අද වන විට බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම ළමයින් සහ තරුණයින්, දිනපතා ජංගම දුරකතන, පරිගණකය, රූපවාහිනිය ආදී තිර / ස්ක්රීන් (screen) මත පැය ගණන් කාලය ගත කිරීමට පුරුදු වී තිබේ. ඔවුන්ට එය ඉතා විනෝදයක් ලබා දුන්නද ඒ නිසා ශරීරයට සහ මනසට ඇතිවන බලපෑම සුලුවට ගත නොහැකිය.
ස්ක්රීන් එක ඉදිරිපිට වැඩිපුර කාලය ගත කිරීමෙන් ඇතිවන ගැටලු
මානසික සෞඛ්යය:
- අසතුටට පත් වීම: ස්ක්රීන් එක ඉදිරිපිට වැඩිපුර කාලයක් ගත කිරීම ඔබව මානසිකව අසතුටට පත් කරයි.
- කාංසාව / පාළුව: වැඩිපුර අන්තර්ජාලය භාවිත කිරීම තුළින් ඔබට ආතතිය සහ කනස්සල්ලක් හෝ තනි වූ හැඟීමක් ඇති විය හැක.
කායික සෞඛ්යය:
- නිදාගැනීමේ ගැටලු: ස්ක්රීන් නිසා නිදාගැනීමේ අපහසුවක් හා අවිවේකී බවක් ඇති වේ.
- ඇස් වල වෙහෙසකාරී බව: ස්ක්රීන් එක දෙස දිගු කාලයක් බලා සිටීමෙන් ඇස් වල වේදනාවක් සහ වියළි බවක් ඇති වේ.
- හිසරදය: ස්ක්රීන් එක මගින් නිකුත්වන ආලෝකය නිසා දිගු කාලීනව හිසරදය ඇති කරයි.
සමාජ සම්බන්ධතාවයන්:
- තනිකම: වැඩිපුර ස්ක්රීන් එක මත කාලය ගත කිරීමෙන් පවුලේ අය සහ මිතුරන් සමඟ කාලය ගත කිරීමට අකමැත්තක් දක්වයි.
- අන්තර්ජාලයේ හිරිහැර: මේ වන විට බොහෝ නව යොවුන් වියේ පසුවන්නන් සයිබර් හිරිහැරයන්ට ලක් වීමේ ප්රවණතාවක් ඇත.
ඔබ ස්ක්රීන් එකට ඇබ්බැහි වෙලාද?
මෙන්න මේ ලක්ෂණ අනතුරුදායක සංඥාවන් වේ.
- ඔබට පරිගණක හෝ දුරකථන භාවිතය අඩු කිරීමට අවශ්ය වුවත් එසේ කළ නොහැකි වීම.
- ඔබ බාහිර (outdoor) ක්රියාකාරකම් වලට හෝ වෙනත් විනෝදාංශ සඳහා වැඩි කැමැත්තක් නොදැක්වීම.
- ඔබට රාත්රියට සුව පහසු ලෙස නින්ද නොයෑම.
- ඔබ පවුලේ අය සහ මිතුරු මිතුරියන් සමඟ ගත කරන කාලය අඩු වීම.
කොහොමද මේ තිරය මත කාලය අඩු කරන්නේ?
වයස අනුව පැනවිය යුතු කාල සීමාවන්:
- ළදරුවන් (මාස 0–6): ස්ක්රීන් භාවිත කිරීමෙන් වැළකිය යුතුය.
- මාස 6–අවු. 2: වීඩියෝ සංවාද සඳහා පමණක් භාවිත කරන්න.
- අවු. 2–5: දිනකට පැයක් ලෙස සීමා කරන්න.
- අවු. 6–18 ළමයින්: දෙමාපියන් විසින් ටීවී, ගේම් සහ සමාජ මාධ්ය සඳහා සීමා පැනවිය යුතුය (දිනකට පැය 2 ට වඩා වැඩි නොවිය යුතුය).
- වැඩිහිටියන්: දිනකට පැය 4 කට සීමා කිරීමට උත්සාහ කරන්න.
තිරය මත කාලය අවම කිරීමට උපක්රම කිහිපයක්
- Screen Time apps භාවිත කරන්න: ඔබේ ස්ක්රීන් භාවිතය ගැන අවධානය යොමු කර එම කාලය අඩු කිරීමට උපකාරී වේ.
- සාමූහික ක්රියාකාරකම්වල යෙදීම: ස්ක්රීන් නොමැතිව කතා කිරීම, එළිමහනේ ක්රීඩා කිරීම, නිසි ලෙස ආහාර ගැනීම ආදී ක්රියාකාරකම්වල යෙදීම.
- වෙනත් විනෝදාත්මක විකල්ප උත්සාහ කරන්න: තිරයක් භාවිත කිරීම වෙනුවට චිත්ර කලාව, ගීත ඇසීම, පොත් කියවීම, නර්තනය වැනි දේ සඳහා යොමු වන්න.
මූලාශ්ර:
0 Comments