හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබගේ ආදර සබඳතාවය අවසන් විය. ඔබට කල හැක්කේ කුමක්ද?


ඔබේ ආදර සබඳතාව අවසන් වී ඇත්නම්, ෆේස්බුක් එකේ ඔබට කළ හැකි දේවල් කිහිපයක් තිබේ:
ඔබව පෝස්ට් සහ ඡායාරූප සඳහා ටැග් කිරීමට  අනුමැතිය ලබා ගැනීමේ සැකසුම සකස් කරන්න (turn on tag approvals)
ඔබගේ පැරණි සහකරුව අවහිර කිරීම හෝ ෆේස්බුක් මිතුරු කමෙන් ඉවත් කිරීම
ඉන්ස්ටග්රෑම්හි ඔබගේ පැරණි සහකරුව අවහිර කිරීම හෝ අනුගමනයෙන් ඉවත්වීම
සබඳතාවයන් කැඩී යාමෙන් පසු යථා තත්වයට පත් වීමේදී, ඔබේ සංවේදී සිතුවිලි ගැන සැලකිලිමත් වීම ඉතා වැදගත් වේ.
ෆේස්බුක් සමඟ කටයුතු කරන සම්බඳතා විශේෂඥයන් සහ සායනික මනෝ විද්‍යාඥයන් පහත උපදෙස් ලබා දී තිබෙනවා:
සහාය සඳහා ඔබ විශ්වාස කරන අය වෙත ළඟා වන්න.
ඔබ ගැන සැලකිලිමත් වන්න, ඔබට අවශ්‍ය දෙය හඳුනාගන්න හැකිතරම්  විවේක ගන්න.
ශාරීරිකව හා මානසිකව ක්‍රියාකාරීව සිටින්න.
ඔබට නිතරම කිරීමට අවශ්‍ය වූ දෙයක් කිරීමට හෝ මිතුරෙකු සමඟ සිටීමට /ඇවිදින්න යෑමට උත්සාහ කරන්න.
වැඩි විස්තර සඳහා ඇමෙරිකානු මනෝවිද්‍යා සංගමය (American Psychological Association) හෝ Help Guide Organization වෙත පිවිසෙන ලෙස ෆේස්බුක් ආයතනය ඔබට නිර්දේශ කරයි.
ඔබට අනාරක්ෂිත බවක් හෝ හදිසි තත්වයක්  ඇති බව හැඟෙන්නේ නම්, ඔබේ ප්‍රාදේශීය බලධාරීන්(පොලීසිය) අමතන්න. ෆේස්බුක් -හරගා යම් අයෙකු  ඔබට හිරිහැර කරනවා නම්,  ඒවා වාර්තා (report) කරන්න.
ෆේස්බුක් එකේ ආරක්ෂිතව සිටීම ගැන තවත් තොරතුරු දැන ගන්න.

මූලාශ්‍රය: https://www.facebook.com/help/535048496658903?helpref=uf_permalink

Post a Comment

0 Comments