හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

වල් ගෲප් එකට වට්ස්ඇප් දැමූ තහනම!

මෙහි එන නම් ගම් මනංකල්පිතයි.


දවසක් හිමාලි වට්ස්ඇප් හරහා හිතවතී සමඟ චැට් කළා;

හිමාලි: මිස්, මම අවුරුදු දෙකකට කලින් කෙනෙක් එක්ක යාලු වෙලා හිටියා. මෑතකදී මට ආරංචි වුණා එයා මගේ පින්තූර වගයක් එඩිට් කරලා වට්ස්ඇප් ජරා ගෲප් එකක ශෙයා කරලා. ඒ ගෲප් එකේ මිනිස්සු කතා වෙන්නෙම ගෑණූ ගැනයි, සෙක්ස් ගැනයි. 


හිතවතී: හරි, එයා ගෲප් එකේ ඔයා ගැන මොනවද කියලා තියෙන්නේ??

හිමාලි: මං විනෝදාස්වාදය හොයන කෙනෙක්..කවුරුහරි උනන්දුයි නම් අනේ කරුණාකරලා මට ෆන් ගන්න උදව් කරන්න වගේ දේවල් කියලා. ඒ ගෲප් එකේ සීයක් විතර ඉන්නවා. තව කොහේ කොහේ මේවා ශෙයා වෙනවද දන්නෑ.

හිතවතී: ඔයාගේ ගැටලුව පැහැදිලියි. අපිට මේ ගෲප් එක ගැන වට්ස්ඇප් ආයතනයට රිපෝට් කරන්න සහය වෙන්න පුලුවන්. ඒකට ඔයා අදාළ පින්තූර ශෙයා කරපු කෙනාගේ වට්ස්ඇප් නම්බර් එකයි, ඒ ගෲප් එක තුළ ඔයාට වෙන හිරිහැරය ඔප්පු කරන්න පුලුවන් ස්ක්‍රීන්ෂොට් එක්ක අපිට ඊමේල් කරන්න. 

හිතවතී කළ ඉල්ලීම පරිදි හිමාලි වාර්තා (රිපෝට්) කිරීම සඳහා අවශ්‍ය සියළුම තොරතුරු ඊමේල් කළා. මේ කාරණය ගැන ඇය ඇත්තටම කළකිරුණත්, තමන් කලින් ආදරය කළ කෙනෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට ඇයට අවශ්‍ය වුනේ නැහැ.

හිතවතී වැඩි දුරටත් හිමාලිට කියා සිටියේ මේ ගැන නිහඬව ඉන්න ලෙසත් ඔහුගේ ක්‍රියාව තමන්ට කිසිදු බලපෑමක් කළ බැව් නොපෙන්වන ලෙසත්ය. හිමාලි ඒ අනුව ක්‍රියා කරන්න පොරොන්දු වූනා. තවද ඇගේ ප්‍රශ්නයට වට්ස්ඇප් ආයතනයෙන් ප්‍රතිචාරයක් ලැබෙන තුරු ඇයට ශක්තිමත්ව ඉන්න කියලා හිතවතී කිව්වා.

සති කීපයකට පසු හිතවතී නැවත ඇය හා සම්බන්ධ වුනේ ඇගේ වාර්තාවට අදාළව වට්ස්ඇප් ආයතනය නිසි පියවර ගෙන ඇති බැව් දන්වන සුභවාදී ආරංචියත් සමඟින්. හිමාලිට ඉමහත් සහනයක් දැනුණු අතර අසරණව සිටි තමාට උදව් කිරීම ගැන ඇය හිතවතීට පිං දුන්නා. 


පූර්ව ආරක්ෂක උපදෙස්:

  • ඔබ, සමාජ මාධ්‍ය හරහා කතා බහට ලක් වන මාතෘකාවක් වී ඇත්නම් හොඳ සිහියෙන් ශක්තිමත්ව ඉන්න. හේතුව, ඔබට එය දැනෙන විදිහ, ඔවුන්ගේ කමෙන්ට් නිසා ඔබට විය හැකි නරක බලපෑම් ගැන ඔවුන් කවදාවත් හිතන්නේ නැහැ.
  •  වට්ස්ඇප් හි ඔබට කරදරයක් සිදුවේ නම්, https://www.hithawathi.lk/si/help-center-si/social-media/whatsapp/reporting-on-whatsapp/ හි දැක්වෙන පියවර අනුගමනය කර ඒ ගැන වාර්තා (රිපෝට්) කරන්න. අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.
  • ඔබ මෙවැනි තත්ත්වයකට පත් වූ අසරණ තරුණියක් නම් නීතිමය හෝ මනෝ විද්‍යා උපදේශනය සඳහා කාන්තා පිහිට (Women In Need / WIN) ආයතනය අමතන්න.
  •  සයිබර් අපරාධ සම්බන්ධව පැමිණිලි ඇත්නම් ඒ බව පැහැදිලිව අදාළ සාක්ෂි (ලින්ක්, ස්ක්‍රීන්ෂොට් ආදිය) සහිතව සඳහන් කර CID එකට ගොස් භාර දිය හැක. නැතහොත් ලියාපදිංචි තැපෑලෙන් “අධ්‍යක්ෂ, අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01” යන ලිපිනයට හෝ ඊමේල් හරහා dir.cid@police.lk වෙත පැමිණිල්ල යොමු කළ හැක.

Post a Comment

0 Comments