිසා එයා ශානිකාට ලස්සන පින්තූර ටිකක් යැව්වා .

ශානිකා: ෂා…… මාර ලස්සනයි….මම මේ ටික යවන්නම් අරයට, නිරූ, ඔයාගෙ බෑන්ක් ඩීටේල්ස් මට එවන්නකො කෙල්ලෙ, මම ඒ ටික අරයට යවන්නම්

නිරූ: ගිණුම් අංකය – 0123456789, XYZ බැංකුව, ගම්පහ ශාඛාව, අනේ තැන්ක් යූ ශානිකා මට උදව් කරාට


දවස් දෙකකට පස්සෙ නිරූගෙ ගිණුමට වැටුණ රු 10,000/- ක සල්ලි තැන්පතුවක් ගැන පණිවිඩයක් එයාට බැංකුවෙන් ආවා. එයා ගොඩක් සතුටු වුණා, ඒ ගමන්ම ශානිකාට මැසේ ජ් එකකුත් දැම්මා.


නිරූ: තැන්ක් යූ ශානී, ඔයා නියම යාළුවෙක්

ශානිකා: ආහ් ඕක මොකක්ද කෙල්ලෙ.. තව පින්තූර ටිකක් එවන්නකො එතකොට ඔයාට තව සල්ලි හොයාගන්න පුළුවන්

නිරූ: හරි ඩාලිං මම තව ලස්සන පින්තූර ටිකක් එවන්නම්කො


දවස් කීපයක් ගත වුණා, ශානිකා නිරූට ආයෙත් මැසේජ් කරා.


ශානිකා : මේ ඔයා තව පින්තූර එවන්නෙ නැද්ද? මේ සැරේ වැඩි ගාණක් හොයා ගන්න පුළුවන්.

නිරූ: මම යාළුවෙක් ගෙන් ලස්සන ඇඳුම් ටිකක් ඉල්ල ගත්තා. ඒවා ඇඳගෙන හොඳ පින්තූර ටිකක් එවන්නම්කො.

ශානිකා : මොන ඇඳුම් ද??????? ඔයාට පිස්සුද කෙල්ලෙ? ඇඳුම් නැතුව ෆොටෝ ටිකක් එවන්න අනේ (හා හා)

නිරූ: ඇත්තටමද ඔය කියන්නෙ? ඒක නම් කොහොමත් කරන්න බෑ, ඔයා මොනවද මේ කියන්නෙ? විහිළු කරනවද ?

ශානිකා : විහිළු නෙමේ අනේ.. ඔයා දන්නවද ඒවට ඔයාට කීයක් ගෙවනවද කියලා. රු. 25,000/- ක්. අනිත් එක ඔයා ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නෑ, මොකද ඒ පින්තූර වල ඔයාගෙ ඔළුව අයින් කරනවා. එතකොට කවුරුත් දන්නෙ නෑ ඒ ඔයා කියලා.


නිරූ ටික වෙලාවක් කල්පනා කරා . ඊට පස්සෙ එයා මේ වැඩේට එකඟ වුණා .

කාලය ගෙවිලා ගියා. ශානිකා නිරූට මැසේජ් එවන එක හිමීට නැවතුනා . නිරූ මැසේජ් පිට මැසේජ් යැව්වා . ඒත් නිරූට කිසිම උත්තරයක් ලැබුනේ නම් නෑ. එක දවසක් උදේ නිරූට ශානිකාගෙන් පුදුම හිතෙන මැසේජ් එකක් ආවා. එයා හොඳටම බය වුණා.


ශානිකා : නිරූ ඔයාට කොහොමද? ඔයාගෙ පින්තූර ටික හෙන සෙක්සි!!!!! ඔයාට පුළුවන්ද තව ඒ වගේ ටිකක් එවන්න

නිරූ: ඇයි ඔයා මට කතා කරේ නැත්තෙ ? අනික මට එවපුවට සල්ලි හම්බ වුණෙත් නෑනෙ.

