හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

සල්ලි පෙට්ටියක සිහිනය


මෙහි සඳහන් නම් ගම් මනංකල්පිතයි.
සෙනසුරාදා දවසක, ජේම්ස්ට ඇෆ්ගනිස්ථානයේ ෂානියා කියලා සොල්දාදුවෙක්ගෙන් ඊමේල් පණිවිඩයක් ලැබුණා. ඊමේල් පණිවුඩයට අනුව, ඇයට නෑදෑයෝ කවුරුවත් නැති හින්දා ඇය යුද්ධය අතරතුර හොයාගත්ත ඇමරිකානු ඩොලර් මිලියන 2.8 ක සල්ලි පෙට්ටියක් බෙදා ගන්න, විශ්වාසවන්ත යාළුවෙක් සොයමින් ඉන්න බව කිව්වා.
ජේම්ස්ට මේ වැඩේට පොඩ්ඩක්වත් මහන්සි වෙන්න ඕනත් නැති හින්දා තමන් හරි වාසනාවන්තයි කියලා හිතුණා. ඉතින් ඔහු ෂානියාට ඕනෙ කරපු පෞද්ගලික තොරතුරු ඔක්කොම ඉල්ලපු සැනින් දුන්නා. ටිකෙන් ටික ඔවුන් ඊමේල් හරහා හොඳ සම්බන්ධතාවයක් ගොඩනඟා ගත්තා.






ලිපියේ තේරුම සිංහලෙන්:
ආදරණීය ජේම්ස්,
ඔයා මට දක්වන ආදරයට විශ්වාසයට ගොඩාක් ස්තූතියි. ඔයා කිසි දේකට බය වෙන්න එපා බබා, මං ඉක්මනටම ඔයා ළඟට එනවා. එතකොට අපිට හොඳ කලක් යනවා කියලා මට ෂුවර්. මේක දෛවෝපගත හමුවක් කියලා මට හිතෙනවා. අර කියපු නියෝජිතයා හෙට පාන්දර ෆ්ලයිට් එකේ ඔයාගේ රටේ එයාර්පෝට් එකට එනවා. එයා ඔයාට කෝල් කරලා කියයි වැඩේ කරන්න ඕනේ විදිහ. ඔයා ප්ලීස් මතක් කරලා එයා ලෑන්ඩ් කරන්න කලින් ක්ලියරන්ස්  ගාස්තුව ගෙවලා තියන්න. මං කැමති නෑ අපේ සල්ලි පෙට්ටියට මොනවත් වෙනවට, හේතුව ඒක අපි දෙන්නගේ අනාගතය හින්දා. පැටියො මං දැන් වැඩට යනවා ඔයා දන්නවනේ මේ කරුමක්කාර රස්සාවේ හැටි. උම්මා
  ආදරෙයි ෂානියා.
කෙසේ වෙතත්, ජේම්ස්ට ඇමරිකානු ඩොලර් 1,086 (රුපියල් 197,344) ක නිෂ්කාශන ගාස්තුවක් ගෙවන්න සිදු වුන තැන ඔහු හිරවුණා. ඔහුගේ සල්ලි පෙට්ටියේ සිහිනය සැබෑ කර ගන්න, ඒ ගාස්තුව සොයා ගත හැකි ක්‍රමයක් ගැන ඔහු කල්පනා කරමින් ඉන්නකොට, පෙර වාසනාවකට වගේ ප්‍රවෘත්ති: හරහා බොහෝ දෙනා මෙවැනි වංචාකාරී ප්‍රවණතාවන්ට (scams) මුහුණ දුන් බව ඔහුට අසන්නට ලැබුණි.
පූර්ව ආරක්ෂක උපදෙස්:සයිබර් අවකාශය මත පහසුවෙන් මුදල් ඉපයිය නොහැකි බැවින් එවැනි ඊමේල් පණිවිඩවලට ප්‍රතිචාර දක්වන්න එපා.
අනන්‍යතා සොරකම (identity theft) සඳහා භාවිතා කළ හැකි ඔබේ පුද්ගලික තොරතුරු ඔවුන්ට කිසි විටෙකත් දෙන්න එපා.


Post a Comment

0 Comments