හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ෆේස්බුක් හි සිටින යම් පරිශීලකයෙකුගෙන් කෙටි කාලයකට ඈත්ව සිටින්නේ/ විරාමයක් ගන්නේ (take a break) කෙසේද?


 ඔබට යම් ෆේස්බුක් පරීශීලකයෙකුගෙන් කෙටි කාලීනව ඈත්ව සිටීමට අවශ්‍ය වුවොත් උදාහරණයක් ලෙසඔබේ සමාජීය සම්බන්ධතා තත්ත්වය (Relationship status) අවිවාහක, දික්කසාද වූ ලෙස වෙනස් කිරීමට හෝ එය හිස්ව තැබීමට අවශ්‍ය වුවොත්  ඔබට අදාල පරිශීලකයාගෙන් විරාමයක් ගැනීමට හැකිය. එමෙන්ම ඔබට අඩුවෙන් දැකීමට අවශ්‍ය ඕනෑම කෙනෙකුගෙන් විරාමයක් ගත හැකිය.
ඔබ යම් කෙනෙකුගෙන් විරාමයක් ගත් විට, ඔබට හැකි වන දේ:
යම් කෙනෙක් පිළිබඳව ෆේස්බුක් හි තොරතුරු අඩුවෙන් දකින්න: ඔබ ෆේස්බුක් හි එම තැනැත්තාව දකින අවස්ථා සීමා කරන්න. ඔබ යම් ෆේස්බුක් පරිශීලකයෙකු  අඩුවෙන් දැකීමට තෝරා ගන්නේ නම්, ඔවුන්ගේ පළකිරීම් (posts) සහ ඔවුන්ව ටැග් කර ඇති ලිපි ඔබගේ පුවත් සංග්‍රහයේ (News Feed) නොපෙන්වන අතර ඔබට ඔවුන්ගේ ඡායාරූප වල ටැග් කිරීමට හෝ ඔවුන්ට පණිවුඩ යැවීමට දිරි දෙන්නේ නැත. ඔවුන්ගේ ලිපි නැවත බැලීමට, ඔබට ඔවුන්ව අනුගමනය (follow) කළ හැකිය.
ඔබගේ පෝස්ට් සහ ඔබව ටැග් කර ඇති පෝස්ට් බැලීමට කෙනෙකුගේ හැකියාව සීමා කරන්න:  ඔබ පළකරන  පෝස්ට් ඔබට අෑත්ව සිටීමට අවශ්‍ය පුද්ගලයාගෙන් සඟවන්න හැකිය. යම් ෆේස්බුක් පරිශීලකයෙකු ගෙන් ඈත්වී සිටීමට අවශ්‍ය පුද්ගලයෙකු ලෙස තෝරාගත් විට ඔවුන් ඔබේ සීමිත ලැයිස්තුවට එකතු වන අතර ඔවුන්ට දැකිය හැක්කේ ඔබ පොදුවේ පළකරන තොරතුරු හෝ ඔවුන්ව ටැග් කළ පෝස්ට් පමණි.
පැරණි ලිපි දැකිය හැක්කේ කාටද යන්න වෙනස් කරන්න: ඔබේ පුද්ගලිකත්ව සැකසුම් වෙනස් කිරීමෙන්, ඔබව ටැග් කර ඇති (උදාහරණ: ඡායාරූප, තත්ත්ව යාවත්කාලීන කිරීම්, වීඩියෝ ආදිය) හෝ ඔබ විසින් අන් අයව ටැග් කළ පෝස්ට් දකින අයව සීමා කරන්න. මිනිසුන්ට පෝස්ට් දැකිය හැක්කේ ඒවායේ ඔවුන්ව ටැග් වී ඇත්නම් පමණි. -. මෙම පෝස්ට් ඔබේ කාල රේඛාවෙහි (timeline) තවදුරටත් නොපෙන්වනු නමුත් එ්වා මුලින් ප්‍රකාශයට පත් කරන ලද පුද්ගලයා විසින් ඒවා ඉවත් කර නැත්නම්, අන් අයගේ කාලරේඛාවල සහ සෙවුම් ප්‍රතිඵලවල (search results) තවමත් පෙනී යනු ඇත. ඔබට විරාමයක් අවශ්‍ය පුද්ගලයා සමඟ ඔබ සතුව ඇති ඕනෑම හවුල් ඇල්බමයකින් දායකයෙක් (contributor) ලෙසද ඔබ ඉවත් වනු ඇත.
ඔබ කෙනෙකුගෙන් විරාමයක් ගැනීමට වෙනත් ක්‍රම සොයන්නේ නම්, ඔබට:
සැමවිටම ඔබට කිසියම් පුද්ගලයකු අවහිර කිරීමට හෝ ෆේස්බුක් මිතුරු කමෙන් ඉවත් කළ හැකි බව මතක තබා ගන්න.


Post a Comment

0 Comments