හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

වංචාකරුවන් (Scammers) ප්‍රශ්න ඇසීම හරහා මිනිසුන් පොළඹවා ගැනීම

“ඔබට දරුවන් කී දෙනෙක් හිමිද? – දැන ගන්න ”

“ඔබට රාජකීය ලේ තිබේද? – දැන් පරීක්ෂා කරන්න ”

“ඔබ කොතරම් බුද්ධිමත්ද? – පරීක්ෂා කර බලන්න”

අන්තර්ජාලයේ සැරිසරන විට, මේ වගේ ප්‍රශ්නයක් (Quiz) දැක්කොත් ඔබ මොනවද කරන්නේ?

මිනිස්සු මොන තරම් මත දැරුවත් විශ්වාසයන්හි එල්බගෙන හිටියත් මේ ආකාරයේ ප්‍රශ්න ස්වාභාවිකවම ඔවුන්ගේ අවධානයට යොමු වේ. සමහරක් නිකමට වගේ පිළිතුර කුමක්දැයි බැලීමට ඒවා මත ක්ලික් කරති.

උදාහරණයක් ලෙස, ඔබ මේ වගේ දෙයක් දැක තිබේද?



පින්තූරයේ මූලාශ්‍රය:https://www.google.com 

අදාළ ප්‍රශ්නයට උත්තරය දැන ගැනීමේ මෙම උද්යෝගය ඔබව ෆේස්බුක් වැනි පෙනුම ඇති වෙනම පිටුවකට යොමුකර ඉදිරියට යෑම සඳහා ඔබේ ෆේස්බුක් පරිශීලක නාමය (user name) සහ පාස්වර්ඩ් එක ඉල්ලයි. ඇත්තටම ‘ඔහු හෝ ඇය අනාගතයේ කොපමණ දරුවන් ලැබීමට යනවාද’ කියන දේ දැන ගැනීමට උනන්දුවක් දක්වන තැනැත්තා එය ෆේස්බුක් පිටුවකට හෝ වෙනත් දෙයකට සම්බන්ධ ඇතැයි සිතා පිළිතුර බැලීමට පරිශීලක අක්තපත්‍ර (user credentials / user name & password) ඇතුළත් කරයි. සමහරවිට ඔබ ආස කරන පිළිතුරක් ලැබෙනු ඇත.

කෙසේ වෙතත්, ඔබ ඊළඟ වතාවේ ඔබේ ෆේස්බුක් ගිණුමට පිවිසීමට උත්සාහ කරන විට, ගිණුම මුළුමනින්ම අඩපණ / හැක් වී ඇති බව ඔබට පෙනී යනු ඇත. මේ අවස්ථාවේදී ඔබට කරුණු පැහැදිලි වනු ඇත. එනම් එම ප්‍රශ්නාවලිය (Quiz), ෆේස්බුක් එකට කිසිදු අදාළත්වයක් නැති ආකර්ෂණීය ප්‍රශ්න සහිත ව්‍යාජ යෙදුමක් (fake app) වන බවත් එය ඔබේ ෆේස්බුක් පරිශීලක අක්තපත්‍ර (user credentials) සොරකම් කිරීම සඳහා වංචනික පිටුවකට ඔබව යොමු කළ බවත්ය. ඉන් පසු, හැකර්වරු ඔබේ පෞද්ගලික දත්ත අනිසි ලෙස භාවිතා කිරීමට, ඔබව බ්ලැක්මේල් කිරීමට, කප්පම් මෘදුකාංග (ransomware) ලින්ක් එවීමට සහ තවත් බොහෝ හිසරදයන් ඔබට ලබා දීමට පටන් ගනී.

ෆේස්බුක් ආයතනය විසින් මෑතකදී යුක්‍රේනයේ වෙසෙන මෘදුකාංග නිපදවන්නන් (software developers) දෙදෙනෙකුට එරෙහිව මේ අයුරින් ෆේස්බුක් සහ වෙනත් සමාජ ජාල වෙබ් අඩවි සූරා කෑමට සැලසුම් කර ඇති අනිෂ්ට බ්‍රව්සර් දිගුවන් (malicious browser extensions) ක්‍රියාත්මක කිරීම මගින්, ඔවුන්ගේ ප්‍රජා මාර්ගෝපදේශ (Community Guidelines) සහ වෙනත් එක්සත් ජනපද නීති උල්ලංඝ නය කිරීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගෙන තිබේ.

එමනිසා, ඕනෑම දෙයක් ඕනෑවට වඩා ආකර්ෂණීය වෙන ස්වභාවයකදී දෙවරක් සිතීම ඉතා වැදගත් වේ. එවැනි සිදුවීම් වළක්වා ගැනීම සඳහා ඔබ කළ යුත්තේ මඳක් ඉවසිලිවන්තව සිටීම සහ ක්ලික් කිරීමට පෙර ඕනෑම URL (ලින්ක්) එකක අව්‍යාජභාවය පරීක්ෂා කිරීමයි. වෙබ් අඩවියක්, ව්‍යාජද සැබෑද යන්න ඔබටම තීරණය කළ හැකි ආකාරය ගැන තවත් දැනගන්න. ඒ වගේම විශේෂයෙන් ඔබේ පරිශීලක අක්තපත්‍ර (user credentials) ලබා දීමට පෙර පරීක්ෂාකාරී වන්න.


මූලාශ්‍රය:

https://edition.cnn.com/2019/03/09/tech/facebook-ukraine-hackers/index.html?fbclid=IwAR0pGWbjITFL2_4LqRznogx_53wWtGzb9t87XBPegNojcpc4eqoYjQmTYZ0

Post a Comment

0 Comments