ඔයාගේ ෆෝන් එකට සාමාන්‍යයෙන්
විවිධ ආරාධනා, පාර්සල් ගැන අප්ඩේට්, පහසු ඔන්ලයින් ලෝන් වගේම යාළුවෝ එවන අලුත්
ඇප් ගැන
විස්තර එහෙම එනවා ඇති. කිසිම දෙයක් හිතන්නේ නැතුව ඔයා ඒවා ඕපන් කරනවත් ඇති. හැබැයි එතනින් තමයි
ප්‍රශ්නය පටන් ගන්නේ.
ලංකාව පුරා වගේම කලාපය
පුරාම, නව රැල්ලක් විදියට ව්‍යාජ ජංගම
දුරකථන ඇප් (APK Files) හරහා සිදුකරන වංචාවන් පැතිරෙනවා. මේ ඇප් ඇත්ත ඒවා වගේම
තියෙනවා. හැබැයි ඒවායින් කරන්නේ ඔයාගේ තොරතුරු හොරකම් කරන එක.
මේවා වෙන්නේ කොහොමද?
ඔයාගේ වට්ස්ඇප් එකට හරි ටෙලිග්‍රෑම් එකට හරි ෆයිල් එකක්
එනවා.
ඒ ෆයිල් එකේ මේ වගේ
දේවල් තියෙන්න පුළුවන්:
• “වැඩිදුර විස්තර සඳහා බාගත (ඉන්ස්ටෝල්) කරන්න”
• “ඔබගේ පාර්සලය Track කරන්න”
• “තෑගි දිනාගන්න ඕපන් කරන්න”
ඔයා ඒක ඉන්ස්ටෝල් කරනවා.
පිටතින් කිසිම ප්‍රශ්නයක් පෙන්වන්නේ නෑ. හැබැයි ඇප් එක නිහඬවම ක්‍රියාත්මක වෙන්න
පටන් ගන්නවා.
එයට ඔයාගේ ලොගින්
තොරතුරු, පාස්වර්ඩ්, OTP අංක ලබාගැනීමට වගේම ඔයාගේ ජංගම දුරකථනයේ හෝ උපාංගයේ ක්‍රියාකාරකම්
හොරෙන් නිරීක්ෂණය කිරීමට හැකියාව තියෙනවා.
ඔයාට ඒක වෙනවා කියලා
පේන්නේ නෑ. හැබැයි ඒ තමයි මේකේ සැබෑ අවදානම.
මිනිස්සු මේවාට
රැවටෙන්නේ ඇයි?
වංචාකරුවන්ට මේවා කරන්න
විශේෂ හැකියාවක් ඕනේ නෑ. ඔවුන්ට ඕන වෙන්නේ ඔයාගේ විශ්වාසයයි එකම එක ටච් (touch) එකක් විතරයි. මේ වගේ මැසේජ් වලින් මිනිසුන්ව රවට්ටන්න
ලේසි වෙන්නේ, ඒවා හරියට යාළුවෙක්ගෙන්
ආවා වගේ සමීපව දැනෙන නිසා. මේවා හදිසියේ ආපු නිල පණිවුඩ වගේම තියෙනවා.
දැන් ඒවා තවත් නරක අතට
පත්වෙලා තියෙන්නේ ඇයි?
මේ බොරු ඇප් (fake apps) ගැන තවදුරටත් සරලව හිතන්න බෑ. ඒවා දැන්:
• ඇත්ත ඇප් විදිහටම (copy) හදලා තියෙනවා.
• ඇත්ත ලාංඡන (logos) පාවිච්චි කරනවා.
• හැක් කරපු ගිණුම්වලින් ශෙයා කරනවා.
• රැකියා, පාර්සල්, විශේෂ දීමනා වැනි ජනප්‍රිය මාතෘකා ඉලක්ක කරනවා.
මේවා නිසා මිනිසුන්ව
ඉක්මනටම රවට්ටගන්න ලේසි වෙනවා.
ඔයා මතක තියාගන්න ඕන
දේවල්
• ඒවා නිල යෙදුම් (ඇප්
ස්ටෝ, ප්ලේ ස්ටෝ වැනි) ගබඩාවකින් නොවේ නම් බාගත (ඉන්ස්ටෝල්) කරන්න එපා.
• ඒවා වට්ස්ඇප්, ටෙලිග්‍රෑම් හෝ වෙනත් ක්ෂණික පණිවිඩ ඇප් හරහා ලැබුණා නම්, විශේෂයෙන් හිතලා බලන්න.
• ඒකෙන් මැසේජ් වලට, උපාංගයට
ඇතුල් වෙන්න අවසර ඉල්ලනවනම් ආයෙත්
හිතලා බලන්න.
ඔයා දැනටමත් ඒ වගේ ඇප්
ඉන්ස්ටෝල් කරලා තියෙනවනම්,
• අන්තර්ජාල සම්බන්ධතාවය (Wi-Fi / Mobile Data) වහාම අක්‍රිය කරන්න.
• ඉක්මනින්ම ඒ ඇප් ඉවත් (Uninstall) කරන්න.
• ඔයාගේ පාස්වර්ඩ් වෙනස් කරන්න.
• අවශ්‍ය නම්, ඔයාගේ
බැංකුවට දැනුම් දෙන්න.
• විශ්වාසදායක තාක්ෂණික සහය හෝ සයිබර් ආරක්ෂාව
සම්බන්ධයෙන් කටයුතු කරන අයෙකුගේ සහයෙන් ඔයාගේ ජංගම දුරකථනය පරීක්ෂා කරගන්න.
බලාගෙන ඉන්න
එපා. ඉක්මනින් ක්‍රියාත්මක වන්න.
0 Comments