හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඇයගේ ජීවිතය අවුල් කල සබැඳිය

මෙහි එන නම් ගම් මනංකල්පිතයි.


හෂිනි ඇගේ සේවා ස්ථානයේ සිටි අතර එදින ඇයට කාර්යබහුල දිනයක් විය. දිවා ආහාර විවේකය ලැබුණු විගස ඇය ෆේස්බුක් වෙත ලොග් වී ඉහළ පහළ ස්ක්‍රෝල් කරමින් සිටියේ දවසේ විඩාව බිඳක් හෝ දුරු කරගැනීමටය. මේ අතරතුර ඇයට මැසෙන්ජර් ඔස්සේ කමල් පෙරේරා යන අයෙකුගෙන් සබැඳියක් (ලින්ක්) සහිත පණිවිඩයක් ලැබුණි. කමල් පෙරේරා හෂිනිගේ ෆේස්බුක් මිතුරෙකු වූ අතර ඇයගේ ෆේස්බුක් මිතුරන් රැසකගේද සුහද (mutual) මිතුරෙකු වේ. හෂිනිට අනුව, කමල් පෙරේරා ඔවුන්ගේ නගරයේ ප්‍රසිද්ධ පුද්ගලයෙක් වන අතර ඔහු චිත්‍රපට ක්ෂේත්‍රයට ද සම්බන්ධ වේ. ඇය කිසිම දිනක ඔහුව පෞද්ගලිකව දැක හෝ හමු වී නොමැත.


කමල් පෙරේරා – පහත සබැඳිය මත ක්ලික් කරන්න

xxxxxxxxxxxxxxxxxxxxxxxx මේ හරහා නොමිලේ චිත්‍රපට ලබා ගන්න

හෂිනි – සබැඳිය මත ක්ලික් කරයි


මිනිත්තු කිහිපයකට පසු හෂිනිට කමල් පෙරේරාගෙන් තවත් පණිවිඩයක් ලැබුන අතර ඇය පුදුමයෙන් පුදුමයට පත් කරමින් ඇයගේ ජංගම දුරකථනයේ ගබඩා කල පෞද්ගලික වීඩියෝවක් නැවත මැසෙන්ජර් හරහා ඇයට ලැබුනි.

හෂිනි ඉමහත් බියට පත් වූ අතර ඇයව මවිතයට පත් කරමින් ඇයට ලැබුණු සබැඳිය, ඇයගේ මැසෙන්ජර් ගිණුම හරහා යහළුවන් බොහෝම දෙනෙකුට යවා ඇත. එතනින් නොනැවතුනු කමල් පෙරේරා ඇයට දිගින් දිගටම තර්ජනය කිරීමට පටන් ගනී.

කමල් පෙරේරා – මගේ කෝල් එක ගන්න , නැත්නම් වීඩියෝ එක ලීක් කරනවා.

හෂිනි කෙතරම් බියට පත් වෙනවාද කිව්වොත් ඇයට සිය දිවි නසාගන්න පවා හිතෙනවා. කුමක් කරන්නද කියා සිතාගන්නට නොහැකි වූ ඇය ඉතා වික්ෂිප්තව බලා ගෙන සිටින විට ඇයගේ කාර්යාලයේ ළඟම යාළුවෙක් ඇගෙන් මේක විමසනවා. සිදු වූ සියල්ල හෂිනි ඇයට කියන කොට, හෂිනිගෙ යාළුවාට එකපාරට මතක් වෙන්නෙ හිතවතී ගැන. එයා මීට කලින් හිතවතී ගැන අහලා තියෙනවා. හෂිනිව, හිතවතී වෙත යොමු කරන්නේ එයාගේ මේ කාර්යාල යාළුවා විසින්.

හෂිනිගේ කතාවට ඇහුම්කන් දීමේ දී හිතවතීට තේරුම් යන්නේ කමල් පෙරේරා ගේ අහිතකර සබැඳිය මගින් හෂිනි ගේ ජංගම දුරකථනය හැක් වී ඇති බවයි.

හිතවතී විසින් ඇයව අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමාජ මාධ්‍ය පැමිණිලි අංශය වෙත යොමු කරන ලද අතර ඇයට ඒ මොහොතේ ශක්තිමත්ව ඉන්න කියලා උපදෙස් දුන්නා. තවදුරටත් ඇගේ මනසට පීඩාවක් දැනෙනව නම් 1926 (මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) හෝ සුමිත්‍රයෝ අමතන ලෙස ඇයට පවසන ලදි .


පූර්වාරක්ෂක උපදෙස්:

  • නොදන්නා කෙනෙක් විසින් එවන ලද සබැඳි (ලින්ක්) මත ක්ලික් නොකරන්න සහ සැක සහිත සබැඳි ක්ලික් නොකරන්න.
  • ඔබගේ යහළුවෙකු හෝ එවන ලද සැකසහිත සබැදි මත ක්ලික් නොකරන්න මන්ද ඔවුන්ගේ ගිණුම් පවා හැක් වූ ඒවා විය හැක.
  • විශ්වාසනීය සබැඳි පරීක්ෂකයක් සමඟ සබැඳි වල වලංගු භාවය පරීක්ෂා කරන්න.
  • සයිබර් අවකාශයේ ඔබ සමඟ කතාබස් කරන නාඳුනන පුද්ගලයන් විශ්වාස නොකරන්න.
  • මෙවැනි සිදුවීම් හේතුවෙන් ඔබට මානසික බිඳවැටීමක් දැනෙන විට 1926 (විශේෂ මානසික සෞඛ්‍ය ක්ෂණික ඇමතුම් අංකය) හෝ සුමිත්‍රයෝ අමතන්න.
  • සයිබර් අපරාධයක් සම්බන්ධව පැමිණිල්ලක් ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (නිවැරදි ලින්ක්, ස්ක්‍රීන්ෂොට් යනාදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක

Post a Comment

1 Comments

  1. One of the best hackers out there now Brillianthackers800@gmail.com, They can help with low credit scores, spy on your spouses to know if they are cheating, clear bad criminal record (databased)...... Just name it any kind of hack you want to think of they can break the code and get the job done, they are reliable, thrust worthy and they deliver right on time, the kind of job they carried for me private and the best part of it all your secret is save with them, you can chat with them via whatsapp +13013378042 and the rest will be history trust me.

    ReplyDelete
Emoji
(y)
:)
:(
hihi
:-)
:D
=D
:-d
;(
;-(
@-)
:P
:o
:>)
(o)
:p
(p)
:-s
(m)
8-)
:-t
:-b
b-(
:-#
=p~
x-)
(k)