හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ගැඹුරු (ඩීප්) වෙබ් සහ අඳුරු (ඩාර්ක්) වෙබ්



ඩීප් (Deep) වෙබ් යනු කුමක්ද ?

ඩීප් වෙබ් යනු යනු සම්මත සෙවුම් යන්ත්‍ර (සර්ච් එන්ජින්ස්) මගින් සම්පුර්ණයෙන්ම ප්‍රවේශ විය නොහැකි අන්තර්ජාලයේ කොටසකි.


ඩීප් වෙබ් වලින් අපට සොයාගත හැක්කේ කුමක්ද?

මෙහි සෙවුම් යන්ත්‍ර මගින් සුචිගත නොකළ පිටු , pay-walled අඩවි, පෞද්ගලික දත්ත සමුදායන් සහ ඩාර්ක් වෙබ් අන්තර්ගත වේ.


ඩීප් වෙබ් ගැන වැඩි විස්තර තේරුම් ගනිමු

මෙය “සැඟවුණු වෙබ්- hidden web”, “නොපෙනෙන වෙබ්- invisible web” වැනි නම් වලින්ද හැඳින්වේ.

එය surface web (මතුපිට වෙබ්) එකට වඩා විශාලයි

බොහෝ වෙබ් පිටු ගතිකව ජනනය කර ඇති අතර අනෙකුත් වෙබ් අඩවි වලින් සබැඳි නොමැත.

ඩීප් වෙබ් හි, තවත් ප්‍රධාන අන්තර්ගතයක් වන්නේ Netflix වැනි ගාස්තු-සේවා වෙබ් අඩවි ය. නෙට්ෆ්ලික්ස් අඩව්ය සැමට පේන්න පැවතුනත් එහි බොහෝ අන්තර්ගතයන් ඩීප් වෙබ් හි පවතී.

පුද්ගලික දත්ත සමුදායන් ඩීප් වෙබ් හි තවත් ප්‍රධාන අංගයකි. පුද්ගලික දත්ත සමුදායන් සඳහා උදාහරණ වන්නේ Paypal වැනි ප්‍රධාන වෙබ් අඩවි වල මූල්‍ය ගනුදෙනු, Dropbox හි මිතුරන් අතර බෙදා ගන්නා ඡායාරූප යනාදියයි.


ඩාක් (Dark) වෙබ් යනු කුමක්ද?

ඩාක් වෙබ් යනු විශේෂ වෙබ් බ්‍රවුසරයක් භාවිතයෙන් පමණක් ප්‍රවේශ විය හැකි ඩීප් වෙබ් හි කොටසකි. අන්තර්ජාල ක්‍රියාකාරකම් ඉතා පෞද්ගලිකව තබා ගැනීමට, මෙය භාවිතා කරයි.


ඩාක් වෙබ් හි අපට සොයාගත හැක්කේ කුමක්ද?

ඩාක් වෙබ් හි ඇති වෙබ් අඩවි බොහොමයක් නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සහ ගිනි අවි ගනුදෙනු, අසභ්‍ය දර්ශන, සූදු ක්‍රීඩා, ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ වංචා දූෂණ ගැන තොරතුරු හෙළිදරව් කිරීම (whistleblowing to disclose information) වැනි දේ වලින් සමන්විත වේ.


ඩාක් වෙබ් ගැන තවදුරටත් ඉගෙන ගනිමු

සාමාන්‍ය සෙවුම් යන්ත්‍රවල නොපෙන්වන බැවින් ඩාක් වෙබ් අඩවියේ නිශ්චිත URL / ලින්ක් එක (සබැඳිය) දැන ගත යුතුය

අන්තර්ජාලයේ මෙම කොටස “භයානක” ලෙස වර්ග කර ඇත

බොහෝ නීති විරෝධී ක්‍රියා සිදු වන්නේ මේ තුළය

බොහෝ මාධ්‍යවේදීන් හා තොරතුරු හෙළිදරව් කරන්නන් විවෘත සන්නිවේදනය සඳහා මෙය භාවිතා කරයි

අපගේ මීළඟ ලිපියෙන් ඩීප් වෙබ් සහ ඩාක් වෙබ් අතර වෙනස්කම් හඳුනා ගනිමු.


මූලාශ්‍රය:

https://vpnoverview.com/privacy/anonymous-browsing/the-dark-web/

https://whatis.techtarget.com/definition/deep-Web

https://www.investopedia.com/terms/d/deep-web.asp

Post a Comment

0 Comments