මෙහි එන නම් ගම් සියල්ල මනඃකල්පිතයි..
එය සාමාන්‍ය සාමකාමී සන්ධ්‍යාවක් වූ අතර මළහිරු බැස යන පරිසරයේ නිසංසල බව විඳිමින් තිරූෂා සිටියේ ඇය කැමතිම Spotify ගීත ලැයිස්තුවට සවන් දෙමින්.
එක පාරටම ඇයගේ ටික්ටොක් ගිණුමට මැසේජ්
එකක් ආවා.
(ටිං....අලුත් පණිවුඩයක්)
නොදන්නා
ටික්ටොක් ගිණුම:
ඔයාගේ
නිරුවත් ෆොටො එකක් දාලා හදපු අසභ්‍ය වීඩියෝ එකක් පෝන් (Porn) සයිට් එකක ශෙයා වෙනවා. ඔයාගේ ෆෝන් නම්බර් එකයි, ඊමේල් ඇඩ්‍රස් එකයි
දෙකම එකේ තියෙනවා.
තිරූෂා:
ඔයා මොකක් ගැනද මේ කියන්නේ? මට මුකුත් තේරෙන්නේ නෑ..
නොදන්නා ටික්ටොක් ගිණුම:
අපි ඔයාගේ විස්තර අරගත්තේ ඒ සයිට් එකේ තිබිලා. ඒ විස්තර වලින්
තමයි අපි ඔයාව ටික්ටොක් එකෙන් හොයා ගත්තේ.
(ඇගේ ඊමේල් ලිපිනයේ හා දුරකථන අංකයේ කොටසක් පමණක් පෙනෙන ස්ක්‍රීන්ශොට්
එකක් එවා ඇත. ඉතිරි කොටස් නොපෙනේ.)
තිරූෂා:
මේවා
මගේ විස්තර නේ...... ඒත් ඇයි ඉතුරු ටික පේන්නේ නැත්තේ?
නොදන්නා ටික්ටොක් ගිණුම:
වෙබ්සයිට්
එකේ මෙහෙම තමයි පේන්නේ.
තිරූෂා:
මට ඒ වෙබ්සයිට් එකේ ලින්ක් එක එවන්න. මට ඒක බලන්න ඕන.
නොදන්නා ටික්ටොක් ගිණුම:
මට ලින්ක් එක එවන්න බෑ. අඩුම තරමේ මට ලොග් වෙන්නවත් බෑ. ඒක
පෝන් සයිට් එකක්.
තිරූෂා:
එතකොට මම කොහොමද මේක ඇත්තක්ද කියලා දැනගන්නේ?
නොදන්නා ටික්ටොක් ගිණුම:
ඔයාට ප්‍රශ්න අහ අහා ඉන්න වෙලාවක් නෑ. ඔයා ඉක්මනට මේක විසඳගන්න
මොනාහරි කරන්න ඕන..
තිරූෂා:
මං මොකක්ද කරන්න ඕන?
නොදන්නා ටික්ටොක් ගිණුම:
මට මීට වඩා මුකුත්ම කියන්න බෑ. ඔයා තීරණය කරන්න ඔයා මේකට
මොකක්ද කරන්නේ කියලා.
(නොදන්නා ටික්ටොක් ගිණුම එකවරම අතුරුදහන් විය.)
………………………………………………………………………
(පසුව, වෙනත් ටික්ටොක් ගිණුමකින් නැවත මැසේජ්
එකක් ආවා)
අනෙක් නොදන්නා ටික්ටොක් ගිණුම:
වීඩියෝ එක ඉවත් කරගන්න අපිට උදව් කරන්න පුළුවන්.
තිරූෂා:
ඔයා කවුද?
අනෙක් නොදන්නා ටික්ටොක් ගිණුම:
අපි මේ වගේ ප්‍රශ්න විසඳනවා. හැබැයි ඔයා අපිට සහයෝගය දෙන්න
ඕන.
තිරූෂා:
ඔයාට මොනවද ඕනේ?
අනෙක් නොදන්නා ටික්ටොක් ගිණුම:
රුපියල් ලක්ෂ 6ක් ගෙවලා වීඩියෝ එක අයින් කරගන්නත් පුළුවන් එහෙම
නැත්නම් මේ විදියටම ඔයාගේ නිරුවත් වීඩියෝ එකක් අපිට එවන්න.
තිරූෂා:
ඇයි මම එහෙම කරන්නේ?
