සයිබර් අවකාශයේ ඔබේ යෙහෙළිය
මෙම ව්‍යාපෘතිය නම්කරනු ලබන්නේ හිතවතී - ඔබේ යෙහෙළිය යන නමින්. 2014 වසරේ
ජනවාරි මස ආරම්භ කරනු ලැබූ මෙම ව්‍යාපෘතිය අන්තර්ජාලය හෝ තොරතරු තාක්ෂණය හේතුවෙන් හිංසනයකට / කරදරයකට ගොදුරු වූවන්
වෙනුවෙන් ආරම්භ කල උපකාරක වැඩසටහකි. මෙම ව්‍යාපෘතිය ආරම්භ කරනු ලැබූවේ ශ්‍රී ලංකා අන්තර්ජාල සමාජය (Internet Society Sri Lanka) සහ ලක්වසම් අධිකාරිය (LK Domain Registry) මූලිකත්වයෙන් එහි සාමාජිකයින් විසිනි. එමෙන්ම ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT), ටෙක්සර්ට් ආයතනය (TechCERT) සහ ශ්‍රී ලංකා පොලීසිය යන ආයතනවල සහයෝගයත්, විවිධ අවස්ථා වලදී ශිෂ්‍ය උපදේශකවරුන්, නීති උපදේශකවරුන් වැනි විවිධ උපදේශකවරුන්ගේ සේවාවන්හි සහයෝගයද මේ ව්‍යාපෘතියට ලැබේ. අතැම් උපදේශකවරුන් තම සේවය ලබාදෙන්නේ ස්වේච්ජාවෙනි.
හිතවතී ව්‍යාපෘතිය
පිලිබඳව හඳුන්වාදීමේදී, එය අරමුණු කරන්නේ අන්තර්ජාලය
භාවිතා කරන විශේෂයෙන්
කාන්තාවන්ට, තරුණියන්ට, යොවුන්
වියේ දරු දැරියන්
හා බාලවයස්කරුවන් අන්තර්ජාලය
සහ එහි සේවාවන්
භාවිතා කිරීමේදී
සිදුවන අපහසුතාවයන්, වැරදි
යොමුකිරීම් , වැරදි
සහගත සහ අනවශ්‍ය
බලපෑම් වැනි සිදුවීම්
පිළිබඳ කතාකරන්න
සහ දැනුවත්
වෙන්න මෙන්ම එවැනි
අවස්ථාවලදී කලයුතු දෑ පිලිබඳව මෙන්ම එවන් අනතුරු වළක්වා ගැනීමට කලයුතු දෑ පිළබඳවද ජනතාවට මඟපෙන්වීමට හිතවතී ව්‍යාපෘතිය
කටයුතුකරනවා.
මෙම ව්‍යාපෘතියෙන් කාන්තාවන් සහ ළමයින් පිළිබඳව මූළික
අවධානය යොමුකළත් එය කාන්තාවන්ට පමණක් සීමාවී නොමැත. වයස්, භාෂා හෝ ගැහැණු / පිරිමි
බේදයකින් තොරව ඕනෑම පුද්ගලයෙකුට මෙම ව්‍යාපෘතියෙන් සහයෝගය / උදව් ගැනීමට හැකියාව
තිබේ. සිංහල, දමිල, ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම මෙම සේවාවන් සැපයේමෙම උපකාරක
සේවාව සඳහා සම්බන්ධවීමට ආකාර කීපයක් පවතී.
පොදු දුරකතන අංකය වන +94 11 421 6062 මෙන්ම ඉලෙක්ට්‍රොනික
තැපැල් ලිපිනය (email
address) – help@hithawathi.lk මගින් ඔබේ ගැටලු
ඉදිරිපත් කළ හැකිය. මීට අමතරව www.hithawathi.lk වෙබ් අඩවිය, https://hithawati.blogspot.com බ්ලොක් අඩවිය සහ www.facebook.com/hithawathi හිතවතී ෆේස්බුක් පිටුව
හරහාත් මේ සම්බන්ධ තොරතුරු, දැනුම සහ මඟපෙන්වීම් ලබා දේ. අන්තර්ජාල සොරකම්,
වංචාවන් පිළිබඳ දැනුමත් ඒවා හඳුනා ගැනීම
සහ ඒවා වාර්තා කිරීමට පවා මාර්ගෝපදේශන වෙබ් අඩවිය හරහා ලබා දේ.
