හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය +94777711 (කාර්යාල වේලාවන්හි දී)199

හිතවතී වට්ස්ඇප් සහ වයිබර් අංකය (කාර්යාල වේලාවන්හි දී) - 07777 111 99

ඔබගේ ගිණුම විකෘති කර හෝ ඔබගේ අවසරයකින් තොරව කවුරු හරි එය භාවිතා කරයිද?

ඔබගේ ගිණුම විකෘති කර හෝ ඔබගේ අවසරයකින් තොරව කවුරු හරි එය භාවිතා කරයිද?

මඟ පෙන්වන උදව් වෙත පිවිසෙන්න
ෆේස්බුක් මාර්ගෝපදේශන සහාය මෙවලම් භාවිතා කර ඔබගේ ගැටලුව විසඳීම අරඹන්න
ඔබගේ ගිණුම විකෘති කර හෝ අනවසරයෙන් වෙන කෙනෙක් පවරා ගෙන ඇතැයි ඔබ සිතන්නේ නම්, ඔබේ ගිණුම සුරක්ෂිත කිරීම සඳහා මෙම පිටුව වෙත පිවිසිය යුතුය. ඔබගේ මුරපදය වෙනස් කරන ලෙසත් හා මෑතකාලීන පිවිසුම් ක්‍රියාකාරකම් සමාලෝචනය කිරීමටත් (review) ෆේස්බුක් ආයතනය ඔබෙන් ඉල්ලා සිටිනු ඇත.
පහත සඳහන් ලක්ෂණ ඔබට පේන්නට ඇත්නම් ඔබගේ ගිණුම වෙනත් අයෙකු‌ අනවසරයෙන් භාවිතා කර  විකෘති කරනවා විය හැකිය: 
• ඔබගේ ඉ තැපැල් ලිපිනය හෝ මුරපදය වෙනස් වී ඇත
• ඔබගේ නම හෝ උපන් දිනය වෙනස් වී ඇත
• ඔබ නොදන්නා පුද්ගලයින්ට මිතුරු ඉල්ලීම් යවා තිබීම
• ඔබ නොලියු පණිවිඩ (Messages) අන් අයට යෑම
• ඔබ විසින් නිර්මාණය නොකළ පෝස්ට් පළ කර තිබීම
ඔබගේ ගිණුමේ ආරක්ෂිතව තබාගැනීමට ඔබට මෙම මෙවලම් සහ ඉඟි කියවා බලන්න. ඔබගේ ගිණුම අවදානමට ලක් විය හැකි අනිෂ්ට (malicious) මෘදුකාංගවලින් ආරක්ෂා වෙන හැටි ඔබට ඉගෙන ගත හැකිය.
සටහන: ඔබගේ ෆේස්බුක් ගිණුමට සම්බන්ධ ඉ-තැපැල් ලිපිනය වෙනස් වී ඇත්නම්, ඉ-තැපැල් ලිපිනය වෙනස් කරන අවස්ථාවේදී  ඔබට එය වළක්වා ගත හැකිය.  ඉ-මේල් වෙනස් කළ විට, ෆේස්බුක් ආයතනය මඟින් විශේෂ සබැඳියක් (link) සහිත පණිවුඩයක් පෙර ඉ-මේල් ගිණුමට එවනවා. එහිදී එම වෙනස් කිරීම සිදු කලේ ඔබ විසින් නොවේ නම්, ඉ-මේල් වෙනස් කිරීම ආපසු හරවා ගෙන ඔබගේ ගිණුම සුරක්ෂිත කිරීමට එම සබැඳිය (link) ක්ලික් කළ හැකිය.
 

 

Post a Comment

0 Comments