හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම පිළිබඳ වාර්තා කිරීම


පෞද්ගලිකත්වය උල්ලංඝනය කිරීම පිළිබඳ වාර්තා කිරීම

මගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන ඡායාරූපයක් හෝ වීඩියෝවක් වාර්තා කිරීමට මට අවශ්‍යයි.

ෆේස්බුක් මත දමා ඇති ෆොටෝ එකක් හෝ වීඩියෝවක් නිසා ඔබගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බැවින් ඔබට එය ෆේස්බුක් එකෙන් ඉවත් කර ගැනීමට ඔබට අවශ්‍යයි නම්, මෙම පෝරමය පුරවන්න. ෆේස්බුක් ආයතනනය ඔබ විසින් වාර්තා කල දෙය පිළිබඳව සමාලෝචනය කර ඔවුනගේ ප්‍රමිතීන්ට අනුකූලව සුදුසු ක්‍රියාමාර්ග ගනු ලබයි.


ඔබට ඔබගේ දරුවාගේ පෞද්ගලිකත්වය උල්ලංඝනය කරන ඡායාරූප හෝ වීඩියෝ වාර්තා කිරීමට මට අවශ්‍යයි නම් ;

ඔබේ දරුවා වයස අවුරුදු 13 නම්: වයස අවුරුදු 13 ට අඩු ඔබේ දරුවාගේ රූපය ඉවත් කිරීමට අවශ්‍ය නම්, කරුණාකර මෙම පෝරම පුරවන්න.

ඔබේ දරුවා වයස අවුරුදු 13 ත් 17 ත් අතර සිටියි නම්: මව්පියන් ලෙස ඔබ ඔබේ දරුවන් ගැන සැලකිලිමත් වුවද, ඔහු හෝ ඇය වයස අවු.13 ට වඩා වැඩි නම්  (ඔබේ දරුවා මානසික/ශාරීරික වශයෙන් දුබලතාවයක නොමැතිනම්) ඔවුනට ඔබගේ දරුවා සම්බන්ධයෙන් කිසිම ක්‍රියාමාර්ගයක් ගැනීමට නොහැකි අතර ඒ සම්බන්ධයෙන් දරුවා විසින්ම අදාල වාර්තා කිරීම සිදුකල යුතුවේ. එවැනි අවස්ථාවකදී ඔබේ දරුවා ඒ සම්බන්ධව දැනුවත් කර තමා සම්බන්ධ තොරතුර ඉවත් කිරීමට ෆේස්බුක් වෙත වාර්තාකිරීම දරුවා ලවාම සිදුකරන්න.  ෆේස්බුක් එකේ  Safety Center වෙත පිවිසීමෙන් ‌ෆේස්බුක් හි දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳ වැඩිදුර තොරතුරු දැන ගත හැකිය.

අසනීප, රෝහල්ගතව හෝ වෙනත් ආකාරයකින් දුබල භාවයකට ලක් වූ කෙනෙකුගේ පුද්ගලිකත්වය උල්ලංඝනය කරන ඡායාරූපයක් හෝ වීඩියෝවක් වාර්තා කරන්නේ කොහොමද?

ඔබේ මිතුරා හෝ පවුලේ සාමාජිකයා ෆේස්බුක් වෙත මෙම පණිවුඩය වාර්තා කිරීමට මානසිකව හෝ ශාරීරිකව අපහසු නම්, ෆේස්බුක් ආයතනය ඔබට සහාය වනු ඇත.

ඔබ මෙම පුද්ගලයාගේ නෛතික භාරකරු හෝ නියෝජිතයා නම්, කරුණාකර මෙම පෝරමය පුරවන්න

‌ෆේස්බුක් ආයතනය ඔබ සපයන තොරතුරු සමාලෝචනය කර, ඒ සම්බන්ධයෙන් ඔවුන්ට අප වෙනුවෙන් ගත හැකි ක්‍රියා මාර්ගය කුමක්දැයි දන්වා සිටියි .

ඔබගේ ෆේස්බුක් ගිණුම පවත්වාගෙන යාමට ඔබගේ මිතුරෙකු හෝ පවුලේ සාමාජිකයෙකු මානසිකව හෝ ශාරීරිකව අසමත් වුවහොත්, එය ඉවත් කිරීමට ඔබට හැකි වනු ඇත.

මූලාශ්‍රය: https://www.facebook.com/help/1561472897490627?helpref=hc_global_nav

Post a Comment

0 Comments