හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

මොළේ කන හැකරුන්

                                      

බ්රේන්ජැකිං (Brainjacking) යනු කුමක්ද?

ලොව පුරා සිටින වෛද්‍යවරු විසින් ආබාධිත රෝගීන් සඳහා විශේෂයෙන් පාකින්සන් රෝගය, නිදන්ගත වේදනාව, වෙව්ලීම සහ මාංශ පේශි කැක්කුම ඇති රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී මොළය බද්ධ කිරීමේ සැත්කම් (brain implants) භාවිතා කරයි. බ්රේන්ජැකිං කියන්නේ පුද්ගලයෙකුගේ මොළයේ ඇති මෙම බද්ධ කිරීම් වෙත අනවසරයෙන් පිවිසීම (හැක් කිරීම) මගින් සිදු කරන සයිබර් ප්‍රහාරයකි.


හැකර්වරුන් brainjacking කරන්නෙ කොහොමද?

ස්නායු ශල්‍ය වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් විවිධ උත්තේජක පරාමිතීන් යොදාගෙන මොළයේ විවිධ ප්‍රදේශ ඉලක්ක කර ගෙන රෝගීන්ගේ රෝග ලක්ෂණ අඩු කරමින් මිනිස් මොළය පාලනය කරයි. ඔවුන් ඒ සඳහා රැහැන් රහිත උත්තේජක (wireless stimulators) භාවිත කරයි.

මේ අවස්ථාවෙන් අනිසි ප්‍රයෝජන ගන්නා හැකර්වරු කරන්නේ රෝගීන්ගේ මොළය ඉලක්ක කරගෙන කරදරකාරී ප්‍රහාර එල්ල කර රෝගීන්ගේ ජීවිත තව තවත් අමාරුවේ දැමීමයි


  මිනිසුන්ගේ මනස පාලනයට සහ 

ඔවුන්ගේ මතකයන් නැවත ලිවීමට

Brainjacking මඟින් හැකර්වරුන්ට ඉඩදෙයි


Brainjacking හි අවදානම් මොනවාද?

හැක් කරන ලද මොළයේ බද්ධ කිරීම් මගින්:

• වේදනාව සහ පටක හානි වැඩි වේ

• උත්තේජන අවසන් වේ

• බද්ධ කරන ලද බැටරි වල බලය බැස යයි

• තොරතුරු සොරකම සිදු වේ

• චාලක ක්‍රියාකාරිත්වයට (motor function) හානි ඇති වේ

• ආවේග පාලනයේ වෙනස්කම් ඇති වේ

• අනවශ්‍ය මානසික තත්ත්වයන් හට ගනී

 

Brainjacking වලින් වැළකී සිටින්නේ කෙසේද?

 • මොළය බද්ධ කිරීමේ තාක්ෂණයට අදාළ උපාංග සැලසුම් කිරීමේ මුල් අදියරේදී සයිබර් ආරක්ෂණය ක්‍රියාත්මක කිරීම

• සංකේතනය (Encryption)

• අනන්‍යතාවය සහ ප්‍රවේශ කළමනාකරණය

• මොළය බද්ධ කිරීමේ තාක්ෂණයට අදාළ ආරක්ෂාව පිළිබඳ නිරතුරුව යාවත්කාලීන (අප්ඩේට්) කිරීම

• ශක්තිමත් මුරපද (පාස්වර්ඩ්) භාවිත කිරීම

• පූර්වාරක්ෂාව ගැන වෛද්‍ය වෘත්තිකයන් සහ රෝගීන් දැනුවත් කිරීම


 මූලාශ්‍ර:

https://www.ox.ac.uk/research/brainjacking-%E2%80%93-new-cyber-security-threat

https://www.allerin.com/blog/should-we-be-concerned-about-brainjacking

https://pubmed.ncbi.nlm.nih.gov/27184896/

Post a Comment

0 Comments