හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

අන්තර්ජාලය හොඳයිද ? නරකයිද? (Is Internet good or bad?)

අන්තර්ජාලය හොඳයිද ? නරකයිද?

 අන්තර්ජාලය කියන්නේ බොහොම ප්‍රයෝජනවත් සම්පත් මූලයක්. හැබැයි අන්තර්ජාලයේ  පහසුකම් ගැන නැත්නම් ඒකෙන් ලබාගන්න පුලුවන් ප්‍රයෝජන ගැන නම් නෙවෙයි අපි මේ බ්ලොග් අඩවියේදී කතා කරන්නේ...

අන්තර්ජාලය සහ ඒ ආශ්‍රිතව සිදු කරන සේවාවන් වල හොඳ වගේ ම එහි නරක පැතිත් නැත්තේම නොවෙයි කියන පණිවිඩය මම මුලින්ම ඔයාලට කියන්න ඕන....

සයිබර් අවකාශය හරහා සිදු කෙරෙන තර්ජන, අනවශ්‍ය බලපෑම්, cyber stalk, cyber harassment (හිරිහැර කිරීම්), cyber bulling , blackmail, විශේෂයෙන් ගෑනු ලමයින්ගේ පින්තූර වෙනස් කර පළකිරීම  වගේ  දේවල් පමණක් නොවෙයි මාර්ගගත(අන්තර්ජාලය හරහා කෙරෙන) ලිංගික අපහරණයන් (online sex abuse) පිළිබඳව අපිට තොරතුරු අහන්න දකින්න සිද්ධවෙන්නේ...

පහුගිය අවුරුදු කීපයතුල මෙවැනි සිදුවීම් බහුලව දක්නට ලැබුනා.
මේ නිසා අපි අන්තර්ජාලය පිළිබඳ හොඳ නරක දෙකම දැනගෙන, භාවිතා කරන විට පරෙස්සම් සහිතව අවධානයෙන් සහ නිවැරදි පිළියම් ගැන දැනුමෙන් ඉදිරියට ගියොත් හොඳයි කියන දේ තමයි මට කියන්න තියෙන්නේ...

අන්තර්ජාලය හරහා ඇති වෙන්න පුලුවන් කරදර මොනවාද.. අන්තර්ජාලය හා ආශ්‍රිත සේවා භාවිතා කිරීමේදී අපිව අමාරුවේ වැටෙන අවස්ථා ගැන සහ ඒවායින් බේරෙන්න නැත්නම් කරදරයක් උනාම කළයුතු පිළියම් ගැන හිතවතී හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා....

සයිබර් අවකාශය තුල සිදුවෙන්න පුලුවන්/සිදු කරන්න පුලුවන් අනිසි භාවිතයන්/පීඩාවන්/අනතුරු ගැන විස්තරයක් මීලඟ ලිපියෙන්...


Is Internet good or bad?


Is Internet good or bad?

Basically internet is a very useful pool of resources. But this blog is not going to talk about facilities or benefits of using internet…

From the very beginning I would say that there are both good and bad sides of internet/cyber space.
That is why we hear several incidents of, cyber stalking, cyber harassments, cyber bulling, blackmailing, online threatening, unnecessary chatting, and posting edited images of girls (pornography). Not only that there are incidents of online sex abusing also. There is a increase in these incidents during the past recent years.

So, what do we do? First we should have a good understanding of what are good and bad of internet. Then we should use it knowing how to prevent and tackle them.
This series of posts will talk about how we may get in to trouble while using internet and related services and how to prevent/tackle them.


Next post will be about probable threats and vulnerabilities....

Post a Comment

0 Comments