හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

බිඳුණු විවාහයක ප්‍රතිඵලය!!!!

මෙහි එන නම් ගම් මනංකල්පිතයි.



පාසල් යන කාලයේ රසිකා පිරිමි ළමයෙකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කර ගත්තා. උසස්පෙළ අවසන් වූ පසු රසිකා සහ ඇය යාලු වෙලා ඉන්න පිරිමි ළමයයි පරිඝණක පාඨමාලාවකට ලියාපදිංචි වුනා. අවුරුදු 3ක් පමණ කාලය ගත වෙද්දී දෙන්නගෙ සම්බන්ධතාවය තව තවත් ශක්තිමත් වුණා. ඔවුන් දෙදෙනාට විවාහ වීමට අවශ්‍යතාවය තිබුණත්, රසිකාට අවු.18 සම්පූර්ණ වීමට තව අවුරුද්දක් තියෙනවා.

දෙදෙනාම ඔවුන්ගේ දෙමාපියන්ට මේ සම්බන්ධය ගැන කිව්වා. රසිකාගේ දෙමාපියන් වැඩි කැමැත්තක් නොදැක්වූ නිසා ඉක්මනින්ම විවාහ වෙන්න තීරණය කළා. කාලය ඉතා වේගයෙන් ගෙවී යනවාත් එක්කම රසිකා 18 වන වියට ළඟා වුනා. රසිකාගේ දෙමාපියන් ඇගේ උපන්දිනය ඉතා ඉහලින් සමරන්න සූදානම් වුණා.

රසිකාගේ 18වන උපන්දිනය පසුවී හරියටම සතියකින් මේ දෙන්නා ගෙවල් වලට නොකියාම විවාහ වුණා. දුර පළාතකට ගිහින් දෙන්නම තනිවම ජීවත් වුණා.

විවාහ වී මාස හයක් ගිය පසු රසිකා හිටි හැටියේම ඇගේ දෙමාපියන් ළඟට ආවා. ඈ එසේ ඇවිත් ඇත්තේ, ඇගේ සැමියා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී ඈට නොහොඹිනා ලෙස හිරිහැර කරදර කරන්නට පටන්ගත් නිසා. ඈ විවාහ වෙන්න කලින් ඉදන්ම මේ පුද්ගලයා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වී සිටියත් රසිකා මේ ගැන දැන සිටියේ නෑ.

රසිකා තම ස්වාමිපුරුෂයාගෙන් වෙන් වෙලා ආපු නිසා ඔහු දැඩි කෝපයට පත්වුනා. ඇගේ චරිතයට කැලැලක් ඇතිවන ආකාරයට යමක් කරන්න ඔහු සැලසුම් කලා. ඒ අනුව ඔහු රසිකාගේ නම සහ පින්තූර ඇතුලත් කරමින් ව්‍යාජ ෆේස්බුක් ගිණුමක් හැදුවා. ඔහු එහි ඇයගේ පින්තූර සහ වීඩියෝ දැම්මා. ඒවාට ඉතා අසභ්‍ය ආකාරයට කමෙන්ට් කරලා රසිකාගේ නැදෑයන් හා යහළුවන්ට පෙනෙන්නට සැලැස්වූවා.

රසිකාගේ යහළුවෙක් මේක දැකලා වහාම රසිකාට විස්තරය කිව්වා. දැඩි කලබලයට පත්වූ රසිකා මේකට විසඳුමක් සොයන්නට වුනා.

යහළුවෙකුගෙන් ඈට ,හිතවතී ගැන දැනගන්නට ලැබුණේ මේ අතරතුරයි. ඇය හිතවතීට කතා කලා. හිතවතී,රසිකාට නිසි උපදේශනය සහ මඟපෙන්වීම කලේ මෙසේයි:

අදාල ව්‍යාජ ෆේස්බුක් ගිණුම වාර්තා කර ඉවත් කර දැමීමට සහය වුණා.

තම ස්වාමියාගෙන් කරදර සිදුවීම සම්බන්ධයෙන් නොමිලේ නීති උපදෙස් හෝ මනෝ විද්‍යා උපදේශනය සඳහා කාන්තා පිහිට (WIN) ආයතනය අමතන ලෙස උපදෙස්ලබා දුන්නා.

මේ සම්බන්ධ නීතිමය කටයුතු සිදු කරීමට අවශ්‍ය නම් 1938 අංකයට කතා කරන ලෙසත් දැනුවත් කළා.


පූර්වාරක්ෂාව ඉඟි:

  • නොදන්නා මිතුරු ඉල්ලීම් (ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට්) පිළිගැනීමෙන් වැළකී සිටීම වඩා හොඳය.
  • ඔබ පබ්ලික් (ඕනෑම අයෙකුට දැකිය හැකි ලෙස) අප්ලෝඩ් හෝ ශෙයා කරන පින්තූර / වීඩියෝ කිසිදු ආකාරයකින් ඔබට හානියක් නොවන බවට වග බලා ගන්න. (උදා: ව්‍යාජ ගිණුම් නිර්මාණය කිරීමට, සතුරන් විසින් අනිසි ලෙස භාවිතා කිරීමට)
  • ඔබ පෙනී සිටින අන්තර්ගතය (පින්තූර, වීඩියෝ, ආදිය…) ඔබේ අවසරයකින් තොරව පළ කර ඇත්නම් වාර්තා (රිපෝට්) කරන්න; අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.
  • මෙම ලින්ක් එක හරහා වැඩිදුර තොරතුරු දැන ගන්න. https://www.hithawathi.lk/si/useful-contact-information-si/
  • ඔබ මෙවැනි තත්වයකට පත් වූ අසරණ කාන්තාවක් නම් නොමිලේ නීති උපදෙස් හෝ මනෝ විද්‍යා උපදේශනය සඳහා කාන්තා පිහිට (WIN) ආයතනය අමතනන්න.
  • ඔබ මෙවැනි තත්ත්වයකට පත් වූ අසරණ කාන්තාවක් නම් නීතිමය සහය සඳහා 1938 (කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ කාන්තා උපකාරක දුරකථන සේවාව) අමතන්න.
  • මෙවැනි සිදුවීම් ඔබට මානසිකව දරා ගැනීමට අපහසු බව දැනේ නම් 1926 (මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) හෝ සුමිත්‍රයෝ අමතන්න

Post a Comment

0 Comments