හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

අඳුරු වූ සොඳුරු නිර්මාණ

මෙහි එන නම් ගම් මනඃකල්පිතයි.





 ශලින් චිත්‍රපට නිෂ්පාදකයෙක්. එයාගෙ වීඩියෝ නිර්මාණ, සම්මුඛ සාකච්ඡා, සුන්දර දර්ශන වගේම එයා වසර ගාණක් සේවය කරපු ව්‍යාපෘතිවල වැදගත් ලේඛන ඔක්කොම තිබුණේ එයාගෙ ලැප්ටොප් එකේ. මේක තමයි ශලින්ට තිබුණ වටිනම වස්තුව. ‘නිහඬ වීදි’ කියන එයාගේ අලුත්ම චිත්‍රපටියේ එඩිටිං වැඩත් ගොඩාක් දුරට අවසන් කරලා තිබුණේ.

එක දවසක් රෑ ශලින් සමාජ මාධ්‍ය වල විස්තර බල බල ඉන්නකොට එයාටම හරියන ඇඩ් එකක් දැක්කා. චිත්‍රපට නිෂ්පාදනය කරන අයට අවශ්‍ය මෙවලම් නොමිලේ දෙනවා කියලා ඒකෙ තිබුණා. ශලින් ඒ ගැන ‘වැඩිදුර දැනගන්න’ ලින්ක් එක ක්ලික් කරා විතරයි එයාගෙ ස්ක්‍රීන් එක වෙනස් වුණා. ඔක්කොම ෆයිල් ටික නැතිවෙලා පණිවිඩයක් ආවා. ඒක දැකලා ශලින් හොඳටම බය වුණා.

“ඔබේ ෆයිල් ලොක් කර ඇත. ඒවා නැවත ලබා ගැනීමට ඩොලර් 50,000ක් ගෙවන්න.”

ශලින් දන්න හැම දෙයක්ම කළා. වෛරස් ගාඩ් එකෙන් ස්කෑන් කරා, නැතිවුන ෆයිල් නැවත ලබා ගන්න විදි බැලුවා. ඒත් මුකුත් හරි ගියේ නෑ. හැක් කරපු කෙනා ඔක්කොම ලොක් කරලා තිබුණේ.

දවස් ගෙවී ගියා, කප්පම් මුදල (රැන්සම්) ගෙවන්න ඕන දිනය ටිකෙන් ටික ළං වුණා. බලාපොරොත්තු සුන් වූ බවක් දැනුණු ශලින්, උදව් ලබා ගත හැකි ස්ථානයක් අන්තර්ජාලය හරහා සෙවූ අතර හිතවතී වෙබ් අඩවිය සොයා ගන්න පුළුවන් වුණා. වෙබ්අඩවියේ තිබුණ චැට් පහසුකමෙන් ශලින් එයාගෙ ප්‍රශ්නෙ මැසේජ් කරා.

 ශලින් : මට උදව් කරන්න පුළුවන්ද? හැකර් කෙනෙක් මගේ ඔක්කොම ෆයිල් ලොක්             කරලා දැන් මගෙන් සල්ලි ඉල්ලනවා.
 හිතවතී : අපි හිතනවා ඔයා සල්ලි ගෙව්වෙ නෑ කියලා ශලින්
 ශලින් : නෑ, මම ගෙව්වෙ නෑ
 හිතවතී : නොමිලේ අදහාගන්න බැරි විශේෂ දීමනා පොරොන්දු වන ලින්ක් ක්ලික් කරන    එක භයානකයි. ආයෙත් එහෙම කරන්න එපා. මේ ප්‍රශ්නයට ශ්‍රී ලංකා පරිගණක හදිසි          ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) අමතා ඔවුන්ගේ විශේෂ තාක්ෂණික සහය ලබා ගන්න    උත්සාහ කරන්න. ඒ වගේම ඔයා කරන හැම වැඩක්ම බැකප් කරගන්න පුරුදු වෙන්න.

දින ගණනාවකට පස්සෙ ශලින්ට පොඩි බලාපොරොත්තුවක් ඇති වුණා.

ශලින් : බොහොම ස්තූතියි

පූර්වාරක්ෂක ඉඟි:

  • නුහුරු සැක සහිත ලින්ක් ක්ලික් කිරීමෙන් වළකින්න – මූලාශ්‍රය ගැන සොයා බලන්නෙ නැතිව නොමිලේ මෙවලම් හෝ අදහාගත නොහැකි දීමනා පොරොන්දු වන ලින්ක් කිසි විටෙකත් ක්ලික් නොකරන්න.
  • සැමවිටම ඔබේ කාර්යයන් බැකප් කරන්න – වැදගත් ගොනුවල පිටපත් බාහිර ඩ්‍රයිව්ස්වල සේව් කරන්න නැත්නම් cloud storage හි සුරක්ෂිත කරන්න.
  • වෘත්තීය සහාය ලබා ගන්න – ඔබ සයිබර් ප්‍රහාරයකට මුහුණ දෙන්නේ නම්, විශේෂඥ උපදෙස් සඳහා ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (Sri Lanka CERT) සමග සම්බන්ධ වෙන්න.



Post a Comment

0 Comments