හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

FB11.ඔබේ timeline හි post කිරීමට හැක්කේ කාටද?

FB11.ඔබේ timeline හි post කිරීමට හැක්කේ කාටද? (Who can post on your timeline?)


















මෙහි සාමාන්‍ය සැකසුම වන්නේ  Friends යන්නයි. ඊට අමතරව තවත් එක් සැකසුමක් ලබා දී තිබෙනවා. එය තමයි ඔබේ timeline හි post පළකල හැක්කේ ඔබට පමණක් වීම. මේ මගින් ඔබේ  timeline හි පලවන තොරතුරු පිළිබඳ වඩා වැඩි පාලනයක් පවත්වාගත හැකි වෙනවා.  


ඔබේ මිතුරෙකු ඔබව පින්තුරයක/ posts එකක tag කලොත් ඔබේ Timeline හි එය පළකිරීමට පෙර ඔබට එය විමසා බැලීමට හැකියි. (Review posts friends tag you in before they appear on your Timeline.)

ඔබ වෙනත් මිතුරකුගේ පින්තූරයක tag වීම පිළිබඳ ව හෝ එසේ  tag වුණු පින්තූරයක් ඔබේ අනෙක් සියළුම මිතුරන්ට දකින්නට හැකි වීම පිළිබඳව සැළකිලිමත් වෙනවා නම්, මේ සැකසුම ඔබටයි. එම සැකසුම සඳහා බලය ලබා දුන් විට ඔබව tag කරනු ලබන ඕනෑම පින්තූරයක් /   post එකක් ඔබේ  timeline හි පළ කිරීමට පෙර ඔබේ අවසරය ලබා ගැනීම අවශ්‍යවෙනවා. ඒත් මෙහිදී මතක තබා ගත යුතු කරුණක් වන්නේ මෙම අවසරය අවශ්‍ය වන්නේ අදාල  post එක ඔබේ  timeline හි පළකිරීමට පමණයි. එය news feed හා වෙනත් ස්ථානවල දක්නට පුළුවන් වෙනවා- ඔබ ඔබවම එම  post එකෙන් un-tag(remove) කර ඉවත් කරන තුරු!  

Post a Comment

0 Comments