හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

නොදන්නා අයවලුන්ගෙන් ඇමතුම් ලැබීම

 මෙහි එන නම් ගම් මනංකල්පිතයි.


මල්ලිකා යනු දියණියන් දෙදෙනෙකු සිටින 40 හැවිරිදි මවකි. ඇගේ සැමියා පිටරට රැකියාවක නිරත වී සිටී. ඇය ගෘහනියක් වන අතර ගෙවතු වගාවට ද බෙහෙවින් ආදරය කරයි. ඈට දියණියන් දෙදෙනකු සිටින අතර ඔවුන්ගේ වයස අවුරුදු 16 සහ 10 වේ. ඔවුන් ඉතා ප්‍රීතිමත් ජීවිතයක් ගත කරති. මල්ලිකාගේ වැඩිමහල් දියණිය (නිලුකා) මෙම වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර ඇය නව තාකෂ්ණික දේ ගැන අත්හදා බැලීමට කැමත්තක් දක්වන්නී ය. ගැහැණු දරුවන්ට නිවසේ පරිගණකයක් නොතිබුණද, ඔවුන්ගේ විවිධ අධයාපන කටයුතු හා ක්‍රියාකාරකම් සඳහා අන්තර්ජාලය භාවිතා කරති. අන්තර්ජාලයේ යම් යම් දේ ගැන සෙවීමට නිලූකා සිය මවගේ ස්මාර්ට් ජංගම දුරකථනය භාවිතා කරයි. බොහෝ විට ඔවුන් තම පියා සමඟ කතාබස් කිරීමට පුරුදු වී සිටියේ ස්කයිප් සහ වට්ස්ඇප් භාවිතා කිරීමෙනි. වැඩිහිටි දියණිය සමාජ මාධ්‍ය යනු කුමක්ද යන්න පිළිබඳව දැඩි කුතුහලයකින් සිටින අතර ඇය සමාජ මාධ්‍ය භාවිතා කිරීමට උත්සාහ කළාය. නිලූකා ඇගේ මව වෙනුවෙන් ෆේස්බුක් ගිණුමක් නිර්මාණය කළේ මල්ලිකාගේ නම සහ ඇගේ පින්තූරය භාවිතා කරමිනි. ෆේස්බුක් යෙදුමේ පුද්ගලිකත්වය සැකසීම් පිළිබඳ කිසිඳු දැනුමක් නොමැති වීම නිසා මල්ලිකාගේ ෆේස්බුක් ගිණුමෙහි පුද්ගලික තොරතුරු ප්‍රසිද්ධ වීම එය හේතුවක් විය.




දිනක් මල්ලිකාට නොදන්නා නොම්බර වලින් ඇමතුම් ගණාවක් ලැබුණු අතර ඔවුන් අසභ්‍ය ලෙස කතා කළහ. ඇය මෙම සිද්ධියෙන් මහත් කම්පනයට හා පුදුමයට පත් වූවාය. නිලුකා ඇමතුම දුන් තැනැත්තාකු හට ඇමතුමක් ලබා ගෙන කතා කරීමට හේතුව පිළිබඳ කරුණු විමසා සිටියාය. ඔවුන් මල්ලිකාගේ අංකය එවිට ඇයට ලැබුණු පිළිතුර වූයේ “මට මේ අංකය ලැබුනේ ෆේස්බුක් පෝස්ට් එකක. ඕනෑම කෙනෙකුට එය දැකගත හැකියි.” එවිට නිලූකා බියට පත් වූ අතර කිසියම් වැරැද්දක් සිදු වී ඇති බව ඈට වැටහුණී. පසුව ඇය මේ ගැන තම පියාට පැවසුවාය. එවැනි සිදුවීම් සඳහා උපකාර කිරීම සඳහා “හිවතතී” නමින් සේවාවක් ඇති බව ශ්‍රී ලංකාවේ සිටින ඔහුගේ මිතුරෙකු සඳහන් කළ බව ඔහු ඔවුන්ට පැවසීය. එබැවින් හිතාවතී හා සම්බන්ධ වී කුමක් කළ යුතු දැයි විමසූ විට “හිතවතී” ඇයට නිසි උපදෙස් ලබා දුන්නාය. ෆේස්බුක් රහස්‍යතා සැකසුම් සකස් කරන්නේ කෙසේද යන්න පිළිබඳවත්, අන්තර්ජාලයේ ආරක්ෂිතව සිටීම සඳහා ඉඟි රාශියක් පිළිබඳවත් හිත්වතී වෙබ් අඩවිය හරහා ඇය ඉගෙන ගත්තාය.


පූර්වාරක්ෂාව ඉඟි:

  • ෆේස්බුක් ගිණුමේ පෞද්ගලික තොරතුරු සැකසුම් (privacy settings)නිසි පරිදි සකසා ගැනීම අනිවාර්ය වේ.
  • ඔබ මෙවැනි තත්ත්වයකට පත් වූ අසරණ කාන්තාවක් නම් නීතිමය සහය සඳහා 1938 (කාන්තා හා ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ කාන්තා උපකාරක දුරකථන සේවාව) අමතන්න.
  • මෙවැනි සිදුවීම් ඔබට මානසිකව දරා ගැනීමට අපහසු බව දැනේ නම් 1926 (මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) හෝ සුමිත්‍රයෝ අමතන්න
  • ඔබ පෙනී සිටින අන්තර්ගතය (පින්තූර, වීඩියෝ, ආදිය…) ඔබේ අවසරයකින් තොරව පළ කර ඇත්නම් වාර්තා (රිපෝට්) කරන්න; අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.

Post a Comment

0 Comments