හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

කැමැත්ත



මහිත් ගාල්ලේ ඉතා ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලැබූ දක්ෂ සිසුවෙක්. ඔහුගේ පියාද එම ප්‍රදේශයේ ප්‍රසිද්ධ වෛද්‍යවරයෙක්.


මහිත්ගේ වයස අවුරුදු 13 ක් විතර. එයා හරිම දක්ෂ නිසා ඉස්කෝලේ හැම ගුරුවරයෙක්ම වගේ එයාට ආදරේ වුණා. මහිත්ගේ දෙමව්පියොත් එයා ගැන හරිම සතුටෙන් තමයි හිටියෙ. මහිත් එයාගේ දෙමාපියන් තවත් සතුටු කරමින්, මේ අවුරුද්දෙ පැවත්වෙන ඔලිම්පියාඩ් ගණිත තරඟාවලියේ ලංකාව නියෝජනය කරන්න තේරුණා. මහිත් පුදුම සතුටකින් හිටියෙ, ඒ වගේම තමයි එයාගේ දෙමාපියන් සහ ගුරුවරුනුත් ගොඩාක් සතුටු වුණා.


මහිත් තරඟයට ලෑස්ති වෙලා ඒකට සහභාගි වෙන්න විදේශගත වුණා. මහිත්ට තෑග්ගක් දිනන්නත් පුළුවන් වුණා.


මහිත් ලංකාවට ආවේ දිනපු තෑග්ගත් එක්ක. ඒ ගැන හැමෝම සතුටු වුණා. ඉස්කෝලේ ප්‍රධාන රැස්වීමේ දී මහිත්ව ඇගයීමට ලක් වුණා. ඒ වගේම ඡායාරූප සංගමයේ සිසුන් මහිත්ගේ පින්තූර වගයකුත් ගත්තා.


මහිත්ගේ පින්තූර ඉස්කෝලේ සඟරාවේ, වෙබ් අඩවියේ ඒ වගේම නිල ෆේස්බුක් පිටුවේ පළ කරන්න එයාගේ ඉස්කෝලේ ගුරුවරුන්ට ඕන වුණා. ඉස්කෝලෙන් මහිත්ගේ දෙමාපියන්ට කතා කරලා ඔහුගේ පින්තූර පළ කරන්න ඔවුන්ගේ කැමැත්ත ගත්තා.


මෙහෙම කාලය ගත වෙනකොට දවසක් ඉස්කෝලෙන් ගත්ත මහිත්ගේ පින්තූර ඒ පැත්තෙ ගණිතය උගන්වන සර් කෙනෙක් එක දිගටම ෆේස්බුක් එකේ පළ කරනවා මහිත්ගේ අම්මා දැක්කා. ඒවායේ සිරස්තල (කැප්ෂන්) වලට අනුව එයා තමයි මහිත්ට ඉගැන්වුයේ කියලා බොරු ප්‍රචාර කරමින්, ටියුෂන් ක්ලාස් එකට එන ළමයි වැඩි කරගන්න ඇඩ් දාලා තිබුණා.


තම පුතාගේ පින්තූර මේ පුද්ගලයා අයුතු ලෙස බොරු ප්‍රචාර එක්ක පාවිච්චි කරනවා දැකපු මහිත්ගේ දෙමාපියන්ට තරහ ගියා. මහිත්ගේ අම්මා හිතවතී ට මේ සම්බන්ධයෙන් කථා කළා.


ඇයට ෆේස්බුක් එකේ අනවසරයෙන් පළ කරන ලද පෝස්ට් වාර්තා (රිපෝට්) කරන්න කියලා හිතවතී උපදෙස් දුන්නා. ෆේස්බුක් ඇප් එක හරහා රිපෝට් කරන විදියත් කියලා දුන්නා.


එසේ රිපෝට් කර සතියකින් පමණ පසුවත් පින්තූර අයින් වුණේ නැත්නම් උසස් වාර්තාකරණය සඳහා හිතවතී ට කථා කරන්න කියලත් ඇයට උපදෙස් දුන්නා. ඒ වගේම මේ සම්බන්ධයෙන් ගන්න පුළුවන් නීතිමය පියවර පිළිබඳවත් විස්තර කරලා අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමාජ මාධ්‍ය පැමිණිලි අංශය වෙත ඇයව යොමු කරා.


පූර්වාරක්ෂක ඉඟි:

  • ශ්‍රී ලංකාවේ නීතියට අනුව කෙනෙකුට වෙනත් තැනැත්තෙකුගේ පින්තූර ඔවුන්ගේ අනුමැතියකින් තොරව පළ කිරීමට නොහැකිය. අන්තර්ගතය ළමයෙකුගේ නම් (වයස අවුරුදු 18 ට අඩු) දෙමාපිය හෝ භාරකරුගේ කැමැත්ත ලබා ගත යුතුය. එම කැමැත්ත ලිඛිතව ලබා ගැනීම වඩාත් සුදුසු වේ.
  • ඔබගේ අනුදැනුමකින් තොරව ඔබගේ පින්තූර / වීඩියෝ හෝ ඔබට හානියක් වන වෙනත් අන්තර්ගතයක් අන්තර්ජාලයේ පළ වී ඇත්නම් වාර්තා (රිපෝට්) කර ඉවත් කර ගැනීම සඳහා හිතවතී අමතන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.ccid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.


Post a Comment

0 Comments