හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ටෙලිග්‍රෑම් (Telegram) හි වාර්තා (රිපෝට්) කිරීම

                                   

ටෙලිග්‍රෑම් (Telegram) කියන්නේ වර්තමානයේ නොමිලේ ඇමතුම්, පණිවිඩ (මැසේජ්) යැවීම සහ වේගවත් ලෙස ගොනු (ෆයිල්) හුවමාරු කර ගත හැකි විකල්ප සහිත ජනප්‍රිය පණිවිඩ යැවීමේ යෙදුමක් (ඇප් එකක්). මෙම යෙදුම ඔබේ උපාංග ඕනෑම ගණනක එකවර භාවිතා කළ හැක. අනෙකුත් බොහෝ පණිවිඩ යෙදුම්වල මෙන්, ටෙලිග්‍රෑම් යෙදුමෙත් නුසුදුසු දේවල් සිදු විය හැක. එබැවින් පහත දක්වා ඇති එවැනි ගැටළු වාර්තා කරන්නේ කෙසේදැයි කියා ටෙලිග්‍රෑම් විසින් අනාවරණය කර ඇත.


ටෙලිග්‍රෑම් හි නීති විරෝධී අන්තර්ගතයන් රිපෝට් කරන්නේ කෙසේද?

ටෙලිග්‍රෑම් හි සැමට ලබා ගත හැකි (පබ්ලික්) ස්ටිකර් කට්ටල, නාලිකා (චැනල්) සහ බොට් හරහා නීතිවිරෝධී අන්තර්ගතයන් හමු වුවහොත්, රිපෝට් කිරීම සඳහා ඔබට පහසුවෙන්ම යෙදුම තුළම ඇති “වාර්තා” (Report) බොත්තම් භාවිතා කළ හැක.


නැතිනම් abuse@telegram.org ඊමේල් ලිපිනය හරහා ටෙලිග්‍රෑම් කණ්ඩායමට දැනුම් දෙන්න.


ටෙලිග්‍රෑම් හි වෙනත් කෙනෙකු සේ ව්‍යාජ (ෆේක්) ලෙස පෙනී සිටීමක් රිපෝට් කරන්නේ කොහොමද?

යමෙක් ඔබ ලෙස ව්‍යාජ අයුරින් පෙනී සිටිනවනම් ඒ ගැන @NoToScam හරහා යෙදුම තුළම රිපෝට් කළ හැක.


තවද ඔබට ගැටලුව සඳහන් කර (පරිශීලක නාමය / User name ඇතුළත්ව) abuse@telegram.org ඊමේල් හරහා ටෙලිග්‍රෑම් වෙත යැවීමේ විකල්පය ද ඇත.


ටෙලිග්‍රෑම් හි වංචාකරුවන් (ස්කැම්) රිපෝට් කරන හැටි

මෙම වේදිකාව වඩාත් ආරක්ෂිත ස්ථානයක් බවට පත් කිරීම සඳහා එහි පරිශීලකයින්ගේ තොරතුරු සහ / හෝ මුදල් ලබා ගැනීමේ අරමුණින් ඔවුන්ව මුළා කරන වංචා (ස්කැම්) රිපෝට් කළ යුතුය. එබැවින්, ඔබ මෙම යෙදුම භාවිත කරන වංචාකරුවන් දුටුවහොත් රිපෝට් කිරීම සඳහා @NoToScam අමතන්න.


ටෙලිග්‍රෑම් ගිණුමක් නැති කෙනෙකුට වුවත් එවැනි වංචාකරුවන් හෝ ඇප් එක තුළ සිදුවන වංචා ගැන abuse@telegram.org ඊමේල් ලිපිනය හරහා (පරිශීලක නාමය / User name සහ අදාළ තිරපිටපත් / ස්ක්‍රීන්ෂොට් සමඟ) ඒ බැව් වාර්තා කළ හැක.


ටෙලිග්‍රෑම් හි වෙනත් ගැටළු වාර්තා කරන ආකාරය

ඉහත සඳහන් ගැටළු වලට අමතරව, ටෙලිග්‍රෑම් හි පරිශීලකයින් හෝ නාලිකා ඇතුළු වෙනත් ඕනෑම නුසුදුසු අන්තර්ගතයක් https://telegram.org/support වෙබ් දිගුව හරහා නිවැරදි තොරතුරු සහිතව අවශ්‍ය ක්ෂේත්‍ර පිරවීමෙන් වාර්තා කළ හැක. මෙහිදී ඔබේ ගැටලුව පැහැදිලිව විස්තර කිරීම ඉතා වැදගත්. අවසානයේ වාර්තාව යැවීමට “යොමු කරන්න” (Submit) මත ක්ලික් කරන්න.



පැමිණිල්ලක් (වාර්තා / රිපෝට්) කළ පසු, ටෙලිග්‍රෑම් කණ්ඩායමට ඔවුන්ගේ රහස්‍යතා ප්‍රතිපත්තියට (privacy policy) අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග ගත හැක.


මූලාශ්‍රය:

https://telegram.org/faq  

Post a Comment

0 Comments