ඔබේ පෞද්ගලිකත්වය (privacy)

පුද්ගලිකත්ව පරීක්ෂාව (privacy checkup) භාවිතා කර ෆේස්බුක් හි ඔබ පළ කරන දෑ ඔබට  අවශ්‍ය අය සමඟ පමණක් දැකගැනීමට සැලසීම /බෙදා ගැනීම (share)  සඳහා ඔබගේ සැකසීම් (settings)  සිදුකළ හැකිය. ඔබට අවශ්‍ය අය සමඟ පමණක් ඔබේ තොරතුරු බෙදාගෙන ඇති බවට සහතික කරගැනීම සඳහා, -ඔබේ පැතිකඩ (profile) තොරතුරු සහ ඔබ පළ කරන පෝස්ට් බලන/බැලීමට හැකි පිරිස කවුරුන්ද යන්න  නිරන්තරයෙන් පරීක්ෂා කරන ලෙස ෆේස්බුක් ආයතනය නිර්දේශ කරයි. ඔබගේ පෞද්ගලිකත්ව කෙටිමං (privacy shortcuts) හරහා ඉක්මනින් ඔබගේ පුද්ගලිකත්ව සැකසුම්වලට (privacy settings)  ප්‍රවේශ විය හැක.