හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

පාඩු නොවන ඔන්ලයින් ඩේටිං

 



ප්‍රේමය සඳහා අලුත් පුද්ගලයින් හඳුනාගැනීමට තියෙන විනෝදාත්මක විදියක් තමයි ඔන්ලයින් ඩේටිං (dating) කියන්නෙ. කොහොම වුනත් ඩේටිං වලදී තමන්ට හානියක් නොවන ලෙස පරිස්සම් වෙන එක හරිම වැදගත්. අපි කියන සරල ටිප්ස් ටික බලලා ඔයාගෙ පෞද්ගලික තොරතුරු ආරක්ෂා කරගන්න පුළුවන්. අනවශ්‍ය අවදානමක් ගන්න ඕනත් නෑ.

ඔන්ලයින් ඩේටිං වලදී අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඕන දේවල් ටිකක් අපි දැන් බලමු:

 ඔයාව හඳුනගන්න පුළුවන් නමක් (username) මුලදිම පාවිච්චි කරන්න එපා. ඔයාට යම් පහසුවක් දැනෙන තුරු ඔයාව සම්බන්ධ කර ගත හැකි තොරතුරු දෙන්න එපා.

 ඔයාගෙ ගිණුම ආරක්ෂා කරගන්න ඕන නම් හැමෝම පාවිච්චි කරන (පබ්ලික්) පරිගණක ඒ සඳහා ගන්න එපා. ඒ වගේම ඊමේල් වල ඇමුණුම් වලින් පරිස්සම් වෙන්න ඕන. වයිරස් ගාඩ් එක අප්ඩේට් කරන්නත් අමතක කරන්න එපා.

 අදාළ පුද්ගලයින් පිටතදී හමුවීමට කලින් ඔවුන්ව ඔන්ලයින් මාර්ග ඔස්සේ හොඳින් හඳුනාගැනීමට ඔයාට අවශ්‍ය කාලය ගන්න.

 ඉතා ඉක්මනින් ගොඩක් විස්තර එළියට දෙන්න එපා.

 හමුවෙන්න කලින් පුළුවන් හැම විදියකින්ම එයා ගැන තොරතුරු විමසලා බලන්න.

 අලුතින් ඔන්ලයින් හඳුනගත්ත ගමන් කිසිම පුද්ගලයෙක්ට සල්ලි දෙන්න යන්නවත් මූල්‍ය තොරතුරු කියන්නවත් ඕන නෑ.

 ඔයාට තේරෙන විදහට යම් හැසිරීමක් අහිතකර / අපරාධකාරී හෝ සැක සහිතනම් වහාම වාර්තා (රිපෝට්) කරන්න.

 කෝල්, චැට් හෝ ඊමේල් වලින් කොහොම ළං වුනත් අදාළ පුද්ගලයා ඔයා තාම හරියටම දන්නෙ නැති (stranger) කෙනෙක් කියලා මතක තියාගන්න.

 ඉතාම ඉක්මනින් ආදරෙයි කියලා කිව්වොත්, මුදල් ඉල්ලුවොත්, නැත්නම් ඔයාට මුදල් දෙන්න හැදුවොත් ඒ වගේම මොකකට හරි තර්ජනය කරොත් පරිස්සමින්. මෙවැනි ක්‍රියා ගොඩාක් දුරට වංචාවල සලකුණු.

ඔන්න ඉතිං ඩේටිං වලදී සතුටින් වගේම පරිස්සමින්!


මූලාශ්‍රය:

https://www.getsafeonline.org/personal/articles/online-dating/

Post a Comment

0 Comments