අනෙක් නොදන්නා ටික්ටොක් ගිණුම:
අපි මේ වීඩියෝ දෙක සංසන්දනය කරලා බලලා මේකේ ඉන්නේ ඔයා නෙවෙයි
කියලා ඔප්පු වුණොත් අපි වෙබ්සයිට් එකෙන් වීඩියෝ එක ඩිලීට් කරනවා.
තිරූෂා හොඳටම බය වෙලා කල්පනා කර කර ඉද්දී එයාට මතක් වුණා ළඟඳී දැකපු හිතවතී ගේ ටික්ටොක් වීඩියෝ එකක් ගැන. ඒ වීඩියෝ එකේ තිබ්බ කතාවත් තිරූෂා ගේ කතාවට සමානම කතාවක් වුණ නිසාම ඇය හිතවතී සමඟ කතාකරන්න තීරණය කළා. හිතවතී ඇගේ කතාවට උනන්දුවෙන් සවන් දුන්නා වගේම මෙවැනි ෆොටෝ ව්‍යාජ ලෙස නිර්මාණය කරන්න දැන් පහසුවෙන්ම මොබයිල් ඇප් වලිනුත් පුළුවන් කියලා පැහැදිලි කරලා දුන්නා. මෙවැනි දේවල් ගොඩාක් වෙනවා වගේම මේ වගේ දේවල් වලට ඔයා වැරදි නොවන බවත් කිව්වා. හිතවතී ඇයට උපදෙස් දුන්නේ අදාළ වීඩියෝ වල ලින්ක්, මැසේජ් වල ස්ක්‍රීන්ශොට් සාක්ෂි විදියට ළඟ තියාගන්න කියලා. ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට හෝ පොලීසියේ පරිගණක අපරාධ විමර්ශණ අංශයට පැමිණිලි කිරීමට අවශ්‍ය වෙනවා. ඒ වගේම ඇයට මැසේජ් කළ පුද්ගලයාගේ ටික්ටොක් ගිණුම ටික්ටොක් හි වාර්තා (රිපෝට්) කර බ්ලොක් කරන ලෙසත් ඇයට උපදෙස් දුන්නා. මේ වගේ වෙලාවකදී මානසිකව පීඩනකාරී තත්ත්වයක් තියෙනවනම් 1926 ජාතික මානසික සෞඛ්‍ය උපකාරක සේවාව හා සම්බන්ධ වෙන්න පුළුවන් කියලා හිතවතී තිරූෂාව දිරිමත් කළා.
පෙර සූදානම
සැක සහිත මැසේජ් හෝ කෝල් වලට පිළිතුරු දෙන්න එපා.
පිළිතුරු දෙන්න කලින් මොහොතක් හිතන්න.
වංචාකරුවන්ගේ ඉල්ලීම් වලට එකඟ වෙන්න එපා. එවැනි
පුද්ගලයින් සමඟ කතාබහට යන්න එපා. ඔවුන්ව විශ්වාස කරන්න බෑ.
නොදන්නා පුද්ගලයන්ගෙන් ලැබෙන සියලුම මැසේජ්, කෝල් හෝ චැට් වල ස්ක්‍රීන්ෂොට් අරගන්න.
පවුලේ සාමාජිකයෙකු හෝ හිතවතී වගේ විශ්වාසවන්ත
අයෙක් හෝ ආයතනයක් සමඟ
කතා කරන්න. මේ වගේ ගැටලු තනිවම විසඳීමට උත්සාහ කරන්න එපා.
ඔයාගේ
ෆොටෝ, වීඩියෝ හෝ
ඔයාට හානිදායක යමක් අන්තර්ජාලයේ ශෙයා කරලා
තිබුණොත් ඒවා ඉවත් කරගන්න අවශ්‍ය මාර්ගෝපදේශ හෝ සහය ලබාගන්න හිතවතී සමඟ
සම්බන්ධ වන්න.
පැහැදිලි සාක්ෂි (ලින්ක්, ස්ක්‍රීන්ශොට් ආදිය) ළඟ තබාගෙන
අවශ්‍ය වූ විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත
ඉදිරිපත් කළ හැක. ඒවා ලියාපදිංචි තැපෑලෙන් අධ්‍යක්ෂ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, කොළඹ 01 යන ලිපිනයට හෝ dir.ccid@police.gov.lk වෙත ඊමේල් මඟින් යොමු කළ හැක.
ඔයා මානසික පීඩනයෙන්, කලබලයෙන් හෝ දුකෙන් ඉන්නවා නම්, 1926
(විශේෂ මානසික සෞඛ්‍ය උපකාරක සේවාව) හෝ
සුමිත්‍රයෝ සමඟ සම්බන්ධ වන්න.
0 Comments