හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔෆ්ලයින් වලිය නැවතුන තැන

     Read ENGLISH article                           தமிழில் படிக்க


        මෙහි එන නම් ගම් මනංකල්පිතයි.

නගරාසන්නයේ පරිගණක පන්තියකට නිලාන් තම නංගිව එක්ක යාමට පුරුදුව සිටියේ සෑම විටම ඇයට මීටර් දෙකක් පමණ පිටුපසින් ඇවිද යමිනි. එක් හවස් වරුවක ඔවුන් සාප්පුවක් පසුකර යද්දී එහි දොර අසල රැඳී සිටි කොලු ගැටයන් කීප දෙනකු අතුරින් කෙනෙකුගේ හඬ නිලාන්ට ඇසුණේ;

ආව්, සෙක්සි කෙල්ල… ඔයා කොහෙද යන්නේ?

(සමහරු ඔහුගේ ආලවන්ත රැඟුමට හිනා වුණා)

තම නංගිව සෙල්ලමට ගැනීමට උත්සාහ කළ තැනැත්තා කෙරෙහි ඇත්තෙන්ම ක්ෂණික කේන්තියක් හට ගත් නිලාන්, ඔහු වෙතට වේගයෙන් ගොස් ඔහුගේ මුහුණට පහර දීමට පටන් ගත්තා. ගැහැණු ළමයා යන්නේ තනිවම යැයි සිතා සිටි කොලු ගැටයින්ට එය අනපේක්ෂිත සිදුවීමකි. මිතුරන් ඔවුන් මතට පැන වලිය නැවැත් වූ නමුත් නිලාන් එතැනින් ඉවත් වුණේ නැවත කිසි දිනෙක එවැනි දේ නොකරන ලෙස අදාළ තැනැත්තාට අනතුරු අඟවමිනි.


දින කිහිපයකට පසු, නිලාන්ගේ සහෝදරියට එක දිගට නාඳුනන පිරිමින්ගෙන් ඇමතුම් ලැබුණේ ඔවුන් හමුවී විනෝද වීමට හැකි දැයි විමසමිනි. එය ඇයට මහත් පීඩාවක් වූ අතර ඔවුන්ගෙන් එක් අයෙකු ඇයට පැවසුවේ ඔහු වට්ස්ඇප් ගෲප් එකකින් ඇගේ දුරකථන අංකය ලබා ගත් බවයි. තත්ත්වය හමුවේ ගොළු වී සිටි ඇගේ අහිංසක සහෝදරිය ගැන නරක සෙල්ලක්කාර හැඟීමක් ඇති කිරීම සඳහා එදා විරසක වූ කොලු ගැටයින් විසින් වට්ස්ඇප් හි යමක් ශෙයා කර ඇති බව නිලාන්ට මිතුරෙකුගෙන් දැන ගන්නට ලැබුණා.

මේ සම්බන්ධයෙන් හිතවතී අමතා සහාය ලබා ගන්නා ලෙස මිතුරා වැඩි දුරටත් නිලාන්ට කියා සිටියා. ඒ අනුව ඔහු හිතවතී උපකාරක සේවය අමතා සිදු වූ දේ පැහැදිලි කළා. ඔහුට අදාළ හිංසනයට එරෙහිව ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග ගැන හිතවතී පහදා දුන්නා. වට්ස්ඇප් හි ශෙයා වෙන දේ ඉවත් කිරීම සඳහා වාර්තා (රිපෝට්) කිරීමේ විකල්පය එහි තිබුණද, ඔහුට අවශ්‍ය වූයේ මෙම ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නැවැත්වීම සඳහා අදාළ නීතිමය ක්‍රියා පටිපාටිය ඉදිරියට ගෙන යාමයි. ඒ අනුව ළමුන් හා කාන්තාවන් සඳහා ප්‍රමුඛත්වය ලබා දෙන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය (දුරකථන: 011 244 4444) අමතන ලෙස හිතවතී ඔහුට උපදෙස් දුන්නා. ඔවුන්ගේ පීඩාව තේරුම් ගෙන කළ යුතු දේ පිළිබඳව මඟ පෙන්වීම ගැන අවසානයේ නිලාන් හිතවතීට ස්තූති කළා.


පූර්ව ආරක්ෂක උපදෙස්:

  • වට්ස්ඇප් හි ඔබට කරදරයක් සිදුවේ නම්, https://www.hithawathi.lk/si/help-center-si/social-media/whatsapp/reporting-on-whatsapp/ හි දැක්වෙන පියවර අනුගමනය කර ඒ ගැන වාර්තා (රිපෝට්) කරන්න. අවශ්‍ය නම් සහය සඳහා හිතවතී අමතන්න.
  • එවැනි අපරාධකරුවන්ට එරෙහිව පැමිණිලි කිරීම (නීතිමය ක්‍රියාමාර්ග ගැනීම) සඳහා ළමුන් හා කාන්තාවන්ට ප්‍රමුඛත්වය ලබා දෙන පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය (දුරකථන: 011 244 4444) අමතන්න.
  • නීතිය තම අතට ගැනීම වෙනුවට පිළිගත් නිසි ක්‍රමවේදයන් හරහා ගැටලු නිරාකරණය කර ගැනීමට සැමවිටම උත්සාහ කරන්න. (උදා., යමෙකුට පහර දීම ආත්මාරක්ෂාව වැනි කරුණකදී යම් තාක් දුරකට කළ හැක; එහෙත් මෙවැනි අවස්ථාවකදී නොවේ)

Post a Comment

0 Comments