ශානිකා : මොන සල්ලිද? හා හා … මේ මාත් එක්ක වැඩිය නටන්න ලෑස්ති වෙන්න එපා. මම සිකියුරිටි කම්පනියක වැඩ කරන්නෙ. මට ඕන දෙයක් කරන්න පුළුවන්. තමුසෙගෙ චරිතෙ නැතිම කරලා දාන්න වුනත්. අර එවපු පින්තූර ටික හැම තැනම දානවා. කටවහගෙන බලන් ඉන්නවා


වැඩි වෙලා යන්න කලින් නිරූට තේරුණා ශානිකා කියන්නේ ගෑණු වේෂයෙන් ඉන්න පිරිමි හැඟීම් තියන නරක කෙනෙක් කියලා.

ශානිකා හොඳටම ඇඬුවා. කරන්නේ මොනවද කියලා හිතාගන්න බැරි වුණා. ඊට පස්සෙ එයාට මතක් වුණා සයිබර් අවකාශයේ කරදරයට පත් අයට උදව් කරන හිතවතී ගැන. නිරූට මේ ගැන ඇහුණේ රේඩියෝ වැඩසටහනකින්.


එයා වහාම හිතවතීට කෝල් කරා. හිතවතී ඇයට හොඳින් සවන් දුන්නා. ශානිකා මානසිකව ගොඩක් පීඩනයට පත් වෙලා හිටපු නිසා එයා හොඳට ම ඇඬුවා. නිරූ‌ගේ පින්තූර කොහේ හරි ශෙයා කරලා තියනවද කියලා හිතවතී එයාගෙන් ඇහුවා. එයා ඒකට “නෑ ” කිව්වා. ඒ නිසා නිරූට කලබල නොවී ඉන්න කියලත් ඒ වගේ ම ආත්ම විශ්වාසය ඇති කරගන්න කියලා හිතවතී උපදෙස් දුන්නා.


තවද නිරූගෙන් අදාළ පුද්ගලයා ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ද කියා හිතවතී ඇසූ විට ඇය ඊට එකඟ වුණා. එම නිසා හිතවතී ඇයව නොමිලේ නීතිමය උපදෙස් වගේම මානසික උපදේශන සේවාවන් ලබා දෙන කාන්තා පිහිට ආයතනය වෙත යොමු කරා. කාන්තා පිහිට ආයතනයේ උපදෙස් මත, නිරූගෙ පින්තූර සමාජ මාධ්‍ය වල පළ කරොත් ඒවා රිපෝට් කර ඉවත් කිරීමට අවශ්‍ය තාක්ෂණික සහය සඳහා හිතවතීට නැවත කථා කරන ලෙසත් ඇයව දැනුවත් කරා.


Precaution tips:

  • නොදන්නා පුද්ගලයෙ ක් හට පින්තූර යැවීමේ දී, සිය දහස් වාරයක් ඒ පිළිබඳ ව සිතන්න, මන්ද ඔබ යම් පින්තූර යක් යැවූ විට එය සදහටම සයිබර් අවකාශයේ රැඳිය හැක.

  • ළමුන්ට හා කාන්තාවන්ට එරෙහි ඕනෑම ආකාරයක හිරිහැර කිරීම් සඳහා නීති උපදෙස් සහ මනෝ විද්‍යා උපදේශන සේවාවන් නොමිලේ ලබා ගැනීමට කාන්තා පිහිට ආයතනයට කතා කරන්න.

  • ඔබේ පින්තූර / වීඩියෝ හෝ ඔබට හානියක් වන වෙනත් අන්තර්ගතයන් අන්තර්ජාලයේ පළ කර ඇත්නම් ඒවා වාර්තා (රිපෝට්) කර ඉවත් කිරීමට අවශ්‍ය සහය සඳහා හිතවතී අමතන්න.

Post a Comment

0 Comments