හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ටික්ටොක් හි ව්‍යාජ / අන් අය සේ පෙනී සිටින ගිණුම් වාර්තා (රිපෝට්) කරන්නේ කෙසේද?

වර්තමානයේ ජනප්‍රිය වී ඇති ටික්ටොක් යෙදවුමේ ව්‍යාජ (ෆේක්) / අන් අය සේ පෙනී සිටින ගිණුම් සොයා ගැනීම අපහසු දෙයක් නොවේ. පහත පෙන්වා ඇති සෙවුම් ප්‍රතිඵල අනුව, ටික්ටොක් ආයතනය විසින් සැබෑ ගිණුමක් ලෙස නිශ්චිතව හඳුනාගෙන ඇති බව අඟවන සත්‍යාපිත (වෙරිෆයිඩ්) ලාංඡනයේ (පරිශීලක නාමය ඉදිරියෙන් දිස්වන නිල් හරි ලකුණ) තේරුම හෝ වටිනාකම දන්නා අයෙකුට ටොම් කෲස්ගේ සත්‍ය ගිණුම (ඔරිජිනල් ප්‍රොෆයිල්) පහසුවෙන් සොයා ගත හැක. ව්‍යාජ ගිණුම් හරහා පරිශීලකයින් නොමඟ යැවීම වැළැක්වීම සඳහා මෙම වෙරිෆයිඩ් ලාංඡනය පවා අදාළ වන්නේ සමහර ප්‍රසිද්ධ / කීර්තිමත් පුද්ගලයින්ට පමණි.


කෙසේ වෙතත්, මිනිස්සු රවටමින් අන් අය හෝ සංවිධාන ලෙස පෙනී සිටිමේ ක්‍රියාවට ටික්ටොක් හි අවසර නැත. එනම්, ව්‍යාජ ගිණුම් නිර්මාණය ටික්ටොක් හි ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීමක් වන අතර පහත දැක්වෙන පරිදි යෙදුම (ඇප් එක) හරහාම එවැනි ගැටලු වාර්තා කරන ලෙස ඔබව දිරිමත් කරයි.


  1. ඔබට රිපෝට් කිරීමට අවශ්‍ය ව්‍යාජ / වෙනත් කෙනෙකු සේ රඟන ගිණුමේ පැතිකඩ (ප්‍රොෆයිල්) වෙත යන්න
  2.  (තිරයේ ඉහළ දකුණේ) ස්පර්ශ කරන්න
  3. “Report” (වාර්තා) කිරීමට කොඩිය මත ස්පර්ශ කරන්න
  4. “Report account” (ගිණුම රිපෝට් කරන්න) තෝරන්න
  5. තවදුරටත් “Pretending to be someone” (යමෙකු සේ පෙනී සිටීම) තෝරන්න
  6. ගිණුම පෙනී සිටින්නේ කවුරු ලෙසද කියා තෝරන්න (ඔබ / you හෝ කීර්තිමත් පුද්ගලයෙක් / celebrity)
  7. අවසාන වශයෙන් වාර්තාව “Submit” (ඉදිරිපත්) කරන්න


ඔබේ රිපෝට් සමාලෝචනය කිරීම සහ ඔවුන්ගේ ප්‍රජා මාර්ගෝපදේශ උල්ලංඝනය කිරීම්වලට එරෙහිව අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම ටික්ටොක් ආයතනය සතු කාර්ය භාරයකි.


මූලාශ්‍රය: https://support.tiktok.com/en/safety-hc/report-a-problem/report-a-user  

Post a Comment

0 Comments