හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබ විසින් යම් ෆේස්බුක් පරිශීලකයෙක් අවහිර කළ පසු, ඒ පුද්ගලයා ගැන කිසිවක් දකින්න පුළුවන්ද?

ඔව්. බ්ලොක් කිරීම මගින් ෆේස්බුක් හි අදාල පරිශීලකයා සමඟ බොහෝ අන්තර් ක්‍රියාකාරීත්වය වළක්වා ගැනීමට ඔබට ඉඩ සැලසේ, නමුත් ඔබ ඔවුන් සමඟ බෙදාගත් ඇතැම් අන්තර්ගතයන්/තොරතුරු තවදුරටත් පවතිනු ඇත :
පහත සඳහන් වන්නේ ඒසේ පැවතියහැකි අන්තර්ගතයන් වේ:
·         පණිවුඩ (messages): ඔබ අවහිර කළ කෙනෙකු -ට යවන ලද පැරණි පණිවුඩ ඔබේ එන ලිපි (inbox) තුල රැඳී තිබේ. අවහිර කරනු ලැබූ පුද්ගලයා, මිතුරන් කණ්ඩායමක් සමඟ සංවාදයකදී ඇතුළත් කර ඇත්නම්, ඔබට තවදුරටත් එම පණිවිඩ දැකීමට හැකි වනු ඇත. ඔබට අනවශ්‍ය සංවාදයකින් ඉවත් වීමට හෝ ඔබ අකැමති සංවාද මකා දැමීම හැකි බව මතක තබාගන්න.

·         අන්‍යෝන්‍ය මිතුරු කථා (mutual friend stories) :  ඔබට අන්‍යෝන්‍ය මිතුරන්(mutual friends) හරහා අවහිර කරන ලද පුද්ගලයා ගැන විස්තර/කතා(friend stories) දැකීමට අවස්ථාවක් තිබේ. උදාහරණයක් ලෙස, ඔබ අවහිර කළ පුද්ගලයා සහිත ඡායාරූපයක් ඔබේ සහ අදාල පුද්ගලයාගේ අන්‍යෝන්‍ය මිතුරෙකු ටැග් කරයි නම්, ඔබේ මිතුරාගේ කාල රේඛාවේ (timeline) මෙම කතාව/අන්තර්ගතය දැක ගත හැක.

·         පින්තූර (photos) : වෙනත් පරිශිලකයන් විසින් එකතු කරන ලද අවහිර කළ පුද්ගලයාගේ ඡායාරූප හෝ ටැග්කිරීමක්  ඔබට දැක ගත හැකිය.

·         කණ්ඩායම් (groups) : ඔබ විසින් අවහිර කළ තැනැත්තාට. ඔබව ෆේස්බුක් සමූහයකට එක් කිරීමට නොහැකි වන නමුත් අවහිර කළ පුද්ගලයා නිර්මාණය කරන ලද හෝ සාමාජිකත්වය දරන සමූහයක්/යන් ඔබට දැකිය හැකි වේ.

·         සිදුවීම්/උත්සව (events) : ඔබ විසින් අවහිර කළ තැනැත්තාට. ඔබට යම් උත්සවයකට/ අවස්ථාවකට ආරාධනා කිරීමට නොහැකි වන නමුත් ඔබට සහ අවහිර කරනු ලැබූ පුද්ගලයාට ආරාධනා කරනු ලබන පොදු උත්සව / අවස්ථා ඔබට දැක ගත හැකිය.

·         ක්‍රීඩා සහ යෙදුම් (games & apps) : ක්‍රීඩා සහ යෙදුම් බාහිර මෘදුකාංග නිර්මාණ කරුවන් හරහා ක්‍රියාත්මක වන බැවින්, ෆේස්බුක් අවහිරකිරීම් (Facebook block)ඒවාට අදාළ නොවේ. එබැවින් ඔබ ක්‍රීඩාවක් කරන විට ඔබ විසින් අවහිර කරන ලද පුද්ගලයන් ඔබට දැක ගත හැකිය (උදාහරණ: ක්‍රීඩාවේ චැට් කාමරය(chat room) තුළ).

මූලාශ්‍රය: https://www.facebook.com/help/116140961805074?helpref=uf_permalink

Post a Comment

0 Comments