හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔන්ලයින් උගත් පාඩම

 මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.

2025 මාර්තු මාසේ නිරෝෂා ඔන්ලයින් ළමා මනෝවිද්‍යා පාඨමාලාවක් කරන්න පටන් ගත්තා. මේ පාඨමාලාවේ සැසි 8 ම පැය 20 කින් කරන්න පුලුවන් කියලා තමයි තිබුණේ. එයා මේකට රු. 20,000 ක් ගෙව්වා.

මුලදී ඔක්කොම හොඳට වුණා. නිරෝෂා පළවෙනි සැසි 4 ට සහභාගී වෙලා ආසාවෙන් ඉගෙන ගත්තා. හැබැයි ඊට පස්සේ කිසිම දැනුම් දීමක්, හේතුවක් නැතිව මේ කෝස් එක ඉබේම නැවතුණා.

නිරෝෂා පාඨමාලා සම්බන්ධීකාරකට කතා කරන්න, මැසේජ් දාන්න උත්සාහ කළා. ඔවුන් ප්‍රමාද වී හෝ ආපසු කතා කරයි කියලා හිතුවා. ඒත් කිසිම ප්‍රතිචාරයක් නෑ. ටික වෙලාවක් යනකොට නිරෝෂාට තේරුණා මේකෙ මොකක් හරි ප්‍රශ්නයක් තියනවා කියලා.

නිරෝෂා හිතවතී වෙබ්අඩවියේ live chat එකෙන් උපදෙස් ගත්තා.

ඔවුන් කිව්වේ, මේක අන්තර්ජාල වංචාවක් කියලා. එවැනි සිදුවීම් සම්බන්ධයෙන් නීතිමය පියවර ගත යුතු නිසා පොලීසියටද, CID සයිබර් අපරාධ ඒකකයටද පැමිණිලි කරන්න කියලා හිතවතී මඟ පෙන්නුවා.

දැන් නිරෝෂාට ඕන අනිත් අය මේ වගේ දේවල් වලට අහු නොවෙන්නයි.

අපිට ඉගෙනගන්න පුළුවන් මොනවද?

  • ඕනෑම අන්තර්ජාල පාඨමාලාවකට මුදල් ගෙවීමට පෙර විශ්වාසවන්තද බලන්න. සිසුන්ගේ අත්දැකීම් (testimonials) කියවන්න.
  • මුදල් ගෙවූ රිසිට් පත්, ඊමේල් පණිවිඩ සියල්ල තබාගන්න.
  • පාඨමාලාව නොපවත්වයි කියලා සැකයක් එනවා නම්, නිශ්ශබ්දව ඉන්න එපා – පොලිසියට හෝ CID සයිබර් අපරාධ ඒකකයට පැමිණිලි කරන්න.
  • කිසියම් දෙයක් පිළිබඳව සැකයක් ඇතිවුණොත්, හොඳින් පරීක්ෂා කරලා තීරණය ගන්න.

අන්තර්ජාල වංචාවලින් ගැළවෙමු! අන් අයටත් කියමු.

Post a Comment

0 Comments