දැනට කාර්යාලයීය වේලාවන් වලදී එනම් සඳුදා සිට සිකුරාදා
දක්වා පෙ.ව. 08.30 සිට ප.ව. 5.00 දක්වා හිතවතී ඇමතීමට හැකියාව පවතී. ඉදිරියේදී එය
පැය 24 X 7 ක සේවයක් ලබාදීමට කටයුතු කරනු ඇත.
අන්තර්ජාලය හෝ තාක්ෂණික භාවිතයන් නිසා ඇතිවූ ගැටළුවක් පවතින අවස්ථාවදී ඔබ කළයුතු දෑ, ගතයුතු පියවර හෝ
ඒ සම්බන්ධව දැනුම් දියයුතු පුද්ගලයන් / ආයතන පිළිබඳව ඔබට නිවැරදි අවබෝධයක් නොමැති
නම් “හිතවතී” සම්බන්ධ කර
ගන්න. ඒ සම්බන්ධයෙන් සහය වීමට මෙම ව්‍යාපෘතියේ සාමාජිකයින් සහයෝගය ලබාදෙනු ඇත.
මෙවැනි ඇතැම් ගැටළු වලදී ශ්‍රී ලංකා පොලීසියේ
පැමිණිල්ලක් සටහන් කිරීමට ලංකාවේ නීතිය අනුව සිදුවෙනවා. එමෙන්ම ඇතැම්විට කාන්තා
ඔබේ ගැටලුවත් පිරිමි සේවා සහයකවරයෙකු සමඟ කතාකිරීමට අපහසු වීමට පුළුවන්. එවිට හිතවතී
උපකාරක සේවයෙන් ඔබට හිතවත් ලබැඳි කාන්තා නිලධාරිනියකගේ සේවය ලබා ගැනීමට හැකියාව තිබේ.
හිතවතී උපකාරක සේවයට අමතරව විශේෂයෙන් තරුණ සහ කාන්තා ප්‍රජා
දැනුවත් කිරීමේ වැඩසටහන් ද ඉදිරියේදි ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
වැඩිදුර විස්තර සඳහා පිවිසෙන්න www.hithawathi.lk
Project Hithawathi
Your Confidante in Cyber Space
This project titles as “Hithawathi-Your Confidante”
which was initially commenced in January 2014.
Hithawathi project is a help desk designed for the victims and
casualties of technology / internet related activities. The project was
initiated by the community members of Internet Society – Sri Lanka Chapter
(ISOC-LK) and LK Domain Registry (LKDR).
It is connected and privileged to get assistance of national level
organizations such as Sri Lanka Computer Emergency Response Team (SLCERT),
TechCERT, Sri Lanka Police and individuals such as students’ counselors, legal
advisors attached to different organizations , members of ISOC-LK and LKDR.
Some of the individuals have been serving voluntarily.
Hithawathi can be described as a supporter, a
listener, a guide, a helper to internet users, especially young girls &
ladies, teenagers and minors… ‘Hithawathi’ educates public recognizing
incidents related to cyber harassment, cyber stalks, black mail incidents,
cyber bulling, etc... . Also ‘Hithawathi’ makes you aware of how to prevent
such incidents and is always there to guide if such situations occur.
Hithawathi project mainly concerns women,
children and those who are victimized or looking for information, however, it
is not limited only for females. Anybody can request help or assistance from
Hithawathi, regardless of their gender, age, language or any other limitations. The guidance is served in all three languages –
Sinhala, Tamil and English.
This helpdesk can be contacted through
different means – Hotline-telephone number +94 11 421 6062, email address – help@hithawathi.lk to make any request or seek assistance / guidance.
Furthermore, it comes up with a website (www.hithawathi.lk), a blog (https://hithawati.blogspot.com) and a Facebook page (www.facebook.com/hithawathi) sharing knowledge, guidelines (of popular
social networking sites), safety tips etc... The website provides guidelines to
be safe from some of the harmful internet frauds, identify them and even report
them.
Currently the hotline is available during
office hours – Monday to Friday from 08.30 am – to 5.00pm. It is hoping to
extend the service 24 X 7 in future.
If you are happened to meet with any cyber
space / internet related issue and you are not able to figure-out what to be done
exactly or to whom to talk, then you may contact Hithawathi. Hithawathi is glad to support you specially directing
you what to be done.
In some of these cases, the victim may have to
make a complaint at the Police yet feeling uncomfortable to discuss some of the
incidents with a male partner. Hithawathi caters for issues of this type
through their helpline, which is handled by well trained and trustworthy female
officers, who are willing to kindly listen to the victim and
guide to the correct path.
In addition to the help desk, Hithawathi
project will be conducting awareness sessions targeting young and female crowd
in the country.
සමාජ මාධ්‍ය