හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB12.ඔබේ timelineහි පළකරන තොරතුරු අනෙක් අය දකින්නේ කොහොමද??

 FB12.ඔබේ timelineහි පළකරන තොරතුරු අනෙක් අය දකින්නේ කොහොමද?? (Review what other people see on your timeline. )

















මෙයින් තමයි ඔබේ time line හි පළකරන posts ඔබේ ඔබේ වෙනත් යහළුවකුට (උදා. ආයතන ප්‍රධානියාට) දැකීමට නොහැකි වන සේ සැකසීම සිදුකරන්නේ..


ඔබව tag කර ඇති posts බලන්න පුළුවන් කාටද? සහ අනෙකුත් මිතුරන් විසින් ඔබේ timeline හි පලකරන post බලන්නට පුළුවන් කාටද? (Who can see posts you’ve been tagged in on your timeline? & Who can see what others post on your timeline?)


 මෙම සැකසුම සඳහා විකල්ප කීපයක් ලබාදී තිබෙනවා. එය facebook හි සියළුම සාමාජිකයන් ගේ සිට (Everyone) යහළුවන්ගේ යහළුවන් (Friends of Friends) හෝ ඔබටම විශේෂිත පිරිසකට (custom lists) පමණක් බැලීමට හැකි වන පරිදි ආදී වශයෙන් වෙනස් අවස්ථා ලබාදිය හැකියි.
මෙම සැකසුම සහ මීට ඉහතින් කතා කල ඔබේ අවසරය ඇතිව පළ කිරීම සැකසුම යන අවස්ථා දෙක නිසි පරිදි භාවිතා කිරීම මගින් ඔබට Facebook හි ඔබේ යාවත් කාලීනකිරීම් පිළිබඳ තොරතුරු අනවශ්‍ය (දැන නොගතයුතු)පුද්ගලයන් ගෙන් සුරැකිමට පුළුවන්.

ඔබේ posts වලට වෙනත් අය විසින් සිදුකරන tags, Facebook හි පළවීමට පෙර විමසා බැලීමට සැකසීම.


මේ සැකසුම ඔබේ timeline හි පලවන පින්තූර(photo) පිළිබඳ වඩාත් සැළකිලිමත් වන අයට වැදගත් වෙනවා. මෙම සැකසුම අනුකූල වන්නේ ඔබේ Facebook මිතුරන් විසින් ඔබව පින්තූරයක් සඳහා tag කරන අවස්ථාවන්ටයි. එසේ නොවන විට එනම්  ඔබේ Facebook මිතුරකු නොවන කෙනෙකු විසින් ඔබව tag කරන්නේනම්, ඒ සෑම විටම ඔබට දැනුම් දෙනුලබනවා.  

Post a Comment

0 Comments