හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB15.ඔබ Facebook හි භාවිතා කරන යෙදවුම් වල පෞද්ගලික සැකසුම් වෙනස් කරමු

FB15.ඔබ Facebook හි භාවිතා කරන යෙදවුම් වල පෞද්ගලික සැකසුම් වෙනස් කරමු (Customize your app privacy)


අවහිර කිරීමේ සැකසුම් වලින් පසු App Settings මත ක්ලික් කරන්න. ඒක හරියටම ඔබේ timeline සැකසුම් වෙනස් කරනවා වාගේ නෙවෙයි. බොහෝ යෙදවුම් (apps) ඔබේ තොරතුරු වලට පිවිසෙනවා පමණක් නොවෙයි ඇතැම් විට වෙනත් කෙනෙකු දැනනොගතයුතු ලෙස ඔබ සලකන තොරතුරු පවා එකතුකරනවා විය හැකියි. උදාහරණයක් ලෙස සමහර යෙදවුම් වලින් ඔබ දැනට සිටින ස්ථානය, ඔබේ  timeline හි ඇති post වැනි තොරතුරු ලබා ගන්නවා.

ඔබ භාවිතා කරන යෙදවුම් (Apps you use)

ඔබ භාවිතා කරන යෙදවුම් ලයිස්තුව ලඟම ඇති  Edit මත ක්ලික් කරන්න. ඒ මගින් යම් කිසි යෙදවුමක් (app) භාවිතා කරන බව දක්නට හැක්කේ කාටද?, යන්න සිට යෙදවුම ඉවත් කිරීම දක්වා වූ  සියලුම පාලනයන් ඔබ අතට ගන්න පුලුවන්. ඔබට යම් යෙදවුමකින්(app) ඉවත්වීමට අවශ්‍ය නම් කර්සරය (curser) අදාල යෙදවුම මතට ගෙනගියවට දකුණු පස ඇති X” මත ක්ලික් කරන්න. 

Post a Comment

0 Comments